Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
03
මාරාන්තික කොරෝනා පැය 24 ක් තුළ ස්පාඤ්ඤයේ ජීවිත 932 ක් බිලි ගනියි - ලොවපුරා මරණ 54,000 ඉක්මවයි

- මාරාන්තික කොරෝනා පැය 24 ක් තුළ ස්පාඤ්ඤයේ ජීවිත 932 ක් බිලි ගනියි - ලොවපුරා මරණ 54,000 ඉක්මවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,747 Views
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්, මේ වනවිට පුද්ගල මරණය 54,442 ක් සිදුව තිබෙනවා.
 
අදාළ වෛරසය ආසානයවී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,030,362 ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගත වූ පැය 24 තුළ පමණක් ස්පාඤ්ඤයේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 932 ක්.
 
එමෙන්ම කොවිඩ් 19 ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් අමෙරිකාවෙන් හමුවී තිබීමත් විශේෂත්වයක් වනවා.
 
එරට ආසාදිතයින් 245,380 ක් හදුනාගෙන ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 6,095 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.
 
තවද ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 117,710 ක් ද ඉතාලියෙන් ආසාදිතයින් 115,710 ක් ද හදුනාගෙන ඇති බව සදහන්.
 
කෙසේ වෙතත් අදාළ වෛරසය ආසාදනය වීමෙන් වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉතාලියේ වන අතර එම සංඛ්‍යාව 13,915 ක් වනවා.
 
ස්පාඤ්ඤයේ ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 10,935 ක්.
 
කොරෝනා වෛරසයේ තිඹිරිගෙය වන චීනයේ අද දිනයේදී නව ආසාදිතයින් 31 ක් දෙනෙකු හදුනාගෙන ඇති අතර පුද්ගලහයින් සිව් දෙනෙකු පමණක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
 
මේ අතර ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් 151 දෙනෙකු මේ දක්වා හදුනාගෙන ඇති අතර ඉන් 21 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
 
අදාළ ආසාදිතයින්ගෙන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top