Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
04
ස්විස්-වලින් ආපු දේවගැතිවරයෙක් නිසා යාපනය, COVID 19 මාරක වසංගතයේ ගොදුරක් වූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න

- ස්විස්-වලින් ආපු දේවගැතිවරයෙක් නිසා යාපනය, COVID 19 මාරක වසංගතයේ ගොදුරක් වූ හැටි - සම්පූර්ණ කතාව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,035 Views
"බැතිමතුන් 300කට වඩා සහභාගි වී තිබෙන බව පේනවා."
"මාස හයක අත දරුවන් පවා මේ පූජාවට රැගෙන ඇවිත්.."
ආපසු යන විටත් කොරෝනා කියන්න සාක්කි නැහැ.
 
මහා යුද සමයේදීවත් උතුරේ වැසියන් මෙතරම් බියට පත් වූ බව අප දුටුවේ නැත.
 
එදා කාලතුවක්කු උණ්ඩ, වෙඩි උණ්ඩ, බෝම්බ ප්‍රහාර එල්ල වූ සැණින් කොහේ හෝ බංකරයක් තුළට රිංගා ගත් උතුරේ ජනතාව යළිත් ඒ ක්ෂණයෙන්ම එළියට පැමිණ සිය කටයුතුවල නිරත වූහ.

නමුත් මෙදා කොරෝනා වසංගතය උතුරට පැමිණ ඇත්තේ ඊට වඩා හාත්පසින්ම වෙනස් විධියකිනිි.
 
උතුරු පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ කේතීස්වරන් මහතා සඳහන් කරන ආකාරයට උතුරේ වැසියන්ට කොරෝනා බිය ආයේ පැමිණියේ යාපනයෙනි.
 
"මේ කොරෝනා වයිරසය ලෝකය පුරා ව්‍යාප්ත වන බවට තොරතුරු ලැබුණා. උතුරු පළාතේ විශාල පිරිසක් විදේශ රටවල සිටින නිසාත්, ඔවුන් නිරන්තරයෙන්ම එහා මෙහා යන එන නිසාත් අපි මේ ගැන සැලකිලිමත් වුණා..."
 
නමුත් යාපනයට කොරෝනා භීතිය ආවේ කිසිවකුත් අපේක්ෂා නොකළ අන්දමටයි.
 
"යාපනයේ අරියාලේ පාරේ, ස්විස් දේවස්ථානයට පැමිණ දේව පූජාවක් කළ පියතුමාට කොරෝනා රෝගය වැලඳීමත් සමඟම යාපනයේ තත්ත්වය වෙනස් වුණා. ඒ තත්ත්වය දැන් මුළු උතුරු පළාතටම ප්‍රශ්නයක් වී තිබෙනවා. ඇත්තෙන්ම මාර්තු මාසේ 15 වැනිදා වන විට යාපනයට පමණක් නොවෙයි රටේ බොහෝ ස්ථානවලට කොරෝනා වයිරස් තර්ජනයක් තිබුණේ නැහැ. මේ නිසාම තමයි දේවස්ථානයේ පූජාව පැවැත්වීමට අවසර ලැබිලා තිබුණේ..."
 
"පූජාව පැවැත්වීමේවත් පූජකවරයාගේවත් වැරැද්දක් නැහැ. කොතැනකින් හෝ අතපසුවීමක් සිදුරු වෙන්න පුළුවනි. අපි ඊළගට කළ යුතු වන්නේ ඒ අතපසු වීම නිවැරැදි කර ගැනීමයි..."
 
"මේ පූජාවට බැතිමතුන් 300කට වඩා සහභාගි වී තිබෙන බව ඒ දේවස්ථානයේ සීසීටීවී කැමරාවලින් පේනවා. කුඩා දරුවන් විශාල පිරිසක් ආශීර්වාද කරවාගැනීම සඳහා මේ පූජාවට සහභාගි වෙලා තියෙනවා. මාස හයක අත දරුවන් පවා මේ පූජාවට මවුපියන් රැගෙන විත් තිබෙනවා..."
 
"නමුත් මේ වෙනකොට ඒ පූජාවට සම්බන්ධ වුණු අයගෙන් දෙසීයක්වත් සෞඛ්‍ය නිලධාරීන් හම්බවෙලා තමන් ඒ පූජාවට සහභාගි වුණා කියලා නැහැ. ඒක තමයි බරපතළම ප්‍රශ්නය වෙලා තියෙන්නේ...."
 
