Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
02
ගෙවුණු දින 22ක් තුළ මෙරටින් COVID 19 රෝගීන් වාර්තා වූ හැටි මෙන්න - වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් - Video

- ගෙවුණු දින 22ක් තුළ මෙරටින් COVID 19 රෝගීන් වාර්තා වූ හැටි මෙන්න - වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,985 Views
විශාල පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කරයි..
පුත්තලමින් රෝගීන් 25ක්, කළුතරින් 24ක්...
රෝගීන් 126ක් රෝහල් වල ප්‍රතිකාර ලබයි..
 
කොවිඩ් 19 වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අද දිනය තුල මෙරටින් හඳුනා ගැණුනා. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 150ක්.
 
මේ අතර කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින් ඇසුරු කළ විශාල පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

කොවිඩ් 19 ආසාදිත පළමු පුද්ගලයා පසුගිය මාර්තු මස 11 වැනිදා වාර්තාවීමෙන් අනතුරුව ගෙවුනු දින 22ක කාලය තුළ කොඩිව් 19 රෝගීන් මෙරටින් වාර්තා වූයේ මේ ආකාරයෙන්.
 
වසංගත රෝග විද්‍යා අංශය අද පෙරවරු 10ට නිකුත් කළ වාර්තාවට අනුව මේ වන විටත් වැඩිම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 33ක්.
 
පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 25ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 24ක් වාර්තාවනවා.
 
ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 13කින් මේවන විට රෝගීන් වාර්තාවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
 
අද හඳුනාගැණුනු රෝගීන් අතරින් දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදනය වී ඊයේ ජීවිතක්ෂයට පත්වූ මරදාන ප්‍රදේශයේ පුද්ගලයාගේ බෑණා සහ මුණුබුරෙකු බව අනාවරණ වී තිබෙනවා.
 
ජීවිතක්ෂයට පත්වූ පුද්ලයාගේ බෑණා විදේශීය සංචාරකයින් සඳහා මගපෙන්වන්නෙකු බවයි වාර්තාවන්නේ.
 
මේ අතර අද හමුවූ අනෙක් ආසාදිතයින් දෙදෙනා කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ ස්විස් දේව ගැතිවරයා යාපනයේ පැවැත්වූ යාඥාවට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙක්.
 
මේ අතර කොවිඩ් 19 ආසාදනයා වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් තිදෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
 
කොවිඩ් 19 ආසාදිත බවට ඊයේ තහවුරුවූ යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ද ස්විස් දේවගැතිවරයාගේ යාඥාවට සහභාගි වී ඇති අතර, ඔහු අදාළ ස්විස් ගැතිවරයාගේ නිකායට සම්බන්ධ මෙරට ප්‍රධානියා ලෙස කටයුතු කරනවා.
 
ඒ අනුව වෛරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය සමස්ත රෝගීන් සංඛ්‍යාව 21 ක්.
 
කොවිඩ් 19 ආසාදිතව මේවන විට රෝගීන් 126 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා.
 
කොවිඩ් 19 බවට සැක සහිතව රෝහල් 30ක ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 251යි.
 
මේ අතර සිංගප්පූරුවේ රැකියා වීසා මත රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට නොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
 
අදාළ පුද්ගලයින් තිදෙනාම පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් අවරුදු 33, 37 සහ 44 යන වයස්වල පසුවනවා.
 
කැකුණුගොල්ල ප්‍රදේශයේ කාන්තාවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී ඊයේ රාත්‍රී අංගොඩ - ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළත් කළා.
 
ඒ අනුව ඇය පදිංචිව සිටි කුරුණෑගල - කැකුණුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් සියලු දෙනාට සිය නිවෙස්වලම නිරෝධායනය වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
 
කොවිඩ් 19 වෛරසය ආසාදන වූ එකම පවුලේ පුද්ගලයින් 5 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් බණ්ඩාරගම - අටුළුගම හුදෙකළා කිරීමට පියවර ගෙන මේවන විට දින 6ක් ගතවනවා.
 
