Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
02
අදත් රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව - Video

- අදත් රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

560 Views
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද, සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක “රට වෙනුවෙන් හිරු” සහන යාත්‍රා ක්‍රියාන්විතය අද දිස්ත්‍රික්ක 4 ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වනවා.

පන්සලේ, පල්ලියේ, කෝවිලේ, පුදබිමේ වැඩ සිටින අති පූජනීය මහා සංඝරත්නය ප්‍රධාන පූජකවරුන්ගේත්, ළමා නිවාසවල රැඳී සිටින දූ දරුවන්ගේත්, වැඩිහිටි නිවාසවල තනි වූ වැඩිහිටියන්ගේත් ඕනෑ එපාකම් සපුරාලීම වෙනුවෙන් මෙවර හිරු පෙරමුණ ගෙන සිටිනවා.

වියලි ආහාර ද්‍රව්‍ය රැගත් රථ පෙළ අද දිනයේ කොළඹ, ගම්පහ, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක බලා පිටත්ව යනවා.

මේ අතර, කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා හිරු මාධ්‍ය ජාලයේ සන් එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාව නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සරණක් නොමැතිව තනි වූ වැඩිහිටියන් සිටින වැඩිහිටි නිවාස විෂබීජහරණය කිරීමේ පළමු අදියර ඊයේ වැල්ලවත්ත - බ්‍රෝහියර් අනුස්මරණ වැඩිහිටි නිවාසයේත්, ග්‍රෑන්ඩ්පාස් - දයාවේ නිවස වැඩිහිටි නිවාසයේත් ක්‍රියාත්මක වුණා.

මෙම සම්පූර්ණ ක්‍රියාවලියම වෘත්තීමය සේවාවන් සපයන පුද්ගලයන් යොදාගෙන නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

මෙම සේවාව ඔබගේ වැඩිහිටි නිවාසයේත් ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය නම් 077 355 98 89 දුරකතන අංකයට ඇමතුමක් ලබාදිය හැකියි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top