Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
"වෛද්‍යවරයෙක් වුණත් මටත් මරණ බය දැණුනා. පවුලේ හැමෝම තාම ස්වයං නිරෝධායනයේ.." - කොරෝනා මර බිය දැණුනු වෛද්‍යවරයෙකු හෙළි කළ කතාව මෙන්න - Photos - Exclusive

- "වෛද්‍යවරයෙක් වුණත් මටත් මරණ බය දැණුනා. පවුලේ හැමෝම තාම ස්වයං නිරෝධායනයේ.." - කොරෝනා මර බිය දැණුනු වෛද්‍යවරයෙකු හෙළි කළ කතාව මෙන්න - Photos - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,008 Views
"ඒ දරුවටයි සැමියාටයි කොරෝනා ආසාධනය වෙලා නැහැ"
"මගේ පවුලේ හැමෝම දැන් ස්වයං නිරෝධායනය වෙනවා.."
"දරුවාට අසාධනය වෙලා නැති බව තහවුරු වුණා"

මාරාන්තික කොරෝනා වෛරසය මේ වෙද්දී ලෝකයම ගිල ගන්න මාන බාලගෙන ඉන්න මොහොතක කොරෝනා ආසාධනය වුවන් සුව කරලීමේ වෙහෙසකර කාර්යක නිදි වරමින්, ජිවිත ගැන නොසිතා කටයුතු කරන පිරිසක් සිටිනවා. ඒ වෛද්‍යවරුන් වගේම හෙද හෙදියන්. අපේ රටේ කොරෝනා ආසාධිතයින් අවම කරගෙන හොද සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න බොහෝ දෙනෙක් වෙහෙස ගන්නවා. කළුතර මහා රෝහලේ රාජකාරි කරන වෛද්‍ය හිරාන් ද සොයිසා කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගියෙකුට ප්‍රතිකාර කිරීම හේතුවෙන් මේවනවිට ස්වයං නිරෝධායන කටයුත්තේ යෙදෙනවා. ඔහුගේ අත්දැකීම් ගැන කියන්නේ මේ විදිහටයි.


ද්‍ය හිරාන් ඔබ කළුතර මහා රෝහලේ වෛද්‍යවරයෙක්. මේ දිනවල ඔබත් පවුලේ පිරිසත් කොරෝනා වෛරසයෙන් බේරෙන්න වගේම බෝ වීම වළක්වන්න සිතා ස්වයං නිරෝධායන කටයුත්තේ යෙදෙනවා...?
මම වගේම බිරිද සේවය කරන්නේ කළුතර මහා රෝහලේ. දැනට දින 11ක සිට මම වගේම මගේ බිරිදත් දෙමාපියන් වගේම අවුරුදු හතරමාරක් වයසැති මගේ දියණියන් දෙදෙනාත් අවුරුදු තුනහමාරක් වයසැති මගේ පුතත් නිවසටම වී ස්වයං නිරෝධායන කටයුත්තේ යෙදෙනවා. අපිව පරික්ෂාවට ලක් කරන්නේ වෛද්‍ය නිලංග හේමසිරි. තව දින දෙකකින් නිරෝධායන කටයුත්ත අවසන් වෙනවා.

