Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
02
කොරෝනා රෝගියෙකු මියගිය, මරදානේ නිවාස සංකීර්ණයේ 400 ක් නිරෝධායනයට - බෑනාට සහ මුණුපුරාටත් ආසාදනය වෙයි - හිටපු ඇමති රිෂාඩ් මුහුණු පොතේ තැබූ සටහන මෙන්න - Video

- කොරෝනා රෝගියෙකු මියගිය, මරදානේ නිවාස සංකීර්ණයේ 400 ක් නිරෝධායනයට - බෑනාට සහ මුණුපුරාටත් ආසාදනය වෙයි - හිටපු ඇමති රිෂාඩ් මුහුණු පොතේ තැබූ සටහන මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

75 Views
"කිසිදු සැකයක් කවුරුත් ඇතිකරගන්න ඕනි නෑ.."
බෑනා සහ දියණිය පරීක්ෂණ සඳහා යොමු කළා..
ඉදිරියේදී නීති කැඩුවොත් වැඩ වරදී...

කොවිඩ් 19 ආසාදනය වී ඊයේ රාත්‍රී මියගිය මරදාන ප්‍රදේශයේ පුද්ගලයාගේ දේහය අද දහවල් ආදාහනය කෙරුණා. එම මරණයත් සමඟ මෙරටින් වාර්තාවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 3 ක්.

මේ අතර ඔහු ජීවත් වූ මරදාන ප්‍රදේශයේ පුද්ගලයින් 400 ක් පමණ නිරෝධායනයට යොමුකර තිබෙනවා.

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන තිබුණා.
 
ඒ අතරින් එක් අයෙකු වූයේ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙක්.
 
මෙම පුද්ගලයා කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු කරගැනීමත් සමඟ ඔහුගේ සමීප ඥාතීන් රෝග පරීක්ෂාව සඳහා ඊයේ රාත්‍රියේම රැගෙන ගියා.
 
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ රෝගියා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට කොවිඩ් 19 ආසාදිතයෙකු බවට ඊයේ තහවුරු කරගෙන තිබූ බවයි.
 
ඒ අනුව ඔහු IDH රෝහලට මාරු කරන අවස්ථාවේම මියගොස් තිබෙනවා.
 
ඔහු රෝහල් ගත වී ඇත්තේ රෝගය උත්සන්නවීමෙන් පසුව බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
 
එම රෝගියා දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපනවීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළී සිටි අයෙකු බව සඳහන්.
 
මේ අතර මීට දින 10 කට පමණ පෙර මෙම රෝගියා ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර පසුගිය 20 වැනිදා නාගරික බෙහෙත් ශාලාව වෙතත්, ඉන් අනතුරුව පසුගිය 31 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව ඇති බවත් සෞඛය අංශ සඳහන් කළා.
 
මේ අතර මියගිය පුද්ගලයාගේ දේහය ආදාහන කටයුතු සඳහා සූදානම් කර තිබුණේ කොටිකාවත්ත, මුල්ලේරියාව, උඩුමුල්ල පොදු සුසාන භූමියේදී.
 
ඒ බව සැළවූ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකුට විරෝධය පළ කළා.
පසුව ඔවුන් සුසානභූමියට ඇතුළුවන ගේට්ටුවද වසා දැමුවා.
 
මේ අතර කොළඹ, ටොරින්ටන් මාවතේ පිහිටි ජාවත්ත, ජුම්මා මස්ජිද් මුස්ලිම් දේවස්ථාන භූමියේ පිහිටි සුසාන භූමියේ බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් වළක් කණින බවට කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
 
පොලිසිය සඳහන් කළේ මෘත දේහයක් රැගෙන පැමිණියහොත් වළ දැමීම සඳහා සූදානමින් අදාළ වළ කැපූ බවට එහි බලධාරීන් සඳහන් කළ බවයි.
 
කෙසේ වෙතත් පසුව ඔවුන් විසින්ම එය වසා දැමීමට පියවර ගෙන තිබුණා.
 
මේ අතර මියගිය පුද්ගලයාගේ දේහය අවසන් කටයුතු සඳහා IDH රෝහලෙන් පිටතට රැගෙන ආවේ අද දහවල් 12 ට පමණ.
 