"මන්නාරම, වවුනියාව වගේ පළාත්වල ජනතාවත් මේ පූජාවට සහභාගි වී තිබෙනවා. පූජාව පැවැත්වූ පූජකවරයාට කොරෝනා රෝගය වැලඳුණු බව දැනගන්නා විට පූජාවට සහභාගි වුණු සියලුදෙනා නිවෙස්වලට ගොස් අවසානයි. ඔවුන් වෙනත් පළාත්වලට පවා ගොස් තිබෙනවා. මේ නිසා තමයි මේ පිරිස රෝග වාහකයන් වෙයි කියන බිය තිබෙන්නේ..."
 
"මේ නිසා අපි දැන් ආරක්ෂක අංශවල සහයෝගය අරගෙන මුලින්ම කරන්නේ ඒ පූජාවට සහභාගි වූ අය සොයාගෙන යෑමයි. ඒ එක්කම ඔවුන් ආශ්‍රය කළ පිරිස ගැනත් හොයනවා. ඊට අමතරව, යාපනයේ සියලුම දේවස්ථාන, කෝවිල්, පොදු ස්ථාන හැම එකක්ම විසබීජ නිවාරණය කිරීමේ වැඩසටහනකට ලක් කරගෙන යනවා..."
 
"ඇඳිරි නීතිය කාලයේ මේ කටයුතු කිරීම නිසා පලදායීතාව වැඩියි. මේ වන විට යාපනයේ 2000කට වැඩි පිරිසක් විසබීජ නිවාරණය කිරීමේ කටයුතුවලට යොදාගෙන තිබෙනවා. නිවාස පන්සීයකට වඩා විසබීජ නිවාරණය කොට තිබෙනවා..."
 
යාපනයේ සෞඛ්‍ය බලධාරීන්ටත් ආරක්ෂක අංශවලටත් දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇත්තේ මේ දේවස්ථානයේ පැවැති පූජාව නිසාය. මුළු උතුරු පළාතටම නොකඩවා ඇඳිරි නීතිය පැනවීමට තරම් ඒ සිද්ධිය බරපතළ වී තිබේ.
 
ඊට අමතරව, උතුරේ ප්‍රධාන දිස්ත්‍රික්ක පහේ වැසියන්ට වෙනත් පළාතකට යෑමට නොහැකි සේ අතුරු නීති පැනවී ඇත. මාර්ග බාධක යොදා අරියාලේ ස්විස් දේවස්ථානයේ පූජාවට සහභාගි වූවන් සොයන මට්ටමට තත්ත්වය දරුණු වී තිබේ.
 
මේ තරමට ප්‍රබල වූ අරියාලේ දේවස්ථානය කුමක්දැයි සොයන අතරවාරයේ අදාළ මීසමටම අයත් පූජකවරයකු වන සිල්වෙස්ටර් පියතුමා කියා සිටියේ මේ දේවස්ථානය ක්‍රිස්තියානි ආගමේ නිකාය අතරින් ප්‍රබල නිකායකට අයත් බවය.
 
"බොහෝ දෙනා මේ දේවස්ථානය හඳුන්වන්නේ ‘ස්විස් පල්ලිය’ කියලයි. මේ දේවස්ථානයේ පූජාවට පැමිණි පෝල් සත්කුනරාජා පියතුමා සිටින ස්විට්සර්ලන්තයේ ප්‍රධාන පල්ලියේ අතුරු ශාඛාවක් ලෙසටයි මේ පල්ලිය පවත්වාගෙන යන්නේ. මේ සඳහා ස්විස් පල්ලියෙන් හා එහි ආගමික සංවිධාන කිහිපයකින්ම ආධාර ලැබී තිබෙනවා. දැනටත් ආධාර ලැබෙනවා..."
 
"යාපනයේ අරියාලේ පල්ලියේ මේ පූජාව හැමදාකම පැවැත්වෙනවා. මෙවර පූජාවට පැමිණි පෝල් පියතුමාගේ ඥාතීන් පිරිසක් මේ අරියාලේ හා කන්කසන්තුරේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඔහු පූජාව සඳහා එවා තිබුණේත් ස්විට්සර්ලන්තයේ ප්‍රධාන දේවස්ථානයෙනුයි..."
 
"ඔහු පූජාව පැවැත්වීමට පෙර ඔහුගේ ඥාතීන් හමුවීමට ගොස් තිබෙනවා. ආහාර පාන වැඩි කොටසක් ඔහුට පූජා කොට තිබෙන්නේ ඔහුගේ ඥාතීනුයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික පියතුමකු වන මේ පෝල් පියතුමා පූජාවන් පැවැත්වීමට මෙන්ම ආශීර්වාද පූජා පැවැත්වීමටත් ඉතා දක්ෂයි. මේ නිසා ඔහු ජනප්‍රියයි..."
 