බොහෝ දෙනා නිරෝධායන කටයුත්ත අසිරූ අවස්ථාවක් කියලා එය මගහරිමින් කටයුතු කරන අවස්ථා දැකගන්න ලැබුණා. ඒ නිසා කොරෝනා ආසාධිතයින් වැඩිවශයෙන් වාර්තා වීමේ අවධානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.ඇත්තටම එය අසීරු කටයුත්තක්ද..?
කොහෙත්ම එය අසීරු කටයුත්තක් නෙමෙයි. ආසධිතයෙක් තමන් ඇසුරු කළා නම්, ඒ බව දන්නවා නම් නිසි සෞඛ්‍ය ආරක්‍ෂිත පියවර ගැනීම ඉතාමත් වැදගත්. ඒ මගින් රෝගය බෝ කිරීම අවම කරගන්න පුළුවන් වගේම තමන් ආරක්ෂා වීමත් ජීවිතය රැක ගන්නත් පුළුවන්. ස්වයං නිරෝධායනය ඊට හොදම අවස්ථාව. එවැනි කෙනෙක් ඉන්නවා නම් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාව දැනුවත් කර ඔවුන්ගේ උපදෙස් පිළිපදින්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම නිතරම ආරක්‍ෂිත පියවර අනුගමනය කරන්න. තත්ත්පර 20ක් අත් සෝදන්න, මීටරයක් දුරින් ඉන්න, ආසධිතයෙක් බවට සැක සහිත වුවත් ඔවුන්ට වෙනම කාමරයක් හා බාත් රූම් එකක් තිබීම වැදගත්. බාත් රූම් එක තවත් අය භාවිතා කරනවා නම් ආසාධිත බවට සැක කරන පුද්ගලයා එයට ගොස් ආ විගස විසබීජ නාසක යොදා හොදින් පිරිසිදු කර අනෙක් පිරිස එය භාවිතා කරන්න. ආහාර පාන ඔවුන්ගේ කාමරයට ලබා දීමට සැලැස්වීම. ඒ වගේම මම පැණි බිම හෝ අහිතකර ආහාරපාන ලබා ගත්තේ නැහැ. පැය 8ක සුව නින්ද ඉතාමත් වැදගත් වගේම විවේකිව කාලය ගත කිරීම වැදගත් . මේ විදිහට හිටියොත් ආසාධනය වුවත් සුව වෙන්න පුළුවන්. අසාධ්‍ය වෙන්නේ නැහැ.

ස්වයං නිරෝධායනය වෙමින් සිටින විට අසාධ්‍ය වුවහොත්..?
මම කොරෝනා අසධිතයෙකුට ප්‍රතිකාර කළා කියලා දැනගෙන දැනට දවස් 11ක් ගත වුණා. මේ කාලය අතරතුර ඔය කියන කිසිම රෝග ලක්ෂණයක් මට තවම මතු වුණේ නැහැ. මතු වෙන්නේ නැති වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. යම් කෙනෙකුට තද උණ හෙම්බිරිසාව, උගුරේ අමාරුවක් ආවොත් මුඛ ආවරණයක් පැළද ළගම ඇති රෝහලට යන්න. පැරසිටමෝල් පමණක් භාවිතා කරන්න වෛද්‍යවරයෙක් හමුවනතුරු. එවිට රෝහලෙන් අවශ්‍ය පියවර ගනීවි.

ඔබ කොරෝනා ආසධිතයෙකුට ප්‍රතිකාර කර තිබෙනවා. ඒ බව දැනගත්තේ කොහොමද කියලත් මතක් කරමු..?
මම රාජකාරි කාලයෙන් අනතුරුව පෞද්ගලික වෛද්‍ය සායනයක් පවත්වාගෙන යනවා. පසුගිය 19 වැනිදා උණ රෝගීන් කිහිපදෙනෙක් ආවා. අවුරුදු 34ක කාන්තාවක් ආවා. ඇය හා ඇගේ පවුලේ අය රෝගයකදී ප්‍රතිකාර ගන්න මගේ ලගට නිතරම එනවා. එදා ඇය රාත්‍රී 9.45 පමණ ආවා. ඇයට අවශ්‍ය ඖෂධ මම ලබා දුන්නා. මගේ ඖෂධවලින් ඇයගේ උණ තත්ත්වය පහව ගොස් තිබුණා. 20 වැනි සිකුරාදා සවස ඇදිරිනීතිය පනවා තිබුණා. ඇය මට කිහිපවරක් කෝල් කරලා තිබෙනවා ඇයගේ දරුවාට උණ බව කියන්න. නමුත් මට ඒ ඇමතුම් මගහැරී තිබුණා. ඉරිදා, ඇය අවුරුදු 3ක් වයසැති දරුවාව රැගෙන කළුතර මහා රෝහලට රැගෙන ගොස් තිබුණා. මට එස් එම් එස් පණිවිඩයක් එවලා තිබුණා තත්වය ගැන කියලා. එතකොට තමයි මම දැනගත්තේ. ඒ වෙනකොට මම රාජකාරි කරන කළුතර රෝහලේ ආසධිතයින් හයක් පමණ වාර්තා වෙලා තිබුණා. ඇයගේ දරුවාව ඇතුළත් කරන්න කලින් ඒ වාට්ටුව පිරිසිදු කරලා ජීවානුහරණය කරලා තිබුණේ. ඒ ගැන ඇය දැනගෙන හිටියා. ඒ නිසා ඇයට කොරෝනා වෛරසය ආසාධනය වෙයිද දන්නේ නැහැ කියලා බයෙන් එයා ඒ ගැන මට කිව්වා.

