Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
03
මහත්තයාට 93යි, නෝනාට 88යි! දෙන්නටම දියවැඩියාව, අධිරුධිර පීඩනය! - හැමෝම පුදුම කරමින් කොරෝනා පැරදූ ඉන්දීය යුවළ - Photos

- මහත්තයාට 93යි, නෝනාට 88යි! දෙන්නටම දියවැඩියාව, අධිරුධිර පීඩනය! - හැමෝම පුදුම කරමින් කොරෝනා පැරදූ ඉන්දීය යුවළ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,381 Views
ශ්වසන රෝග හා හෘද රෝග ඇති අයට අවදානම වැඩියි...
මේ යුවළ සිටියේ ඉතා අවදානම් තත්ත්වයක...
රෝහල්ගත කර සිටියදී සැමියාට පපුවේ අමාරුවක් හැදුණා...
 
COVID 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රුධිර පීඩනයෙන් හා දියවැඩියාවෙන් පෙළෙන අවුරුදු 93ක් වයසැති සැමියෙකු හා 88 හැවිරිදි බිරිඳක් සම්පූර්ණයෙන් සුවය ලැබූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
 
තෝමස් හා මරියාමා නම් මෙම යුවළ කොවිඩ් 19 ආසාදිතයින් වී ඇත්තේ පසුගිය පෙබරවාරියේ ඉතාලියේ සිට ආ ඔවුන්ගේ පුත්‍රයාගෙනුයි. පුත්‍රයා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ අයකු බව ද සඳහන්.

යුවළ දීර්ඝ කාලයක් තිස්සේ අධිරුධිර පීඩනයෙන් පීඩා විඳින බවත්, ඒ සඳහා ඖෂධ ලබා ගන්නා බවත් වෛද්‍යවරුන් පැහැදිලි කර තිබෙනවා.
 
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසු යුවළ ඇතුළත් කර ඇත්තේ කොට්ටායම් වෛද්‍ය විද්‍යාලයට යි.

රෝහලට ඇතුළත් කළ පළමු සතියේ දෙදෙනාගේ රෝගී තත්ත්වය උත්සන්නව ඇති අතර කෘතිම ශ්වසන ලබා දීමටත්, නිව්මෝනියා තත්ත්වය මඟ හරවා ගැනීමට ඖෂධ ලබා දීමත් සිදු කර තිබෙනවා.
 
එම අවස්ථාවේදී 93 හැවිරිදි තෝමස් හෘදයාබාධායකට ද ලක් වූ බව සඳහන්.
 
රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය මහත් කැපවීමෙන් යුවළට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් අතර, දෙවැනි සතිය වෙද්දි ඔවුන්ගේ රෝගී තත්ත්වය පහව ගිය බව ද වාර්තා වනවා.
 
"කොරෝනා වෛරසයෙන් වැඩිහිටියන්ට එල්ල වන බලපෑම වැඩියි. විශේෂයෙන් බෝ නෙවන රෝග වන දියවැඩියාව, අධිරුධිර පීඩනය, ශ්වසන රෝග හා හෘද රෝග ඇති අයට අවදානම වැඩියි. මේ යුවළ සිටියේ ඉතා අවදානම් තත්ත්වයක. රෝහල්ගත කර සිටියදී සැමියාට පපුවේ අමාරුවක් හැදුණා. ඒත් ඔවුන් දෙදෙනා සම්පූර්ණ සුවය ලැබුවා..." යැයි කේරළෆය් සෞඛ්‍ය ඇමති කේ. කේ. ෂායිල්ජා මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.
 
හදිසි ප්‍රතිකාර ඒකකයේ වෙන් වෙන්ව කාමර දෙකක රඳවා තැබුණු යුවළ තෙවැනි සතියේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කිරීමටත් දෙදෙනාට එකිනෙකා හමුවී කතා බහ කිරීමට අවස්ථාව ලබාදීමටත් වෛද්‍යවරු කටයුතු කළා.
 
මේ වන විට වැඩිහිටි යුවළට සහය දැක්වූ හෙදියන් 25 දෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වැළඳී ඇති බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
 
දින 21ක කාලයක් සඳහා ලොක්ඩවුන් කරනු ලැබ ඉන්දියාවෙන් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් 2000කට වැඩි පිරිසක් හමුවී තිබෙනවා.
 
එයින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 1762ක් පමණයි. ඉන්දියාවේ වාර්තා වන මරණ සංඛ්‍යාව 58ක්.
 
මේ අතර ඉතාලියේ වයස අවුරුදු 101 ක් වයසැති තැනැත්තෙකු ද සම්පූර්ණයෙන් සුවය ලැබූ පුවතක් පසුගියදා වාර්තා වුණා.
 
"මිස්ටර් -පී " නමින් හඳුන්වා දී ඇති 10 අවුරුදු වියේ පසුවන ඉතාලි ජාතික කොරෝනා වයිරසය ආසාදිත වූ තැනැත්තා එම වයිරසය ශරීරගතව ඇති බව තහවුරු වීමෙන් පසු වයඹ දිග ඉතාලියේ "රිම්නි " නගරයේ රෝහලකට ඇතුළත් කර ඇත්තේ ඉකුත් සතියේදී වන අතර ඔහු ඉතා කෙටි කලකදී ප්‍රතිකාර හරහා සුවය ලබා ඇති බව වාර්තා වනවා.
 
(ලංකාදීප පුවත්පත.)

MrElderly Kerala Couple Wins Fight against Coronavirus even as State ...
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top