Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
තායිලන්ත රජු අන්තඃපුර ස්ත්‍රීන් 20ක් එක්ක, සුපිරි හෝටලයක නිරෝධායනය වෙනවලු - භාර්යාවන් 4 දෙනා ගැන ආරංචියක් නැහැ - Photos

- තායිලන්ත රජු අන්තඃපුර ස්ත්‍රීන් 20ක් එක්ක, සුපිරි හෝටලයක නිරෝධායනය වෙනවලු - භාර්යාවන් 4 දෙනා ගැන ආරංචියක් නැහැ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,927 Views
පිරිමි පුද්ගලයින් 119ක් හරවලා යවලා..
තායි ජනතාවගෙනුත් රජුට විවේචන..
මේ වනවිට කොරෝනා තායිලන්තයට කර ඇති දේ..

තායිලන්තයේ රජු වන 10 වන රාමා හෙවත් මහා වජිරලොකෝන් රජු (Maha Vajiralongkorn) අන්තඃපුර ස්ත්‍රීන් 20 දෙනෙකු සමග දකුණු ජර්මනියේ සුපිරි හෝටලයක නිරෝධායනය වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

67 හැවිරිදි රජු නවාතැන් ගෙන සිටින හෝටලයේ අනිකුත් සියලු කලාප වසා දමා ඇති අතර රජුට සහ රජුගේ අන්තඃපුරයට නවාතැන් ගැනීමට දිස්ත්‍රික් සභාවෙන් විශේෂ අවසරයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, වජිරලොකෝන් රජුගේ භාර්යාවන් සිවු දෙනා මෙම නිකේතනයේ නවාතැන් ගෙන සිටිනවාද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.

රජු සමඟ රැදී සිටි සේවකයින් ඇතුළුව පිරිමි පුද්ගලයින් 119 දෙනෙක් තායිලන්තයට ආපසු හරවා යවා ඇති බවද සඳහන්.

රජතුමාගේ මෙම නිරෝධායන පුවත නිසාම තායිලන්තයේ ජනතාව කෝපයට පත්ව ඇති අතර අන්තර්ජාලය හරහා ඔහුට දෝෂාරෝපණය කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙය නීතිය කඩ කිරීමක් ලෙස සැලකෙන්නේ, පෞරාණික නීති යටතේ රාජාණ්ඩුවට අපහාස කරන ඕනෑම කෙනෙකුට වසර 15ක සිරදඬුවම් හිමිවන නිසාවෙනුයි.

තායිලන්ත මහජන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සෙනසුරාදා දිනයේදී නව රෝගීන් 109ක් ප්‍රකාශයට පත් කළ අතර මේ වනවිට එරට මුළු ආසාදිත සංඛ්‍යාව 1524ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තායිලන්තයේ රජු පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වුණේ ඔහු මීට පෙර අනියම් බිරිඳව තම බිරිඳ ඉදිරිපිට උප භාර්යාවක් බවට පත් කර කරගැනීමේ පුවතත් සමඟයි.

The Sun ඇසුරිනි.

 Thailand's King Maha Vajiralongkorn has reportedly gone into isolation in Germany He is said to have booked out the entire Grand Hotel Sonnenbichl in Bavaria The monarch and Queen Suthida take part in their wedding ceremony in Bangkok last year
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top