එය රැගෙන එනු ලැබුවේ කොටිකාවත්ත, මුල්ලේරියාව, උඩුමුල්ල පොදු සුසාන භූමිය වෙතයි.
 
එම අවස්ථාවේදීද ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු රැස්ව සිටි අතර එහිදී සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අදාළ ස්ථානයේ සිදුවන ක්‍රියාමාර්ගය පිළිබඳ මෙවැනි පැහැදිලි කිරීමක් සිදුකළා.
 
දේහය ආදාහනය කිරීමේ අවස්ථාවට මියගිය පුද්ගලයාගේ පුත්‍රයා සහ තවත් සමීප ඥාතීන් දෙදෙනෙකු සහභාගී වී සිටියා.
 
එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විමසා සිටියේ දේහය ආදාහනය කිරීමට අකමැත්තක් ඇත්ද යන්නයි.
 
අනතුරුව දැඩි ආරක්ෂිත ක්‍රමවේද යටතේ දේහය ආදාහන කෙරුණා.
 
මේ අතර මියගිය පුද්ගලයා වාසය කළ මරදාන, ඉමාමුල් අරූස් මාවතේ පිහිටි නිවාස සංකීර්ණයේ අවදානම් ලෙස හඳුනාගත් කොටසකට ඇතුළුවීම සහ පිටවීම තහනම් කර තිබෙනවා.
 
මැද කොළඹ ප්‍රදේශය භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධම්මික අධිකාරීවත්තගේ මහතා පැවසුවේ මියගිය පුද්ගලයා සමඟ සමීප සබඳතා පැවැත්වූ පවුල්වල පුද්ගලයින් නිරෝධායනයට පියවර ගෙන ඇති බවයි.
 
ඒ අනුව ඔවුන් අදාළ නිරෝධායන මධ්‍යස්ථාන වෙත බස්රථවලින් රැගෙන ගියා.
 
මේ අතර මියගිය පුද්ගලයාගේ පුත්‍රයා වාසය කළ වැල්ලම්පිටිය වෙළේවත්ත ප්‍රදේශයේ පවුල් දෙකක 12 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් පුනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.
 
මේ අතර මියගිය තැනැත්තා සැරිසරා ඇති ස්ථාන සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා.
 
මේ අතර මියගිය පුද්ගලයා ප්‍රතිකාර සඳහා පළමුව ඇතුළත් වූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
 
මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ අදාළ පුද්ගලයාගේ දේහය භූමදාන කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් 19 මරණ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ මාර්ගෝපදේශයන් සම්බන්ධයෙන්ද ඔහු එහි උපුටා දක්වා තිබුණා.
 
මේ අතර සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය යළි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
 
එමගින් දක්වා තිබුණේ කොවිඩ් 19 සැකසහිත හෝ හඳුනාගත් රෝගීන් සම්බන්ධ අවස්ථානුකූල සායනික ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ගෝපදේශ පසුගිය 31 වැනිදා සංශෝධනය කර දේහයන් ආදාහනය සඳහා බලධාරීන් ගත් තීරණය පිළිබඳ තම සංවිධානය කළකිරීමට පත්වන බවයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය පවා භූමදාන කටයුතු සඳහා අවසර දී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
 
කෙසේ වෙතත් පවතින බැරෑරුම් තත්ත්වය යටතේ දේහයක් බලහත්කාරයෙන් ආදාහනය කළහොත් එය පවක් සේ නොසලකන ලෙසත් සංයමයෙන් කටයුතු කරන ලෙසත් එම සංවිධානය සිය ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
 
ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය මේ අවස්ථාවේ හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් සිටින්නේ පවතින ව්‍යසනය පිටුදැකීම සඳහා බවයි.
 
ඒ අනුව ප්‍රජාවක් ලෙස එකාවන්ව ඊට සහය දීමට බැඳී සිටිනවා සේම වගකීමක්ද පවතින බව සමස්ත ලංකා ජමියීයතුල් උලමා සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
 
එසේම ඔවුන් සියලු මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම රෝග තත්ත්වය පිළිබඳ කිසියම් හෝ ලක්ෂණයක් පවතින්නේ නම් වහාම සෞඛ්‍ය අංශ වෙත වාර්තා කරන ලෙසයි.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top