Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
චාල්ස්ට කොරෝනා බෝ කළේ මාළිගාවේ සේවිකාවක්ද? කැමිලාටත් වැළඳිලාද? බලු සුරතලත් අරන් මහරැජිණ අතුරුදහන් වුණේ ඇයි? - COVID 19, බකිංහැම් අවුල් ජාලයක් කළ හැටි මෙන්න - Photos

- චාල්ස්ට කොරෝනා බෝ කළේ මාළිගාවේ සේවිකාවක්ද? කැමිලාටත් වැළඳිලාද? බලු සුරතලත් අරන් මහරැජිණ අතුරුදහන් වුණේ ඇයි? - COVID 19, බකිංහැම් අවුල් ජාලයක් කළ හැටි මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,301 Views
සියලු දෙනා ස්වං නිරෝධායනයට යොමු වුණාද?
ඔක්කොටම වැළඳුණොත් රට කරන්නේ කවුද?
මර්කලුත් ස්වං නිරෝධායනයක යෙදෙනවලූ...
 
මේ වනවිට රජ කුමාරවරුන්, රැජනියන් පවා නව කොරෝනා වයිරසය නිසා තර්ජනයට ලක්ව සිටින අන්දම දැකිය හැකි වේ.
 
මේ අතරින් වැඩිම අවධානයක් දිනාගත්තේ බි්‍රතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරුට වයිරසය ආසාදනය වී ඇති බව හෙළි වීමයි.

පසුගිය බදාදා (25දා) මේ බව නිවේදනය කෙරුණු අතර මේ වනවිට ඔහු ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ ස්වයං හුදෙකලාවකට ලක්ව සිටියි. 
 
ඔහුගේ බිරිය වන කැමිලාද ඔහු සමඟ එහි සිටින අතර ඇයද වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් මුල් පරීක්‍ෂණයෙන් හෙළිව තිබුණේ ඇයට වයිරසය ආසාදනය වී නොමැති බවයි.
 
පසුගිය දිනවල චාල්ස් කුමරු සිය නිල කටයුතු සඳහා බොහෝ දෙනකු මුණගැසී තිබීම හේතුවෙන් මේ පිළිබඳ දැන් විශාල ආන්දෝලනයක් ඇතිව තිබේ.
 
මේ අතර මෙයට දින කිහිපයකට පෙර මහ රැජන බකිංහැම් මාලිගයෙන් වෙනත් තැනකට රැගෙන යෑමේ සිද්ධියද විශාල අවධානයක් දිනාගත්තක් විය.
 
මහ රැජන සාමාන්‍යයෙන් වාසය කරන්නේ ලන්ඩන් නගරයේ පිහිටි බකිංහැම් මාලිගයේ වුවත් මෙයට ටික දිනකට පෙර ඇය ලන්ඩනයේ සිට සැතපුම් 20ක් පමණ දුරින් පිහිටා ඇති වින්ඩ්සර් මාලිගය වෙත යෑමට පියවර ගත්තාය.
 
මහ රැජන ඇයගේ ප්‍රියතම සුනඛ සුරතලකුද සමඟ බකිංහැම් මාලිගයෙන් නික්ම ගිය අන්දම බොහෝ මාධ්‍ය තුළ විස්තර කර තිබිණි.
 
මහ රැජනට මේ ආකාරයෙන් බකිංහැම් මාලිගයෙන් නික්ම යෑමට සිදුව තිබුණේ මාලිගයෙහි කාර්ය මණ්ඩලයේ කෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී තිබීම හේතුවෙන් බව පෙනේ.
 
බකිංහැම් මාලිගය ඉතා විශාල පිරිසක් සේවය කරන, විශාල පිරිසක් යන එන තැනක් නිසා කොයි මොහොතක හෝ මාලිගයෙන් ආසාදිතයකු හමුවීමේ අනතුරක් පැවති බව බොහෝ දෙනා පෙන්වාදී තිබිණි.
 
මෙම තත්ත්වය තුළ ආරක්ෂාකාරී පියවරක් වශයෙන් මහ රැජන බකිංහැම් මාලිගය අත්හැර දුරබැහැර පිහිටි වින්ඩ්සර් මාලිගයෙහි වාසය පිණිස ගොස් ඇති බව පෙනේ.
 
