Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
02
COVID 19, ඇමරිකාව ගිල ගනී - පැය 24ක් තුළ මරණ 900ත් පන්නයි - වෛරසය නිසා ඉන්දියාවත් අවුල් ජාලයක - මෙන්න අලුත්ම තත්ත්වය - Video

- COVID 19, ඇමරිකාව ගිල ගනී - පැය 24ක් තුළ මරණ 900ත් පන්නයි - වෛරසය නිසා ඉන්දියාවත් අවුල් ජාලයක - මෙන්න අලුත්ම තත්ත්වය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,911 Views
මියගිය පිරිස මේ වනවිට 48,289ක්...
ඇමරිකාවේ ආසාදිත පිරිස 215,344 යි..
ඉතාලියේ මරණ 13,155ක් දක්වා ඉහළට !
 
කොවිඩ් 19 ආසාදනයවීමෙන් ලොවපුරා මියගිය පිරිස මේ වනවිට 48,289ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොවපුරා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව නවලක්ෂ 45,638ක්..
 
වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මුව ආවරණ පැළඳීම ප්‍රවර්ධනය කළ යුතුද යන්න පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා.
 

කොවිඩ් 19 ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව 215,344ක්.
 
ආසාදිතයන් ලක්ෂ දෙකේ සීමාව පසුකල පළමු රට ඇමරිකාවයි.
 
ගතවූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව මරණ 900කට වැඩි ප්‍රමාණයක් වාර්තාවීමත් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව ද 5112 දක්වා ඉහළ ගියා.
 
ඇමරිකාවේ කනේටිකට් ප්‍රාන්තයේ සති 6ක බිළිඳෙකු කොවිඩ් 19 ආසාදනයවීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
මේ අතර, වෛද්‍ය උපකරණ රැගත් රුසියානු ගුවන් යානයක් නිව්යෝක් නුවර වෙත ළඟා වූ අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සදහන් කළේ, කොවිඩ් 19 මර්ධනය සඳහා රුසියාව සහ ඇමරිකාව එක්ව කටයුතු කරන බවයි.
 
යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වූ ඉතාලියෙන් ආසාදිතයන් 110,574ක් වාර්තා වන අතර, මරණ 13,155ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
 
වෛරසය ආසාදනයවීමෙන් එරට වෛද්‍යවරු 66 දෙනෙකු ද මේ වනවිට මරණයට පත්ව ඇති බව වාර්තා වනවා.
 
ආසාදිතයන් 104,118ක් වාර්තා වන ස්පාඤ්ඤයේ සිදුවූ පුද්ගල මරණ ගණන 9387 ක්.
 
වෛරසයේ ව්‍යාප්තිය ඇරඹී චීනයෙන් ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 35 දෙනෙකු හමුවූ නමුත් ඔවුන් සියලුදෙනා විසේ රටවල සිට වෛරසය ආසාදනය වී පැමිණි පුද්ගලයන් බව එරට බලධාරීන් සඳහන් කළා.
 
අසල්වැසි ඉන්දියාවෙන් කොවිඩ් 19 ආසාදිතයන් 2032ක් වාර්තා වන අතර, පුද්ගල මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඉන්දියාවේ තබිලිසි ජමාතේ ඉස්ලාම් සංවිධානයන පසුගියදා සංවිධානය කළ ආගමික වැඩසටහනකට සහභාගි වූ පුද්ගලයන් 378 දෙනෙකු වෛරසයට ගොදුරු වී තිබෙනවා.
 
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
 
ඒ අනුව, අදාළ ආගමික වැඩසටහනට සහභාගි වූ 9000කට ආසන්න පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති ඉන්දීය බලධාරීන් නවදිල්ලි නුවර පිහිටි තබිලිසි ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ප්‍රධාන කාර්යාලය මුද්‍රා තැබීමට පියවර ගත්තා.
 
එම වැඩසටහන මෙහෙය වූ මව්ලවිවරයා ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මේ අතර, උත්තර් ප්‍රදේශයේ ඇඳිරිනීති කඩ කළ පුද්ගලයන් පලවා හැරීමට ගිය පොලිස් නිලධාරීන්ට ප්‍රදේශවාසීන් ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.
 
ඉන්දියාවේ ඇඳිරිනීති කඩ කරන්නන් දැනුවත් කිරීමට ඇතැම් පොලිස් නිලධාරීන් පියවර ගත්තා.
 
