කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට, පුද්ගලයින් 48,311 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ වෛරසය මේ වනවිට පුද්ගලයින් 950,708 කෙනෙකුට ආසාදනයවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග මේ වනවිට බොහෝ රටවල් ප්‍රමාණයක් Lockdown කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
මේ වනවිට ඉන්දියාව ද දින 21 ක කාලයක් සදහා Lockdown කිරීමටයි කටයුතු කළේ.
එම කාලය තුළ නිවසේ සිටින ජනතාවට සෞඛ්‍ය සම්පන්නව සිටීමට දිරිමත් කිරීමට තමන් යෝගා අභ්‍යාසවල නිතර වන ආකාරයේ විඩියෝවක් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා නිකුත් කර තිබෙනවා.
ඔහුගේ ට්විටර් ගිණුමෙහි අදාළ විඩියෝ පටය එක් කර තිබු බවයි එරට මාධ්‍ය වාර්තා කියා සිටියේ.
මෝදීගේ එම ක්‍රියාව අමෙරිකානු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරියක වන ඉවන්කා ට්‍රම්ප්ගේ ප්‍රශංසාවට ද ලක්ව ඇති බව සදහන්.
මේ වනවිට ඉන්දියාව තුළ කොරෝන් ආසාදිතයින් 2032 දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 58 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.