Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
02
"ඩොක්ටර් මට ටිකක් උණ වගේ. හුස්ම ගන්නත් ටිකක් අමාරුයි..!" - කාටත් නොකියා මහ රෑම අන්තිම ගමන ගිය, දෙවැනි කොරෝනා රෝගීයාගේ, කවුරුත් නොදන්න විස්තරේ මෙන්න

- "ඩොක්ටර් මට ටිකක් උණ වගේ. හුස්ම ගන්නත් ටිකක් අමාරුයි..!" - කාටත් නොකියා මහ රෑම අන්තිම ගමන ගිය, දෙවැනි කොරෝනා රෝගීයාගේ, කවුරුත් නොදන්න විස්තරේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55,129 Views
"මගේ දෙඅත් ඒ සිදුරු දෙකෙන් එළියට දමන්න....,"
"මගේ වස්තුව මහ මගට විසිකර දමන්න.."
 
මධ්‍යම රාත්‍රි 12.00ට මිනිසෙක් මිහිදන් කළ පුවතක් අප මීට පෙර අසා නැත. නමුත් කොරෝනා (කොවිඩ් 19) නමැති අතිශය දරුණු වයිරසයක් හමුවේ මධ්‍යම රාත්‍රි 12.00ටත් මිනිසුන් මිහිදන් කරන තැනට රට පත්ව ගොසිනි.

මහ රෑ මෙලෙස මිහිදන් කළේ වෙන කිසිවෙක් නොව මීගමුව කොච්චිකඩේ, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිව සිටි හැට හතර හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මෙම ව්‍යාපාරිකයාට කොරෝනා (කොවිඩ් 19) වයිරසය ශරීරගත වූ හැටි ඔහුවත් දැන සිටියේ නැත. නමුත් ඔහු ඉකුත් මාර්තු මස 07 වැනිදා යාපනයට ගියේ මංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහාය.
 
ඒ වන විටත් මොහුට කොරෝනා වයිරසය ශරීරගත වී තිබී ඇත. යාපනයේ පැවැති මංගල්‍ය උත්සවය සඳහා එකසිය විස්සක් පමණ සහභාගි වී සිට ඇත.
 
ඔවුන් සමඟ මෙකී කොරෝනා රෝගියා මොන තරම් සමීපව ඇසුරු කළාද යන්න පිළිබඳව කිසිවකු දන්නේ නැත. යාපනයට ගිය මෙකී ව්‍යාපාරිකයා යාපනයේ ප්‍රදේශ රැසක සංචාරය කරමින් තවත් පිරිස් සමඟ කතාබස් කොට ඇත.
 
මේ වනවිට ආරක්ෂක අංශ, සෞඛ්‍ය බලධාරීන් විසින් හෙළි කරගෙන ඇති තොරතුරුවලට අනුව මෙකී කොරෝනා වයිරස ආසාදිත පුද්ගලයා සමඟ ඇසුරු කළ පිරිස එකසිය පනහකට වැඩිය.
 
ඒ පිරිස සොයා දැන් මහ මෙහෙයුමක් ද අරඹා ඇත. එම එකසිය පනස්දෙනා අතුරින් හය දෙනකු දැනට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන අතර තවත් අයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි රෝහල් අධ්‍යක්‍ෂවරයා කියා සිටී.
 
දැන් මෙකී ව්‍යාපාරිකයා මළවුන් අතරය. නමුත් ඔහු හා ඇසුරු කළ පිරිසක් දැන් දෙලොවක් අතරය.
 
මෙකී ව්‍යාපාරිකයා මාර්තු මස 07 වැනිදා යාපනයට ගොස් ආපිට මීගමුවට පැමිණ ඇත්තේ මාර්තු මස 09 වැනිදාය. එසේ පැමිණි ඔහුට උණ වැලඳී ඇත. උණට අමතරව ශ්වසන ආබාධයක්ද මතුව තිබේ.
 
ඒ අනුව මාර්තු මස 25 වැනිදා මොහු වැල්ලවීදිය ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ගොඩවැදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත.
 
“ඩොක්ටර් මට ටිකක් උණ වගේ. හුස්ම ගන්නත් ටිකක් අපහසුයි. පසුගිය දින කිහිපයේ යාපනයේ ගිහින් ආවේ. ඒ තෙහෙට්ටුවට තමයි උණ ගැනුණේ.” වෛද්‍යවරයා හමුවේ ඔහු කීවේ ඒ ටිකයි.
 
උණ සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් පෙති කිහිපයක් ලබාගත් ව්‍යාපාරිකයා පිටව ගියේ යම්කිසි ආකාරයකින් සිත සැහැල්ලු කර ගනිමිනි.
 
නමුත් උණ හා ශ්වසන රෝග ලක්ෂණ ඒ බෙහෙත් පෙතිවලට අඩු වී ගියේ නැත. යළිත් වැල්ලවීදියේ පෙරියමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ගිය ඔහු යළි ප්‍රතිකාර ගත්තේ රෝග ලක්ෂණ මඳක් සඟවමිනි. බාහිර රෝගී අංශයෙන් ගත් ප්‍රතිකාරද සාර්ථක වූයේ නැත.
 
