මූල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ලවූ හිටපු ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යකෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවක අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නීතීඥ යූ.ආර්. ද සිල්වා සඳහන් කළේ ඔවුන් අද රාත්‍රියේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
අද උදෑසන 11 ට පමන බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි. එසේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ගනුදෙනු සම්බන්ධයෙන් එහි හිටපු සභාපතිවරයෙකුද වන, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගෙන් ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද ප්‍රශ්න කළා.