Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
කොරෝනා වර්ධනය වීමේ අවදානම ගැන හමුදාපති කියු දේ

- කොරෝනා වර්ධනය වීමේ අවදානම ගැන හමුදාපති කියු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,700 Views
ජනතාව, සෞඛ්‍ය උපදෙස්වලින් තොරව කටයුතු කරන්නේ නම් ඉදිරි දින කිහිපයේදී කොරෝනා වෛරසය සමාජය තුළ පැතිරීමේ ප්‍රවණතාවක් මතු විය හැකි බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කළා.
 
කොවිඩි නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් 122 සීමාවේ පවතිනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වූ බවයි.
 
එසේම කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් 16 දෙනෙකු දැනට පූර්ණ සුවය ලබා සිය නිවෙස් වෙත ගොස් තිබෙනවා.
 
මීට අමතරව තවත් පුද්ගලයින් 104 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
 
මේ අතර, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු තවත් පුද්ගලයින් 315 දෙනෙකු අද පෙරවරුවේ යළි ඔවුන්ගේ නිවෙස් වෙත පිටත්ව ගියා.
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වන්නි කඳවුරේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ 206 දෙනෙකු, වව්නියාව - පෙරියකාඩු යුද හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 104 දෙනෙකු සහ පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ 5 දෙනෙකු අද නිරෝධයන කටයුතු අවසන් කළ පිරිසට අයත්.
 
යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේ විදෙස් රටවල සිට මෙරටට පැමිණි මෙම පිරිස නිරෝධායනයට ලක් කිරීමෙන් පසු හමුදාවට අයත් බස් රථ මගින් ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යැවූ බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top