කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ 6.00ට ලිහිල් කෙරුණු අතර, අද දහවල් 2.00ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් 06, සඳුදා උදේ 6.00 දක්වා ක්‍රියාත්මකව පවතිනවා.
මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය එදිනම, එනම් අප්‍රේල් 06 සඳුදා දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක කෙරෙනවා.
අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.