ඒ අනුව එම ගම්මානයට ඇතුළු වීමට හෝ පිටවීමට කිසිඳු පුද්ගලයෙකුට අවස්ථාව නොලැලෙන අතර අත්‍යාවශ්‍ය සේවා සඳහා ගම්මානයට ඇතුළුවන සහ පිටවන රථවාහන විශබීජහරණය කෙරුණේ මේ ආකාරයෙන්.
 
රාජකාරී කටයුතු සඳහා අටුළුගම ප්‍රදේශයේ රැඳී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ නිලධාරීන් ද විශේෂිත ආරක්ෂක ක්‍රමවේද භාවිත කරන ආකාරය දැකගත හැකි වුණා.
 
කොඩිව් 19 ආසාදිතයෙකු හමුවීමත් සමඟ අකුරණ නගරය හුදෙකළා කර මේ වන විට දින 5ක් ගතවන අතර එම ප්‍රදේශයේ ජනතාවට අත්‍යාවශ්‍ය ආහර ද්‍රව්‍ය නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් දියත් කළා.
 
කොවිඩ් 19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය තුළ ජනතාව කොටස් 4කට වෙන් කර නිරෝධායනය කිරීම සඳහා පියවර ගෙන තිබෙනවා.
 
ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛදළු නිලධාරී කොට්ඨාස මට්ටමින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ අය සමීපව ඇසුරු කළ පුද්ගලයින්, විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින්, නිරෝධායන මධ්‍යස්ථාවල සිට පැමිණි පුද්ගලයින් සහ පිට පළාත්වල සිට පැමිණි පුද්ගලයින් වෙන වෙනම ලැයිස්තුගත කිරීම සිදු කෙරෙනවා.
 
මේ අතර කොවිඩ් 19 වෛරසය පාලනයට සහ මැඩපැවැත්වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරි‍ය වෙත යෝජනා 07ක් ඉදිරිපත් කර තිබෙනවා.
 
01 කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන සියලුදෙනා කොවිඩ් 19 රෝගීන් දැයි තහවුරුවන තෙක් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රතිකාර සේවාවන් සිදු කිරීම.
02 කොරෝනා වෛරසය පිළිබඳ සිදුකරන පර්යේෂණ සහ නිර්නායක පුළුල් කිරීම.
03 කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල්වලට පැමිණෙන රෝගීන්ට විශේෂිත වාට්ටුවල ප්‍රතිකාර ලබාදීම.
04 කොවිඩ් 19 ප්‍රතිතාර සේවාවන් සිදුකරනසෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා ලබාදෙන ප්‍රද්ගල ආරක්ෂිත උපකරණ ඇඟළුම් වැනි දෑ රෝහල්වලට නිසි ක්‍රමවේදයට ලබාදීම.
05 කොරෝනා වෛරසය ආසාදිතයන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ජීවිත රක්ෂණ ක්‍රමයක් සකස් කිරීම.
06 සායනික ප්‍රතිකාර සිදු කිරීමේදී විශේෂඥ උපදෙස් ලබාගැනීම
අදාළ යෝජනායි.
 
මේ අතර පසුගිය මාර්තු 11 වැනිදා ඉන්දියාවේ සිට පැමිණ හැටන් - පොඩයිස් වතුයායේ යාඥා මධ්‍යස්ථානයක යාඥා දේව මෙහෙයක් පැවැත්වූ දේව ගැතිවරයෙකු සහ ඊට සහභාගී වූ පවුල් 5ක සාමාජිකයින් 20 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.
 
මීට අමතරව අවට වතුනිවාස කිහිපයක පිරිස් ද මෙම යාඥා දේව මෙහෙයට සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර එම පිරිස ද නිරෝධායනයට යො කෙරණ බව බගවන්තලාව ප්‍රදේශීය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.
 
