නුවරඑළිය සිට බදුල්ල බන්ධනාගාරය දක්වා දක්වා ධාවනය වු බන්ධනාගාර බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් බන්ධනාගාර නිලධාරින් හයදෙනෙකු නුවරඑළිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පවසනවා.
(31) දින පස්වරු 5.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල උද්භිද උද්‍යානය අසල මහ වංගුව ප්‍රදේශයේදියි.
අනතුරෙන් බන්ධනාගාර නිලධාරිනියන් තිදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා බවත් සදහන්.
බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ රැදිවියන් කිසිවෙකු බස් රථය තුල නොසිට ඇති බවත්, මාර්ගයෙන් ඉවතට පැන ඇති බස් රථය නිවසක් මතට පෙරලිමෙන් අනතුරුව එම නිවසටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය සදහන් කරයි.
බස් රථය නිවස මතට පෙරලෙන අවස්ථාවේ නිවස තුල සිටි අය බිය වි නිවසින් පිටතට දිවගොස් අනතුරෙන් බේරි ඇති බවත්, අනතුරෙන් බන්ධනාගාර බස් රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් සදහන්.