Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
03
ඊයේ මහ රෑ, ඇඳිරි නීතියත් කඩමින් ධාවනය කළ මෝටර් රථයේ සිටි සිව් දෙනාගේ තොරතුරු එළියට - Video

- ඊයේ මහ රෑ, ඇඳිරි නීතියත් කඩමින් ධාවනය කළ මෝටර් රථයේ සිටි සිව් දෙනාගේ තොරතුරු එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,641 Views
රියදුරු සහ තුවාල ලැබූ තිදෙනා අත්අඩංගුවට...
 
එගොඩඋයන ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයේ සිටි පුද්ගලයන් 3 දෙනෙකු පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
 
මොරටුව - එගොඩඋයන - මෝදර අලුත්පාලම අසළ දිස්ත්‍රික් මායිම් මාර්ග බාධකයේදී ඇඳිරි නීතිය උල්ලංගණය කරමින් ඊයේ රාත්‍රී 10.20ට පමණ ධාවනය කළ මෙම මෝටර් රථය නවත්වන ලෙස පොලීසිය සංඥා කර ඇති බව සඳහන්.

එහිදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයට මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
 
අලූත්පාලමට අනෙක් පස පිහිටා ඇති පානදුර - දකුණ පොලිස් ස්ථානයේ මාර්ග බාධක නිලධාරීන් ද එය නතර කිරීමට සංඥා කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
 
එහෙත් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා.
 
පසුව පානදුර රෝහල අසළ නවතා තිබූ මෝටර් රථය සොයාගෙන ඇති අතර, එහි ගමන් ගත් සිව් දෙනෙකුගෙන් තුන් දෙනෙකු තුවාල ලබා සිටීම හේතුවෙන් රෝහල් ගත කෙරුණා.
 
පසුව එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
 
ඔහු වයස අවුරුදු 19ක් වන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
 
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු සහ තුවාල ලැබූ තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඔවුන් පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේ.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top