ජනජීවිතය අපහසුතාවට පත්කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගතයුතු බව රජය දැනුම් දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ ලැබෙන සියලු දත්ත විශ්ලේෂනය කර ඇඳිරි නීතිය පැනවීම, එය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරාගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළ මට්ටමින් බවයි.
යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියේ වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරතුරු කොරෝනා වෛරසය මර්දනය පිණිස ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධන බලකාය වෙත යොමුකළ යුතු බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.