වෛරසයේ අවදානම නොතකමින් ඇතැම් පිරිස් පුද්ගලයන් අතර තිබිය යුතු අවම දුර ද නොතකමින් රැස්වන අයුරු දැකගත හැකිවුණා.
 
කොලොම්බියාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් මෙලෙස විරෝධතාවයක නිරත වුනේ ඇදිරිනීතිය හේතුවෙන් මාසික වේතනය නිසි ලෙස ලබා ගැනීමට නොහැකිව වූ බව පවසමින්.
 
මේ අතර, වෛරසය මැඩලීමට ගෙන ඇති පියවරයන් අනුගමනය නොකරන පුද්ගලයන්ට ආරක්ෂක අංශ මගින් වෙඩි තැබුව ද තමන් පුදුමයට පත් නොවන බව පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ දූතැර්ති පවසනවා.
 
මේ අතර, ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍ය 71 හැවිරිදි ලිට්ස් මාන් හා ඔහුගේ බිරිඳට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ සමීපතමයෙකු ද වෛරසයට ගොදුරුවීම හේතුවෙන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා ස්වයං නිරෝධායනයකට යොමු වීමට පියවර ගත්තා.
 
මේ අතර, සෝමාලියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන නූර් හසන් හුසේන් කොරෝනා ආසාදනය වී බ්‍රිතාන්‍යයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා.
 
වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් පවසන්නේ ආරක්ෂාවීම සඳහා ලබාදී ඇති උපදෙස් සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවයි.
 
මේ වනවිට මුඛ ආවරණ භාවිතයට ගැනීම සම්බන්ධයෙන් සමාජයේ කතා බහක් ඇති වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ රෝගීන් සහ ඔවුන් රැකබලා ගන්නන් සඳහා මුඛ ආවරණ භාවිතායට ගැනීම සුදුසුයි කියලා.
 
මේ අතර, කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී රෝහල් ගතව සිටින බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෛරසයේ ස්වභාවය සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කළා.
 
"මේ ව්‍යවසනයට මම මුහුණ දෙන්නේ සති 3ක විතර ඉඳලා. මට කොවිඩ් 19 ආසාදනය වී තිබෙන බවට දැනගත් පසු මාගේ රුධිර පීඩනය වගේම ශරීර උෂ්ණත්වයත් වෛද්‍ය කණ්ඩායම් නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක් කළා.
 
මම මෙම වෛරසයෙන් ගොඩක් බැඩකෑවා. ඔබ සියලුදෙනාටම මට ලබාදෙන්න තියන පණිවිඩය තමයි නිරෝධායනය තරයේ පිළිපැද සෞඛ්‍ය අංශ සඳහා සහය වෙන්න. ප්‍රතිශක්තීකරණය නිරන්තරයෙන් පවත්වා ගන්නා..."
 
මේ අතර, කොවිඩ් 19 ආසාදිතයෙකු රෝග ලක්ෂණ පෙන්වීමට දින 3කට පෙර තවත් පුද්ගලයෙකුට වෛරසය ආසාදනයවිය හැකි බව ඇමරිකානු වසංගත පාලන හා වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය කළ නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
 
කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ලොව පැරණිතම ටෙනිස් තරගාවලිය ලෙස සැලකෙන විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය මේ වසරේදී අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.
 
ලබන ජුනි 29වන දා සිට ජුලි 12වන දා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරදී තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබු අතර මෙලෙස විම්බල්ඩන් තරගාවලිය අවලංගු කළේ දෙවන ලෝක යුද සමයෙන් අනතුරුව වීමත් සුවිශේෂී සිදුවීමක්.
 
ඒ අනුව වසර 75කට පසුව මෙම තරගාවලිය අවලංගු කළ පළමු අවස්ථාව මෙය ලෙසට ඉතිහාසයට එක් වනවා.
 
විම්බල්ඩන් තරගාවලියේ 134 වන දිගහැරුම ලබන වසරේ ජුනි මස 28 වනදා සිට ජුලි මස 11 වන දා දක්වා පැවැත්වෙනු ඇති.
 
මේ අතර ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වෙන නිව්යෝර්ක්හී ජාතික ටෙනිස් මධ්‍යස්ථානය කොවිඩ් 19 අසාධිතයන් වෙනුවෙන් ඇදන් 350කින් යුත් තාවකාලික රෝහලක් බවට පත් කර තිබෙනවා.
 
සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මේවනවිට වැඩිම බලපෑමක් එල්ලවී ඇති රට බවට පත්ව තිබෙන්නේ ද ඇමරිකාවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top