Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
"ඔව් මම දික්කසාද වුණා, දික්කසාදයේ අඬ බෙර ගහන්න දෙයක් තිබුණේ නැහැ.." - මේධා ජයරත්න - Photos

- "ඔව් මම දික්කසාද වුණා, දික්කසාදයේ අඬ බෙර ගහන්න දෙයක් තිබුණේ නැහැ.." - මේධා ජයරත්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,158 Views
"දික්කසාද වුණු පළමුවැනි ගැහැනු කෙනා මම නෙවෙයි.."

" මම ළමයින්ව අතහැරලා ආවා නෙවෙයි, එයාලට ලැජ්ජා වෙන දෙයක් මම කරන්නේ නැහැ.."

මේ දවස්වල මම සම්බන්ධ වෙන ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙනවා. හතේ කල්ලිය සහ තවත් නාට්‍යයක්. තව ළමා නාට්‍යයක රූගත කිරීම් පටන් ගත්තා.

ඔබව මේ දවස්වල ගොඩක්ම දකින්න ලැබෙන්නේ ළමා නාට්‍යවලින්. දැන් ඔබව වැඩිපුර ඉල්ලන්නේ ළමා නාට්‍යවලටද?
අපේ රටේ වෙලා තියෙන්නේ එක නාට්‍යයක දැක්කොත් දිගටම ඒ වගේම චරිතවලට කතා කරනවා. මම විදේශගත වෙලා ඉඳලා ලංකාවට ආවට පස්සේ ‘වස්සාන සිහිනය’ නිර්මාණයට සම්බන්ධ වුණා. ඊට පස්සේ මට ලොකු ළමයින්ගේ අම්මගේ චරිතය රඟපාන්න ආරාධනා ලැබෙන්න ගත්තා. ඒකෙදී මට ලොකු අසාධාරණයක් වුණා. මොකද මම හම්බවුණාම ගොඩක් අය කියන්න ගත්තා, ඇයි ඔයා දැන්මම ලොකු දරුවන්ගේ අම්මගේ චරිතය කළේ කියලා. මම හැබැහින් දකිනවට වඩා වෙනස් විධියක් තමයි ප්‍රේක්ෂකයෝ මාව ටෙලිවිෂනයෙන් දකින්නේ. මම එකක් දෙකක් ළමා නාට්‍ය කළාට පස්සේ දැන් දිගටම ලැබෙන්නේ ළමා නාට්‍ය. ලංකාවේ කලා ශිල්පීන්ව මොකක් හරි එක චරිත ස්වභාවයකට කොටු කරන පසුබිමක් තමයි තියෙන්නේ.

මේධා ලස්සනට, හැඩට ඉන්න කෙනෙක්. ඔබට නැවත පෙම්වතියගේ චරිතවලින් හමුවෙන්න බලාපොරොත්තුවක් නැද්ද?
ආයෙත් පෙම්වතියගෙ චරිත කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. ඒක දැන් මට ගැළපෙන්නේ නැහැ. එය මම තේරුම් අරගෙන ඉන්නේ. නමුත් මට ගැළපෙන චරිත තෝරාගෙන මම කරනවා. තව පැත්තකින් ලොකු තෝරාගැනීමක් කරන්න තරම් නිර්මාණත් දැන් නැහැ. නාළිකාවල සිංහල නාට්‍ය එකයි, දෙකයි යන්නේ. ඒ නාට්‍යයත් නිෂ්පාදන ආයතන දෙක, තුනකින් කෙරෙන්නේ. දැන් හොඳ ගුණාත්මක නිර්මාණ හොය හොයා හිටියොත් මොකක්වත් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පොඩි පොඩි සීමා තියාගන්නවා හැරෙන්න ලොකු දේවල් කරන්න බෑ මේ තිබෙන තත්ත්වය එක්ක.

මේධාට සිනමා රංගනයට ඉඩකඩ විවර වෙලා නැද්ද?
සිනමාවේදී මට ගැළපෙන චරිත ලැබුණේ නැහැ. සිනමාවේ වුණත් ඉඳලා, ඉඳලා හොඳ දෙයක් කරන්න මම කැමැතියි. මට ලාභ දේවල් කරන්න ඕනේ නැහැ. හොඳ දෙයක් කරන්න ලැබුණොත් මම කරනවා. ඒකට මට හදිසියක් නැහැ. සිනමා නිර්මාණ නොකළා කියලා ප්‍රශ්නයකුත් නැහැ. නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. බලමු, ඒක තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.

වේදිකාවටත් ආරාධනා ලැබුණා කියලා ආරංචියි?
බුද්ධික දමයන්ත මට වේදිකා නාට්‍යයකට ආරාධනා කළා. ඒ ආරාධනාව ගැන මට ගොඩක් සතුටුයි. බුද්ධික දමයන්ත කියන්නේ වේදිකාවේ දැවැන්තයෙක්. මම ගොඩක් ගෞරව කරන කෙනෙක්. ඔහු වගේ කෙනෙක්ගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න මම කැමැත්තෙන් හිටියා. ඉදිරියේදී එහි රූගත කිරීම් පටන් ගන්නවා. ඒ වගේ දැවැන්ත නිර්මාණකරුවෙක් එක්ක වැඩ කරන්න ලැබීම ලොකු දෙයක්.

වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න මේධා ලොකු කැමැත්තකින් හිටියාද?
වේදිකාවේ මම එක නාට්‍යයක රඟපාලා තිබුණා. ඒකත් ආසාවට කළ නාට්‍යයක්. මට වේදිකා නාට්‍යවලට ආරාධනා ලැබුණාට මම ඒවා කළේ නැහැ. හොඳ දෙයකට සම්බන්ධ වෙන කැමැත්තෙන් මම හිටියා. බුද්ධික අයියා වේදිකා නාට්‍යයකට කතා කළාම මම එක පයින්ම කැමැති වුණා.

මේධාගේ පෞද්ගලික ජීවිතේ ලොකු වෙනසක් වෙලා. හැබැයි ඒ වෙනස ළඟදී සිදුවුණු දෙයක් නෙවෙයි. ඒ වෙනස ගැන ඔබටත් කියන්න දෙයක් ඇති?
මම දික්කසාද වුණා. හැබැයි මට ඒ සිදුවුණු දේ පත්තරවලට කියන්න ඕන වුණේ නැහැ. මොකද ඒක අපේ පෞද්ගලික දෙයක්. ඒක කාටවත් අදාළත් නැහැ. මට ඒකෙන් ප්‍රසිද්ධ වෙන්න ඕනෙත් නැහැ. ඇයි අපි මිනිස්සුන්ට කතන්දර හදන්න මාතෘකා සපයන්නේ. දික්කසාද වුණු පළමුවැනි ගැහැනු කෙනා මම නෙවෙයි. දික්කසාදය අපේ ක්‍ෂේත්‍රයේ අය විතරක් කරන දෙයකුත් නෙවෙයි. මගේ නීතිඥවරයාම කියනවා දික්කසාද වීම් සියයට ලොකු ප්‍රමාණයකින් වැඩිවෙලාලු. ඒ සියලු දෙනාම නළු නිළියෝ නෙවෙයිනේ. ගොඩක් අය නළු නිළියන්ට බනින්නේ. ගැහැනු අයට බනින්නේ, හරියට අපේ වැරැද්දෙන් ඒ දේවල් වෙනවා වගේ.

දික්කසාදයේ ලොකුවට අඬබෙර ගහන්න දෙයක් තිබුණේ නැහැ. අපේ ක්‍ෂේත්‍රයේ සමහරු දික්කසාද වෙලා ඉන්නවා. කවුරුවත් ඒ ගැන දන්නෙත් නැහැ. මට දික්කසාදය කියන්න අවශ්‍ය වුණේ නැහැ. නමුත් අපේ දික්කසාදය ගැන අනෙක් පාර්ශ්වයෙන් එළියට ඇවිත් තිබෙන නිසා කියනවා හැරෙන්න මට ඒක එළියට දාන්න ඕනකම තිබ්බෙම නැහැ.

දික්කසාදයකදී කාන්තා පාර්ශ්වයටනේ ඇඟිල්ල දිගු වන්නේ. ඔබටත් එහෙමද?
මිනිස්සු සාමාන්‍යයෙන් දික්කසාද වුණාම ගැහැනියටනේ බනින්නේ. මට කවුරුවත් කෙළින් මුහුණට බැනලා නැහැ. මිනිස්සු ඉතින් එක එක දේවල් කියනවා. ඔයාට තව ඉවසන්න තිබුණේ කියලා වගේ එක එක කතා කියනවා. මිනිස්සු ප්‍රශ්නවලදී හැසිරෙන විධියත් එක්කයි ප්‍රශ්න දුරදිග යන්නේ. ඕනෑම ප්‍රශ්නයකදී තමන් සියයට සියයක් හරි, අනෙකා වැරැදියි කියලා හිතනවා නම් කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ඕනෑම ප්‍රශ්නයකදී සියයට පනහ පනහ දෙපැත්තම වැරැදියි. ඒ වගේ නොගැළපීම් නිසා තමයි දේවල් සිද්ධ වෙන්නේ. ඒවා හරියට තේරුම් ගත්තේ නැත්නම් එකට ඉන්න බැහැ.

ඔබෙයි සැමියාගෙයි වෙන්වීම දරාගන්න පුළුවන්ද?
වෙන්වෙන එක ලේසි දෙයක් නෙවෙයි. ඒක අමාරුයි. ඒ දුක දරාගන්න කාලයක් යනවා. දැන් වුණු දේ වෙලා ඉවරයි. දැන් මම ඒ ගැන හිතන්නේ නැහැ.