"පෝල් පියතුමා ස්විට්සර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට එන විටත්, ඔහු ආපසු යන විටත් ඔහුට කොරෝනා රෝගය වැලඳී තිබුණු බවට සාක්කි නැහැ. ගුවන්තොටුපොළේදී ඔහුට නිකුත් කළ වෛද්‍ය වාර්තාවේත් එසේ සඳහන් වෙනවා. මේ නිසා සමහරු මේ ක්‍රියාවේ වරද පියතුමා පිටත්, දේවස්ථානය පිටත් පටවන්නට උත්සාහ කළත් ඒක වැරදියි..."
 
මේ පෝල් සත්කුනරාජා පියතුමා ස්විට්සර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මාර්තු මස 10 වැනිදා කටුනායක ගුවන්තොටුපොළනි.
 
ඔහු යාපනයට පැමිණෙන අතරවාරයේ අනුරාධපුර මැංගෝ මැංගෝ හෝටලයෙන් පලතුරු යුෂ පානය කොට ඇති අතර ඔහු යාපනය දක්වා පැමිණ ඇත්තේ කුලී රථයකිනි.
 
යාපනයේ අරියාලේ පූජාව පැවැත්වූ දේවස්ථානයේ ඔහු නවාතැන් ගෙන ඇති අතර ඔහුට ආහාරපානාදිය සපයා ඇත්තේ එම පල්ලිය අවට සිටින ඔහුගේ ඥාතීින් හා බැතිමතුන්ය.
 
මාර්තු මස 13දා ඔහු යාපනය, කන්කසන්තුරේ ආදී ප්‍රදේශවල සංචාරය කොට ඇති අතර යාපනයේ බැංකුවකටද කන්කසන්තුරේ වෙළෙඳපොළටද ගොස් ඇත.
 
අරියාලේ දේවස්ථානයේ ඉකුත් 15 වැනිදා පූජාවට අදාළ සීසීටීවී කැමරා පරීක්ෂා කළ ආරක්ෂක අංශවලට හා සෞඛ්‍ය බලධාරීන්ට වාර්තා වී ඇත්තේ එම පූජාවට 300ත් 350ත් අතර පිරිසක් සහභාගි වී සිටි බවය.
 
ඔවුන් යාපනය නාවට්කුලි, මනිපායි, නල්ලූර් වැනි ප්‍රදේශවලින් මෙන්ම වෙනත් පළාත්වලින්ද සහභාගි වී තිබේ.
 
මාර්තු මස 15දා රාත්‍රි ඔහු කුලී රථයකින් ආපසු කොළඹ බලා පැමිණෙමින් සිටියදී කිලිනොච්චිය මුරුකණ්ඩි කෝවිල අසලදී විවේක ගෙන තිබේ.
 
ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ මාර්තු මස 16 වැනිදා වන අතර මුලින්ම ඔහු ඩුබායි ගුවන්තොටුපොළ දක්වා ගොස් අනතුරුව ස්විට්සර්ලන්තය බලා ගොස් ඇත.
 
පූජකවරයා ස්විට්සර්ලන්තයට ගිය පසු කොරෝනා ආසාදිතයකු වී එරට රෝහලකට ඇතුළත් කොට තිබේ.
ස්විට්සර්ලන්තයේ ප්‍රධාන දේවස්ථානයෙන් එම ආරංචිය යාපනයට දැනුම් නොදෙන්නට මේ වන විට මුළු යාපනයේම ජනතාව කොරෝනා ආසාදිතයන් වීමට ඉඩ තිබිණි.
 
දැන් යාපනයට පමණක් නොව උතුරු පළාතටම සිදුව ඇත්තේ පසුගිය කාලයේ පුත්තලම, හලාවත, වෙන්නපුව වැනි පළාත්වලට සිදු වූ අන්දමේ ක්‍රියාවකි. එනම් කොරෝනා රෝගයට අදාළ නිසි පරීක්ෂණවලට ලක් නොවී පුද්ගලයන් තැන් තැන්වල සැඟ වී සිටීමය.
 
යාපනය අරියාලේ දේවස්ථානයේ පූජාවට සහභාගී වූ පුද්ගලයෝ සැග වී සිටිති. ඔවුන් දැන් කොරෝනා වයිරසය ආසාදිත වූවන් සේ සැලකිය හැකිය. ඊට ප්‍රධාන හේතුව වන්නේ දේවස්ථානවල දේව මෙහෙයන්හි ඔවුනොවුන් වැලඳ ගැනීමත් ආශීර්වාද කිරීමේදී ශරීරය ස්පර්ශ කොට ආශීර්වාද කිරීමත්ය.
 
එය එසේ නම් මේ දිනවල කොරෝනා මිනිස් බෝම්බ උතුරේ සෑම ස්ථානයකම සැඟ වී තිබේද?
 
රසාදි චතුරංගි ගමගේ
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top