කොඩිව් 19 වෛරසය පැතිරයාමේ දැඩි අවදානම් සහිත පුත්තලම සහ කොළඹ සිට පැමිණ තලවකැලේ - හේමචන්ද්‍ර මාවතේ සැඟව සිටි පුද්ගයින් දෙදෙනෙකු ඔවුන් රැඳී සිටි නිවසේ ම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැණුනා.
 
එලෙස පැමිණ සැඟව සිටින තවත් පිරිසක් සම්බන්ධයෙන් මේවන විට තොරතුරු අනාවරණ කරගනිමින් සිටන බව තලවකැලේ - ලිඳුල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්මාල ද සිල්වා මහතා සඳහන් කළා.
 
මේ අතර කළුතර බණ්ඩාරගම ප්‍ර දේශයේ පදිංචිකරුවන් 48 දෙනෙකු මඩකලපුව - පනිචංකර්නි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යෙමු කෙරුණේ ඊයේ පස්වරුවේයි.
 
වවුනියාව - කට්කුලි ප්‍රදේශයේ 56 හැවිරිදි කාන්තාවක් දින ගණනාවක් පැවැති උණ රෝගී තත්තවයක් හේතුවෙන් වවුනියාව රෝහලට ඊයේ ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
අදාළ කාන්තාවගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර කොවිඩ් 19 පරීක්ෂණයක් සඳහා ද යොමු කිරීමට නියමිතයි.
 
එහි වාර්තාව ලැබෙන තුරු මියගිය කාන්තාවගේ සිරුර වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
 
මේ අතර මත්තේගොඩ නිවාස සංකීර්ණයේදී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණ වී තිබෙනවා.
 
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණු අතර එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෘදයාබාධයකින් බවටයි.
 
කෙසේවෙතත් පුද්ගලයෙකු මියයාමෙන් පසු කෙරෙන කොවිඩ් 19 පරීක්ෂණයේ ප්‍රතිඵල 100%ක්ම සාර්ථක නොවීමේ සම්භාවිතාවක් පැවතීම හේතුවෙන් ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොවිඩ් ආසාදිතයෙකු ජීවිතක්ෂයට පත්වූ පසු සිදු කෙරෙන ආකාරයෙන්ම සිදු කෙරුණා.
 
ඔහුගේ පවුලේ සාමාජිකයන් ද දින 14 ක කාලයක් ස්වයං නිරෝධානයනයට යොමුකර තිබෙනවා.
 
පසුගිය 20 වැනිදා මාලදිවයිනේ සිට මෙරටට පැමිණ තිබූ අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඔහුගේ දේහය මුද්‍රා තබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කළ අතර කොවිඩ් 19 ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ශරීර කොටස් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කෙරුණා.
 
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වෙනුවෙන් දෑත් පිරිසිදු කාරක දියර නිෂ්පාදනය කරන අතර, හිරු ටී.වී. සමඟ ද අත්වැල් බැඳ ගනිමින් පිරිසිදු කාරක දියර තොගයක් අද හිරු ප්‍රවෘත්ති අංශය වෙත ලබා දුන්නා.
 
සරසවි ඉන්ඩස්ට්‍රීස් ආයතනය, පොලිස් දෙපාර්තමේන්තුවට මුව ආවරණ 500ක් නිෂ්පාදනය කිරීම මේ දිනවල සිදුකෙරනවා.
 
ඉන් මුව ආවරණ 1000ක් හිරු ප්‍රවෘත්ති අංශය වෙල තබාදීම අද සිදුවුණා.
 
මේ අතර රජයේ ඉල්ලීම මත දිවයිනේ සියලු විහාරස්ථානවල මහානුභාව සම්පන්න රතන සූත්‍රය දේශනා කිරීම ඊයේ පස්වරුවේ සිදුවුණේ මේ ආකාරයෙන්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top