දුවයි, පුතයි එක්ක මේධා තාමත් ළඟ සම්බන්ධයක් තිබෙනවාද?
දරුවන්ට මාව ගොඩක්ම දුරස් කළා. හුණු වටයේ කතාවේ ගෘෘශා ළමයව අතහැරියේ ළමයාට රිදෙන හින්දා. මම ළමයි ඉල්ලලා නඩුවක් දාලා තිබ්බේ. මමයි දික්කසාද නඩුව දැම්මෙත්. මම ළමයි ඉල්ලලා දැම්ම නඩුව අයින් කරගත්තා. මම නඩු කියන්න කියන්න මගේ දරුවන්ගේ ඔළුවට ගොඩක් නරක දේවල් යනවා. ඒ නිසයි ඒ නඩුව මඟදී අයින් කරගත්තේ. මම කිසිම වන්දියක්වත් ඉල්ලන්නේ නැතිව නඩුව දැම්මේ. දැනටත් මට දරුවන්ව දෙනවා නම් එයාලට අඩුවක් නොකර හදනවා. මම ළමයින්ව අතහැරලා ආවා නෙවෙයි. මට දැන් වුණත් ළමයි දෙනවා නම් ළමයිව භාර ගන්නවා. අදටත් පුතා මාත් එක්ක ජිම් එකට එනවා. දුවව බලන්න මට ඉඩදීලා තියෙනවා. ළමයි දෙන්නා එක්ක තියෙන සම්බන්ධය එහෙමම තියෙනවා.

ඔබගේ ජීවිතේ අලුත් වෙනසක් වෙයිද?
පුළුවන් කාලයක් තනියම ඉන්නවා. ජීවිතයේ ඉස්සරහට වෙන දේවල් අපිට දැන්මම කියන්න බෑ. දැන් තනියම ජීවත් වෙනකොට හිතෙනවා මේ ජීවිතේ හරි නිදහස් කියලා. අපි පොඩි කාලේ අම්මට, තාත්තාට ඕන විධියට ජීවත් වුණා. ඊට පස්සේ පෙම්වතාට ඕන විධියට ජීවත් වුණා. සැමියාට ඕන විධියට ජීවත් වුණා. අපි අපිට ඕන විධියට ජීවත් වෙලා නැහැ කවදාවත්. අපි ආසා තැනකට ගිහින්, ආසා දෙයක් කරලා මම මං විධියට ජීවත් වෙන්නේ දැන් තමයි. අපි අපේ ජීවිතය විඳින්න, ආස දේවල් කරන්න කැමැතියි. දැන් මම මට ඕන විධියට ජීවත් වෙනවා. නිදහස තිබුණා කියලා ගැහැනු නරක ගැහැනු වෙන්නේ නැහැ. හැමෝම දන්නවා තමන් කවුද කියලා. තනියෙන් ජීවත් වුණා කියලා එයාලා නරක ගැහැනු වෙන්නෙවත්, හිතන හිතන හැමදේම කරන්නෙත් නෑ. හැම ගැහැනියකටම සීමාවක් තියෙනවා. තමන්ගේ පවුල් පරිසරය, අධ්‍යාපනය එක්ක තම තමන්ගේ සීමාවන් තියෙනවනේ. මගේ අම්මා තාත්තා සහෝදරිය උගත් අය. මගේ පවුල් පරිසරය එක්ක එයාලට ලැජ්ජා වෙන දෙයක් කරන්න මම පෙලඹෙන්නේ නැහැ.

නමුත් සමාජයෙන් තනියම ජීවත්වෙන කාන්තාවන්ට විවිධ බලපෑම් එනවා නේද?
තනියෙන් ජීවත් වෙද්දී මාර දේවල්වලට මුහුණ දෙන්න වෙන්නේ. අපි දන්නෙවත් නැති මිනිස්සු අපිට හරි ආදරයක් පෙන්නගෙන එනවා වෙන වෙන දේවල්වලට. මෙච්චර කල් හොඳට හිටපු යාළුවොත් අමුතුම විධියක් වෙලා. හරිම පුදුම සමාජයක් මේක. තනියෙන් ඉන්නවා කියලා දැනගත්තම සමහර අයියලා, මල්ලිලා පුදුම ආදරයක් තියෙන්නේ. මම ඉතින් ඒ දේවල් මඟහැරලා පාඩුවේ ඉන්නවා.

කෙනෙක් විවාහ වෙන්නේ දික්කසාද වෙන්න බලාගෙන නෙවෙයිනේ. ඔබේ ජීවිතේ මේ තාක් වෙච්ච දේවල් ගැන මොකද හිතෙන්නේ?
මම කිසි දෙයක් ගැන පසුතැවෙන්නේ නෑ. හැමදේම වෙන්නේ හොඳට කියලා හිතනවා. හිත හදාගන්න පහසු නැහැ. වෙන්න තියෙන දේවල් වෙනවා කියලා හිත හදාගෙන ඉන්නවා. ඉදිරිය ගැනත් ලොකු බලාපොරොත්තු නැහැ. එන විධියට ජීවත් වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top