Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
කොරෝනා වලින් ⁣බේරෙන්න ඇමෙරිකානුවෙක් ත්‍රිමාණ මුඛ ආවරණයක් නිර්මාණය කරයි

- කොරෝනා වලින් ⁣බේරෙන්න ඇමෙරිකානුවෙක් ත්‍රිමාණ මුඛ ආවරණයක් නිර්මාණය කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,912 Views
නව කොරෝනා වෛරසය පැතිර යන පසුබිමක ත්‍රිමාණ තාක්ෂණය උපයෝගී කරගනිමින් මුව ආවරණයක් නිපදවීමට අමෙරිකානු ජාතිකයෙක් සමත්ව තිබේ.

අමෙරිකාව මේ වන විට නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්තානය බවට පත්ව තිබෙන්නේ පුද්ගලයන් 140,000කට වැඩි පිරිසක් ඊට ගොදුරු කරගනිමිනි.වයිරස් ව්‍යාප්තියත් සමග රට තුළ මුහුණු ආවරණ හිඟයක්ද මතුව තිබේ.

ඊට විසඳුමක් ලෙස ත්‍රිමාණ තාක්ෂණය උපයෝගි කරගනිමින් මුහුණු ආවරණයක් මුද්‍රණය කිරීමට ඔක්ලහෝමා ප්‍රාන්තයේ වැසියෙක් සමත්වී තිබේ. ඔහු 35 හැවිරිදි ජෝ කූවර්.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවට නිවෙස්වලට වී සිටීමට උපදෙස් ලබාදී ඇති අවස්ථාවක සිය කාලය අපතේ නොයවමින් මෙවැනි නිර්මාණයක් කිරීමට අදහස් කළ බව ජෝ පවසයි.

එමෙන්ම ආරක්ෂිත මුහුණු ආවරණවල හිඟයක් පවතින බවට පලවූ වාර්තා ඇසීමෙන් මුහුණු ආවරණය පිළිබඳ අදහස පහළවූ බවත් ඔහු පැවසුවේය.
ත්‍රිමාණ මුහුණු ආවරණ මුද්‍රණය කිරීමට අමතරව ඔහු මේ දිනවලදී අන්තර්ජාලය ඔස්සේ මැජික් සංදර්ශන හා පන්ති පැවැත්වීමත් සිදු කරයි.

කෙසේ වෙතත් ඔහු මුහුණු ආවරණ සඳහා ජනතාවගෙන් මුදල් අය නොකරන අතර තව තවත් මුහුණු ආවරණ මුද්‍රණය කිරීම සඳහා ප්ලාස්ටික් අමුද්‍රව්‍ය පමණක් පරිත්‍යාග ලෙස ලබාගන්නා බව ද කියා සිටී.

තිළිණි ද සිල්වා
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top