කෙසේ නමුත් කලින් සඳහන් කළ ආසාදිත සේවිකාව සහ මහ රැජන අතර සෘජු සම්බන්ධයක් ඇතිව තිබුණේද යන්න පිළිබඳව වාර්තා වී තිබුණේ නැත.
 
එහෙත් එම සේවිකාව සමඟ සෘජු සබඳතා පැවැති සියලු දෙනා මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව සඳහන් වේ. වින්ඩ්සර් මාලිගයේදී මහ රැජනද බොහෝ දෙනාගෙන් වෙන්ව හුදෙකලාව කාලය ගත කරනු ඇති බව සඳහන්ව තිබිණි.
 
මහ රැජන සහ බි්‍රතාන්‍ය අගමැතිවරයා අතර සතියකට වරක් හමුවක් පැවැත්වේ. එහිදී සිදුවන්නේ අගමැතිවරයා බකිංහැම් මාලිගය වෙත පැමිණ මහ රැජන බැහැදැක රටේ ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමයි.
 
නමුත් පසුගිය සතියේ රැජන සහ අගමැති බොරිස් ජොන්සන් අතර සාකච්ඡාව පවත්වා තිබුණේද දුරකථනය ඔස්සේ බව වාර්තා වෙයි.
 
මේ අතර මහ රැජනගේ සැමියා වන පිලිප් කුමරුද හෙලිකොප්ටරයකින් වින්ඩ්සර් මාලිගය වෙත ගෙනැවිත් ඇති බව පැවසේ. ඔහු පසුගිය දිනවල වාසය කළේ ලන්ඩනයේ සිට සැතපුම් 95ක් පමණ දුරින් පිහිටි සැන්ද්‍රින්ග්හැම් නමැති වතුයායේ පිහිටි මන්දිරයකය.
 
පිලිප් කුමරු මේ වනවිට 98 වැනි වියෙහි පසුවන අතර ඔහු සිටින්නේ ඉතා දුර්වලව සහ අසනීප තත්ත්වයෙනි. ලන්ඩනයෙන් අෑත්ව සැන්ද්‍රින්ග්හැම් වතුයායේ වුඩ් ෆාම් මන්දිරයට වී විවේක සුවයෙන් පසුවූයේ ඒ නිසාය.
 
මහ රැජනටද දැන් වයස අවුරුදු 93කි. ඔවුන් දෙදෙනාම පසුවන්නේ නව කොරෝනාවෙන් වැඩිම අවදානමක් ඇති වයස් කාණ්ඩයේද ඉහළ කෙළවරේ බව රහසක් නොවේ. ඔවුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව ඇත්තේ මෙම පසුබිම තුළය.
 
රැජනට මෙන්ම ඊළඟට කිරුළට හිමිකම් කියන චාල්ස්ටද දැන් හුදෙකලාව කාලය ගත කිරීමට සිදු වන තත්ත්වයක් තුළ කිරුළෙහි ඊළඟ හිමිකාරයා වන විලියම්ට රජ පවුල තුළ වැඩි කාර්යභාරයක් කිරීමට සිදුවනු ඇති බවටද අදහස් පළවෙමින් තිබේ.
 
එවැනි තත්ත්වයක් තුළ මේ වනවිට රජ පවුලේ නිල කටයුතුවලින් අෑත්ව සිටින හැරීටද නැවත යම් කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවනු ඇති බව රජ පවුල පිළිබඳ විශේෂඥයන්ගේ අදහසයි.
 
යම් හෙයකින් එරට අගමැති බොරිස් ජොන්සන්ට නව කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් අගමැති ධුරයේ වැඩ බලන්නේ කවුරුන්ද යන්නයි. අවසානයේ අගමැති කාර්යාලය ප්‍රකාශ කළේ එවැනි තත්ත්වයක් තුළ එරට විදේශ ඇමැතිවරයා මෙන්ම රාජ්‍ය ලේකම්වරයාද වන ඩොමිනික් රාබ් අගමැති ධුරයේ වැඩ බලනු ඇති බවයි.
 
