Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
නිදා සිටියදී සිය බිරිඳත්, ඇගේ මවත්, මස්සිනාත් හිත්පිත් නැතිව කපා කොටා දැමූ නරුමයෙකුට අත්වූ ඉරණම මෙන්න - අනුරාධපුරය කම්පා කළ සිදුවීමක්

- නිදා සිටියදී සිය බිරිඳත්, ඇගේ මවත්, මස්සිනාත් හිත්පිත් නැතිව කපා කොටා දැමූ නරුමයෙකුට අත්වූ ඉරණම මෙන්න - අනුරාධපුරය කම්පා කළ සිදුවීමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,342 Views
වස පානය කළ ඝාතකයාට වුණු දේ...
අම්මටයි දුවටයි බරපතලයි ! මස්සිනා මැරිලා..
පොලිස් පරීක්ෂණවලින් හෙළි වූ දේ මෙන්න..
 
නිදා සිටියදී සිය බිරිඳගේ ඇගේ මවගේ බෙලි කපා ඇයගේ සහෝදරයා ඝාතනය කළ පුද්ගලයෙකු වස පානය කර නිවෙස අසල කැලෑ රොදක වැටී සිටියදී පෙරේදා (28) වැනිදා උදෑසන සොයා ගත් බව අනුරාධපුර පොලිසිය පවසනවා.
 
අනුරාධපුර පොලිස් වසමේ මහබුලංකුලමේ තිබ්බටුවැව නිවසකදී පෙරේදා අලුයම 1. 30ට පමණ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ නිවසේ විසූ උළුවඩුගේ තාරක සඳරුවන් නම් 29 හැවිරිදි තරුණයෙක්.

මෙම සිද්ධියෙන් බරපතළ කැපුම් තුවාල ලැබූ 53 හැවිරිදි මැණික් විතානගේ රානී නැමැති ඝාතනයට ලක්වූ තරුණයාගේ මව සහ වැඩිමහල් සහෝදරිය වන 33 හැවිරිදි ධම්මිකා ජයවීර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබෙනවා.
 
වස පානය කර වැටී සිටියදී හමුවූ සැකකරු ද ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලට යි.
 
නොච්චියාගම, අලියාවිද්දවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු සමඟ විවාහ වී සිටි ඝාතනයට ලක්වූ තරුණයාගේ සහෝදරිය පවුල් ආරවුලක් ඇතිකරගෙන පසුගිය 20 වැනිදා සිය මව පදිංචිව සිටින ඝාතනයට ලක්වූ තරුණයාගේ නිවසට පැමිණ ඇති බවත් මීට දින තුනකට පෙර එම නිවසට පැමිණි සැකකරු ඇය ආපසු ගෙන යාමට දැරූ උත්සහාය අසාර්ථක වූ නිසා පෙරේදා (28) දා අලුයම පැමිණ ඇයත් ඇගේ සහෝදරයාත් ඝාතනය කිරීමේ අරමුණින් තියුණු දුනු පිහියකින් ඔවුන් තිදෙනාගේ බෙලි කපා තිබෙන බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
 
ඝාතනයට යොදාගත් දුනු පිහිය සහ සැකකරු පැමිණි යතුරුපැදියද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
 
සිද්ධිය වූ ස්ථානයට පෙරේදා දහවල් පැමිණි අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නයනා රත්නායක මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වුවා.
 
අතුල බණ්ඩාර
ලංකාදීප
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top