අන්තිමට තත්ත්වය උත්සන්නව ගියේ නොසිතූ ලෙසිනි. ව්‍යාපාරිකයාගේ ඥාතීන් එක්ව ඔහුව මීගමුව, දිස්ත්‍රික් රෝහලට ගෙන ගියේ ඊට පසුවය.
 
මොන තරම් මුදල් තිබුණත් මොන තරම් බලපුළුවන්කාරයෙක් වුවත් අන්තිමට යා යුත්තේ රජයේ රෝහලකටය. මේ ව්‍යාපාරිකයාත් මොන තරම් අකමැති වුවත් අන්තිමට මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළු වූයේ වෙන කරන්නට දෙයක් නැති තැනය.
 
මට පපුවේ අමාරුව, හුස්ම ගන්න අමාරුයි රෝගියා වෛද්‍යවරු හමුවේ එලෙස කීවේ රෝග ලක්ෂණ ප්‍රමාණයක් සඟවා ගැනීමේ අරමුණින්ද නැද්ද යන්න පැහැදිලි නැත.
 
නමුත් මොහුට තිබූ රෝගය වෙනකක් නොව කෙරෝනා වයිරසය ශරීරගතවී තිබීමයි.
 
නොසැලකිල්ල තරම් තවත් කිල්ලක් ලොව නැත. මොහුගේ හා පවුලේ උදවියගේ නොසැලකිල්ල නිසා විශාල පිරිසකගේ ජීවිත අනතුරකට පෙරළී ගොසිනි.
 
පළමු පිරිස යාපනයේ මංගල සාදයට සහභාගි වූ පිරිසයි. ඊට පසුව මොහු සමඟ යාපනයට ගිය වාහනයේ සිටි පිරිස හා ඥාතීන්ය. යාපනයේ දින දෙක තුනක් සිටි ඔහු සංචාරය කළ ප්‍රදේශවල පිරිසද අනතුරකය.
 
ඊට අමතරව පෙරියමුල්ල ජයරත්න පාරේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා එහි සේවිකාවන් තිදෙනකු ද සිටිති. ඔවුන්ව දැන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
 
ඊට අමතරව වැල්ලවීදිය පෙරියමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලේ වෛද්‍යවරු රෝහල් කාර්යමණ්ඩලයේ 21 දෙනෙක්ද නිරෝධායනයට යොමු කර ඇත.
 
තවත් පිරිසක් වයික්කාල හෝටලයකට ඇතුළු කර නිරෝධායනයට යොමු කර ඇත.
 
මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙකී ව්‍යාපාරිකයා මිය ගියේය. මේ වයිරසය අතිශය භයානකය. මොන තරම්ද යත් වයිරසය ශරීරගත වූවකුගෙන් සිය දහස් ගණනකට මේ වයිරසය බෝවිය හැකිය.
 
වයිරසය දින තුනක් යනතුරු නිරුපද්‍රිතව සුමට තලයක තිබෙන බව ඔප්පු වී ඇත. වයිරස නසන්නට ඔසු නැත. ව්‍යාපාරිකයාගේ වටිනා ජීවිතය මෙලෙස අවාසනාවන්ත ඉරණමකට වැටෙද්දී තවත් සිය ගණනකගේ පපු ගැහෙන්නට පටන්ගෙන ඇත. ඔවුන් දෙලොවක් අතරය.
 
හොඳම දෙය වන්නේ වහාම ඔහු සමඟ ඇසුරු කළ පිරිස ස්වයං තීරණයක් ගෙන නිරෝධායනය සඳහා අදාළ අංශ වෙත ඉදිරිපත්වීම පමණකි.
 
මියගිය ව්‍යාපාරිකයාගේ අවසන් කටයුතු මීගමුව පොදු සුසාන භූමියේදී සිදු කළේ මධ්‍යම රාත්‍රි 12.00ට පමණය. ඥාතීන් කිසිවකු සිටියේ නැත. පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මොහුගේ අවසාන කටයුතු කළේ මිනිස් ජීවිතයක සැබෑ වටිනාකම මෙය යැයි ගම්‍ය කරමිනි.
 
මිල මුදල් හිතවතුන්, ධනවතුන්, බලපුළුවන්කාරයන් කොතෙකුත් සිටියත් අවසානයේ දී ඒ සියල්ල මිනී පෙට්ටියට එහා යන්නේ නැති බවට සහතික වූ මෙම මරණ වැනි මරණ පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් මුළු ලොවම හඬවමින් සිදු වී ඇත.
 
ලොවම දිග්විජය කළ මහා ඇලෙක්සැන්ඩර් කී වදනක් සිහියට නැඟේ. කොරෝනා වයිරසය හමුවේ ඒ වදන යළි පැවසීමේ වරදක් නැත. ඔහු කීවේ මේ ටිකය.
 
“මගෙ දෙණෙහි සිදුරු දෙකක් බිඳ මාගේ දෙඅත් ඒ සිදුරු දෙකෙන් එළියට දමන්න. මන්දයත් මහා ඇලෙක්සැන්ඩර් වුවත් මා අවසන් ගමන් යන්නේ හිස් අතින් බව ලෝකයාට දැක ගැනීම පිණිසය. මහා වස්තුවක් හිමි මාගේ වස්තුව මහ මඟට විසිකර දමන්න. වස්තුව සොහොනින් එහාට ගෙන යා නොහැකිය."
 
ශිරාන් රණසිංහ
මව්බිම පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top