Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් - ලොව පුරා කොරෝනා ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව අට ලක්ෂය පනී

- වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් - ලොව පුරා කොරෝනා ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව අට ලක්ෂය පනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,727 Views
ලොව පුරා කොරෝනා ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මේ වනවිට අටලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
 
වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව 38,769 ක්.
 
වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 11,591 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
ස්පාඤාඤයෙන් මරණ 8,189 ක් වාර්තා වනවා.

මේ අතර සෞඛ්‍ය උපකරණවල හිඟය හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැහි කබා සහ හෙල්මට් පැළඳ සේවයේ නිරතවන බව වාර්තාවනවා.
 
මියන්මාරයේ ප්‍රථම කොවිඞ් නයින්ටීන් මරණය අද වාර්තා වුණා.
 
මේ අතර, ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදන සමාගම් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ට කෘත්‍රිම ශ්වසනය ලබාදීමේ වෙන්ටිලේටර් උපකරණ නිපදවීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
 
ජනපති ට්‍රම්ප් කළ ඉල්ලීමකට අනුව ෆෝඞ් මෝටර් රථ සමාගම එවැනි කෘත්‍රිම ශ්වසන උපකරණ 50,000ක් ඉදිරි දින 100 තුළ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර, ජෙනරල් ඉලෙටි‍්‍රක් සමාගම එවැනි උපකරණ 30,000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි.
 
මේ අතර ආසියා පැසිෆික් කලාපයේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය අවසන් වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top