Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
"අපිරිසිදු අත්වැසුම් වැරදීමකින් හරි ස්පර්ශ වුණාද කියලා මට බයක් දැනෙනවා.." - ඡායාරූපයක් නිසාම ලෝකයක්ම කතා කළ, ඉතාලියේ සුරූපී හෙදිය කියන සංවේදී කතාව - Photos

- "අපිරිසිදු අත්වැසුම් වැරදීමකින් හරි ස්පර්ශ වුණාද කියලා මට බයක් දැනෙනවා.." - ඡායාරූපයක් නිසාම ලෝකයක්ම කතා කළ, ඉතාලියේ සුරූපී හෙදිය කියන සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,004 Views
"ආරක්ෂිත උපකරණ නිසා ශාරීරකව වෙහෙසට පත්වෙලා."
"එකපාරක් ඇඳගත්තම පැය හයක් වැසිකිළියට යන්නවත් බැහැ.."
"මම බය වුණා... සාප්පු යන්න නෙවේ, මගේ රැකියාවට යන්න..."
 
මේ වන විට ලෝකයේම අවධානය යොමු වී ඇති COVID 19 හෙවත් කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 33, 997ක්.
 
ලොව පුරා ආසාදිතයින් හත්ලක්ෂ 22, 435ක් වන අතර එයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

කෙසේ වෙතත්, වෛරසයේ වැඩිම බලපෑම් එල්ල වී ඇති ඉතාලි රාජ්‍යයේ මරණ සංඛ්‍යාව මේ වන විට 10, 000 ද ඉක්මවා තිබෙනවා. එරට ආසාදිත සංඛ්‍යාව 97, 689ක්.
 
ඉතාලියට වැරෙන් පහර දෙන 'කොරෝනා', ඉතාලියේ වෛද්‍යවරුන් 51 දෙනෙකුද බිලිගෙන තිබෙනවා.
 
මේ අතරතුර පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඉතාලි රටේ සේවය කරන, හෙදියකගේ ඡායාරූපයකට ‍බොහෝ පිරිසකගේ අවධානය යොමු වුණා.
 
රූමත් හෙදියක් වූ ඇය සිය ඡායාරූපය පළ කර තිබෙන්නේ සිය වැඩ මුරය සිදු කර අනතුරුවයි. ආරක්ෂිත ආම්පන්න නිසාම ඇගේ මුහුණත තැළුණු ආකාරයක් ඡායාරූපයේ දැක්වෙනවා.
 
ඇය නමින් ඇලෙසියා බොනාරි වන අතර ඇය සිය රාජකාරි කටයුතු කරන්නේ ඉතාලියේ මිලාන්හි රෝහලකයි.
 
රෝහල් ජීවිතයේ කටුක බව පවසන ඇය, ආරක්ෂිත ඇඳුම් පැළඳීමෙන් පසු පැය හයක් තිස්සේ ජලය පානය කිරීමට හෝ මූලික අවශ්‍යතා වෙනුවෙන් වැසිකිළි යාමට හෝ නොහැකි බව සංවේදීව හෙළි කරනවා.
 
ඇලෙසියා බොනාරි, සමාජ මාධ්‍ය වැඩසටහනකදී පවසා ඇත්තේ රෝහලේ සේවය කරන අතරතුර තමාටද වෛරසය ආසාදනය වේ යැයි බියෙන් පසු වූ බවයි.
 
"මම බය වුණා... සාප්පු යන්න නෙවේ, මගේ රැකියාවට යාමට බයයි..."
 
"අපිරිසිදු අත්වැසුම් වැරදීමක් හරි ස්පර්ශ වුණාද කියලා මට බයක් දැනෙනවා.."


"ආරක්ෂිත උපකරණ නිසා මම ශාරීරකව වෙහෙසට පත් වෙලා සිටියේ. ඒක ඇඳ පැළඳගත්තම දහඩිය දානවා. එකපාරක් ඇඳගත්තම පැය හයක් තිස්සේ බට වැසිකිළියට යන්නවත් පානය කරන්නවත් බැහැ.."
 
"සති ගණනාවක් තිස්සේ එකම තත්ත්වයේ පසුවන මමත් මගේ පිරිසත් මානසිකව වැටිලයි ඉන්නේ.."
 
අවසානේ ඇය මෙසේ පැවසුවා.
 
"මම මගේ රෝගීන් රැකබලා ගැනීම දිගටම කරනවා. මොකද මම මගේ රැකියාවට ආදරෙයි. ඒක මම ආඩම්බරෙන් කියන්නේ.."
 
ඉතාලි රාජ්‍යයේ හෙද හෙදියන් සහ වෛද්‍යවරුන් රෝගීන් වෙනුවෙන් කැපවන ආකාරය දැක්වෙන තවත් ඡායාරූප බොහෝමයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.
 
එවැනි තවත් ඡායාරූපයක, හෙදියක් වන එලේන් පග්ලියරිනි, ක්‍රෙමෝනාහි රෝහලක මේසයක් මත, මුහුණු ආවරණ සහිතව ඇද වැටී ඇති අයුරු දැක්වෙනවා.

Dailymail ඇසුරිනි.

Alessia Bonari, a nurse in northern Italy, posted this picture of her bruised face after wearing a protective face mask for hours during a shift in MilanAlessia (pictured) described life at the hospitalAlessia (pictured) revealed how she could not drink or go to the bathroom for six hoursAnother nurse, Elena Pagliarini, was pictured slumped over her desk at a hospital in Cremona where she had been working around the clockA medic wearing a protective suit and face mask works at a triage centre in Brescia, in the region of Lombardy which has been worst affected by the crisisBeds are laid out at a checkpoint in Brescia, with the number of people in intensive care also rising rapidlyAn X-ray image appears on a screen at a medical centre in Brescia with many doctors and nurses working long hours because of the health crisisAn X-ray image appears on a screen at a medical centre in Brescia with many doctors and nurses working long hours because of the health crisisMedics treat a patient at a hospital in Schiavonia, in northern Italy which has been worst-affected by the coronavirus outbreak in the countryHealthcare workers wearing protective suits, masks and gloves are pictured at work in the Amedeo di Savoia hospital in Turin
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top