ඒවනවිට ඇය කොරෝනා ආසාධිත රෝගියෙක්ද..?
රෝහලට ඇතුළත් වෙලා තිබුණේ දරුවට උණ නිසා, රෝහලෙන් සැක කළේ දරුවාට ආසාධිත වෙලා ඇති කියලා. නමුත් දරුවාට අසාධනය වෙලා නැති බව තහවුරු වුණා.ඇයගේ සැමියා වැඩ කළේ විදෙස් සංචාරකයින් පැමිණෙන හෝටලයක. ඒ නිසා ඔහුව පරික්ෂාවට ලක් කර තිබුණා.ඔහුටත් අසාධනය වී නොමැති බව තහවුරු කරගත්තා. ඔය අතරතුරදී ඇයට උණ යළිත් වැළදිලා. පසුව ඇයව IDH රෝහලට ඇතුළත් කළා. 23වැනිදා ඇයව පරික්ෂාවට ලක් කරද්දී නිගමනයකට ආ නොහැකි බවට තමයි වාර්තා වුණේ. පසුව 24 වැනිදා ඇයව යළිත් පරික්ෂාවට ලක් කර තිබුණා. එදින ඇය කොරෝනා වෛරසය ආසාධිත බවට වාර්තා වුණා. තවමත් හිතා ගන්න බැහැ කාටවත්ම ඇයට කොරෝනා අසාධනය වුණේ කොහොමද කියලා. ඇය කියන්නේ කළුතර රෝහලෙන් ඇයට අසාධනය වෙන්න ඇති කියලා. නමුත් එහෙම වෙන්න ප්‍රවණතාව අඩුයි.

රෝහලකට කොරෝනා අසධිතයින් බවට සැක කරන රෝගීන් 100ක් අවොත් ආසධිතයින් බවට වාර්තා වෙන්නේ 60ක් පමණයි. ප්‍රතිශක්තිය මත තමයි මෙම වෛරසය රදාපවතින්නේ. ඒ නිසා ප්‍රතිශක්තිය තිබීම වැදගත්. ඇය මේ වෙද්දී සුව අතට හැරමින් ඉන්නවා. ඇය යථාතත්වයට පත් වෙයි ඉක්මණින්ම.

කළුතර රෝහලට මේ වෙද්දී කොරෝනා අසධිතයින් වැඩිවශයෙන් වාර්තා වෙනවා. ඔබට ස්වයං නිරෝධායනය වෙන්න නියෝග ලැබෙද්දී මොකද හිතුණේ..?
මම වෛද්‍යවරයෙක් වුණත් මරණ බය දැණුනා. මොකද ඇයට මුලින් මම ප්‍රතිකාර කරලා දවස් පහක් ගියාට පස්සේ තමයි දැනගත්තේ එයා කොරෝනා ආසධිතයෙක් කියලා. කළුතර රෝහලට 11 වැනි කොරෝනා ආසධිතයා විදිහට ඇය තමයි වාර්තා වුණේ.

ඔබේ බිරිද වෛද්‍යවරියක්. මේ සිදුවීමේදී ඇයගේ ප්‍රතිචාරය කොයිවගේද..?
මේ වෙනකොට අපි ඉන්නේ මහගෙදර. මට ස්වයං නිරෝධායනය කරන්න කියූ මොහොත වෙනකොට මම පවුලේ සියලුම දෙනාව ලගින් ආශ්‍රය කර තිබුණා. මට අසාධනය වෙලා තිබුණා නම් ඒ අයටත් අසාධනය වීමේ ඉඩකඩක් තිබෙනවා. මම වෙනම නිවසකට යන්නම් කියද්දී බිරිද කිව්වා "දැන් ඉතින් හරිනේ, කොහෙවත් යන්න ඕන නැහැ මේ ගෙදරම ඉන්න.." කියලා. ඊට පස්සේ අපි හැමෝම ස්වයං නිරෝධායනය වුණා.

හර්ෂණී වීරරත්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top