Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
03
කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීමට සමාගම් 35 ක් පෙරමුණේ

- කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීමට සමාගම් 35 ක් පෙරමුණේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,284 Views
කොරෝනා වෛරසය සඳහා එන්නතක් සොයා ගැනීමට ලෝකයේ සමාගම් 35ක් පර්යේෂණවල නිරතව සිටින බව සදහන්.

මෙම එන්නත නිපදවීම සාර්ථක කර ගැනීමට අවශ්‍ය, කොවිඩ් -19 වෛරසයට මූලික වන සාර්ස්-කෝවි -2 හි ජානමය ද්‍රව්‍ය අනුපිළිවෙලට සකස් කිරීම සඳහා චීනය සිය උපරිම දායකත්වය ලබාදෙමින් සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

චීනය එම ජාන අනුක්‍රමය ජනවාරි මස මුලදී එන්නත නිපදවීමට පර්යේෂණයේ නියුතු සමාගම් සමඟ බෙදා ගත් අතර ලොව පුරා පර්යේෂණ කණ්ඩායම්වලට සජීවී වෛරසය වර්ධනය කිරීමට සහ එය මිනිස් සෛල ආක්‍රමණය කර මිනිසුන් රෝගාතුර කරන්නේ කෙසේදැයි අධ්‍යයනය කිරීමට ඉඩ ලබා දී ඇති බවත් සදහන්.

ලෝකයට තර්ජනයක් වන මීළඟ බෝවන රෝගය කිරීටක වෛරසයක් මගින් සිදුවනු ඇතැයි කිසිවෙකුට අනාවැකි කිව නොහැකි වුවද - උණ සාමාන්‍යයෙන් විශාලතම වසංගත අවදානමක් ලෙස සැලකේ. කොරෝනා වෛරසය මඟින් මෑතකදී වසංගත දෙකක් ඇති වී තිබේ. එම වසංගත නම් 2002- 2004 කාලයේදී චීනයේ ඇති වූ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (සාස්) සහ 2012 දී සෞදි අරාබියේ ආරම්භ වූ මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (මර්ස්)ය. මෙම අවස්ථා දෙකෙහිම එන්නත එන්නතක් නිපදවීමේ කටයුතු ආරම්භ වී පසුව අත්හිටුවා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

සියලුම එන්නත් එකම මූලධර්මය අනුව ක්‍රියාත්මක වන අතර එන්නතක් මඟින් සිදුවන්නේ රෝගකාරක වෛරසය එන්නත් ස්වරූපයෙන් සහ අඩු මාත්‍රාවකින් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතුළු වී රෝග කාරකයට ප්‍රතිදේහ නිපදවීමට පද්ධතිය පොළඹවා ගැනීමට උදව් වීම බවත් පෙන්වා දෙයි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top