නව කොරෝනා වයිරසය නිසා කරදරයට මුහුණ පා සිටින රාජකීයයන් අතර තවත් කෙනකු වන්නේ මොනාකෝ රාජ්‍යයේ රාජ්‍ය නායකයා වන දෙවැනි ඇල්බට් කුමරුය. ඔහුද මේ වනවිට නව කොරෝනා ආසාදිතයෙකි. වයිරසය ආසාදනය වූ ලොව පළමු රාජ්‍ය නායකයාද ඔහුයි. (ඇල්බට් කුමරු එරට රාජ්‍ය නායකයා බවට පත් වූයේ 2005 වසරේයි.)
 
ඔහු මේ ආකාරයෙන් ආසාදනයට ලක්ව ඇති බව අනාවරණය කෙරුණේ පසුගිය 19 වැනි දිනයි. මේ වනවිට ඇල්බට් කුමරු හුදෙකලාව කාලය ගත කරන බව සඳහන් වේ. ඔහු වයස අවුරුදු 62ක කෙනකු නිසා අනතුරුදායක වයස් කාණ්ඩයේ පසුවන්නෙකි.
 
කෙසේ නමුත් ඇල්බට් කුමරු ඔහුගේ නිල නිවසේ සිටිමින් සුපුරුදු නිල කටයුතුවල නිරත වන බවද මාධ්‍ය වාර්තා කර තිබිණි. මොනාකෝ යනු ඉතා කුඩා ජනගහනයක් සිටින රටකි.
 
ඇල්බට් කුමරු ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමට පෙර තවත් ආසාදිතයන් 9 දෙනකු එරටින් හමු වී තිබිණි. මොනාකෝ රාජ්‍යයට යාබදව ඇති ප්‍රංශය මේ වනවිට නව කොරෝනා වසංගතයට විශාල වශයෙන් ගොදුරු වී ඇති රටකි.
 
මේ අතර කොරෝනා වයිරසය නිසා ගැටලුවකට මුහුණ දුන් තවත් රාජ්‍ය නායිකාවක ගැනද පසුගිය දිනවල වාර්තා විය. එනම් ජර්මනියේ නායිකාව වන ඇන්ජෙලා මර්කල්ය. ඇයට ගැටලුවක් මතු වූයේ ඇයගේ වෛද්‍යවරයකු නව කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනා ගැනීම නිසාය.
 
මෙම තත්ත්වය තුළ ඔහුගෙන් ඇයටද වයිරසය ආසාදනය වී තිබිය හැකි බවට සැක මතු වූයෙන් මර්කල් ස්වයං හුදෙකලාවකට ලක්වීමට කටයුතු කළාය. මෙම වෛද්‍යවරයා දින කිහිපයකට පෙර එන්නතක් ලබා දීම සඳහා මර්කල් හමු වී තිබූ බැව් සඳහන් විය. ඔහු ඇයට ලබා දී තිබුණේ නියුමෝනියාව වළක්වන එන්නතකි.
 
මේ වනවිට මර්කල් හුදෙකලාව සිටිමින් සිය රාජකාරි කටයුතුවල නිරත වන බවත්, ඇයටද වයිරසය ආසාදනය වී ඇත්දැයි දැනගනු පිණිස වරින් වර වෛද්‍ය පරීක්‍ෂණවලට ලක් කෙරෙණු ඇති බවත් වාර්තා වෙයි.
 
යම් හෙයකින් ඇයට වයිරසය ආසාදනය වී රාජකාරි කිරීමට අපහසු තත්ත්වයක් ඇති වුවහොත් ඇය විසින් නම් කරනු ලබන කැබිනට් ඇමැතිවරයකු එම ධුරයේ කටයුතු කරනු ඇත. මෙවැනි විධිවිධාන සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇති බව මෙම සටහන ලියන අවස්ථාව වනවිට වාර්තා වී තිබිණි.
 
සනත් වික්‍රමගේ
මව්බිම පුවත්පත
 
(ප.ලි. මේ වනවිට බ්‍රිතාන්‍යය තවත් අවුල් ජාලයකට ඇද දමමින් එරට අගමැති බොරිස් ජෝන්සන්ට ද කොරෝනා ආසාදනය වී ඇති බව පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කළා.)

With PM Boris Johnson ill, coronavirus strikes at heart of British ...Prince Charles recovers from coronavirus and is out of self ...The Queen and Prince Charles Reverse Course, Cancel Events and ...Buckingham Palace: Latest News & Videos, Photos about Buckingham ...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top