Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
දකුණු ආසියාවේ ශ්‍රී ලාංකිකයන් ගැන, විදේශ අමාත්‍යාංශය අවධානයෙන්

- දකුණු ආසියාවේ ශ්‍රී ලාංකිකයන් ගැන, විදේශ අමාත්‍යාංශය අවධානයෙන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,654 Views
දකුණු ආසියාතික කලාපයේ රටවල සිටින ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සුරක්ෂිතාව තහවුරු කරලීම උදෙසා එම රටවල ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල සමඟ එක්ව කටයුතු කරන බව විදේශ සබදතා අමාත්‍යාංශය පවසනවා.

කොවිඩ් -19 ගෝලීය වසංගතය හමුවේ ඔවුන් සමඟ නිරතුරු සබදතා පවත්වා ගනිමින් ඔවුන්ගේ සුබසාධන උදෙසා කටයුතු කරන බවයි එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කරන තුරු එම රටවලම රැදී සිටින ලෙස ලක් රජය පසුගිය දා ඉල්ලීමක් කළා.

එමෙන්ම, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කළ පසු නැවත ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට ද රජය සහතික වී තිබෙනවා.

ඒ අතරතුර නවදිල්ලිය, චෙන්නායි, මුම්බායි යන ඉන්දීය නගරවල මෙන්ම කත්මණ්ඩු, ඉස්ලාමාබාද්, ඩකා, කාබුල් සහ මාලේ යන අනෙක් දකුණු ආසියාතික අගනගරවල ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල මගින් එම රටවල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබදව අවධානයෙන් පසුවනවා.

ඔවුන්ට මෙරට රාජ්‍ය තාන්ත්‍රික අංශ ඇමතිය හැකි දුරකථන අංක ද හඳුන්වා දී ඇති අතර කොවිඩ් නයින්ටීන් වසංගතය හමුෙවේ ඔවුන්ගේ ස්ථානවල සුරක්ෂිතව සිටීම සඳහා සහය වන බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top