Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
02
COVID -19 පාලනයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් යෝජනා 07 ක් - Video & Photo

- COVID -19 පාලනයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් යෝජනා 07 ක් - Video & PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,476 Views
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගත යුතු ක්‍රමවේද, යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (01) දින සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසුනා.

මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් ප්‍රධාන වශයෙන්ම යෝජනා 07 ක් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එම ඉදිරිපත් කරන ලද යෝජනා මෙසේයි.

01.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන සියලු දෙනා COVID -19 රෝගීන් දැයි තහවුරු වන තෙක් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ප්‍රතිකාර සේවාවන් සිදු කිරීම.

02. කොරෝනා වෛරසය පිළිබද සිදුකරන පර්යේෂණ සහ නිර්ණායක පුළුල් කිරීම.

04.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සදහා ප්‍රතිකාර ගැනීමට රෝහල්වලට පැමිණෙන රෝගීන් විශේෂිත වාට්ටුවල ප්‍රතිකාර ලබා දීම.

05. COVID -19 ප්‍රතිකාර සේවාවන් සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදෙන පුද්ගල ආරක්ෂිත උපකරණ ඇගළුම් වැනි දෑ රෝහල්වලට නිසි ක්‍රමවේදයට ලබාදීම.

06. කොරෝනා වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ජිවිත රක්ෂණ ක්‍රමයක් සකස් කිරීම.

07. සායනික ප්‍රතිකාර සිදු කිරීමේ දී විශේෂඥ උපදෙස් ලබාගැනීම

මෙම යෝජනා අතුරින් කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇගයීමක් ලෙස ජිවිත රක්ෂණ ක්‍රමයක් සකස් කරන යෝජනාව ඉතාම කාලෝචිත යෝජනාවක් බවටත්, එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබදව එම සංගමයට සෞඛ්‍ය අමාත්‍යවරිය ස්තූතිය පළ කර තිබෙනවා.

අනෙකුත් යෝජනා ද කාලෝචිත යෝජනා බැවින් ඒ පිළිබද විශේෂ අවධානය යොමු කර කටයුතු කරන බවත්, කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වල වෙනම කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ඇය පවසා තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top