කූරගල ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක ස්ථාපිත කරන බව සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ පාර්ශව කිහිපයක් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
මේ අතර කූරගල පුරාවිද්‍යා භූමියේ පිහිටි මෙම පල්ලිය ඉවත් කරන ලෙස ඉල්ලමින් පසුගියදා සිංහල රාවය සංවිධානයේ පිරිසක් විරෝධතාවක ද නිරතවුණා.
පසුව පොලීසිය විසින් ජල ප්‍රහාරයක්ද එල්ල කර එම පිරිස විසුරුවීමටයි පියවර ගෙන තිබුණේ.
මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදුකරමින් පවතිනවා. ඓතිහාසික වැදගත්කමකින් යුත් කූරගල ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදුවන්නේ නිවැරදි ක්‍රමවේදයකට අනුව බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ.