Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
අලුතින් සොයාගත් ආසාදිතයන් 10 දෙනා කොරෝනා වෛරසයට ගොදුරු වූ හැටි හෙළිවෙයි

- අලුතින් සොයාගත් ආසාදිතයන් 10 දෙනා කොරෝනා වෛරසයට ගොදුරු වූ හැටි හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,321 Views
පුත්තලමෙන් හමුවූ කොරෝනා අසාදිතයා සමඟ ඉන්දුනීසියාවේ සංචාරය කළ තවත් 5 දෙනෙකු සහ ඔවුන්ගේ ඥාතීන්, අලුතින් සොයාගත් ආසාදිතයන් 10 දෙනා අතර සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද 142 දක්වා ඉහළ ගියා.

ඒ, වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 20 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මේ අතර, වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් තුන්දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටව ගිය අතර, මේ වනවිට පූර්ණ සුවය ලැබූ පිරිස 16 ක්.

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවට අනුව තවමත් වැඩිම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල දැනට ප්‍රතිකාර ලබන පිරිස 173 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් බාහිර සබඳතාවලින් හුදෙකලා කර තැබීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ කටයුතු කළ මහනුවර, අකුරණ ගම්මානයේ ආරක්ෂාව තවදුරටත් තර කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top