Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
කොරෝනා වල අලුත් රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගනී. ස්වයං නිරෝධායනයවූ අය සැලකිලිමත් වෙන්න !

- කොරෝනා වල අලුත් රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගනී. ස්වයං නිරෝධායනයවූ අය සැලකිලිමත් වෙන්න !Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,201 Views
යොවුන් පරපුර අතර පැතිර යාමේ ලක්ෂණ !
 
හදිසියේ ආඝ්‍රාණේන්ද්‍රිය අක්‍රිය වීම කොවිඩ් ආසාදිත වූ බවට පූර්ව රෝග ලක්ෂණයක් විය හැකි යැයි ප්‍රංශයේ සෞඛ්‍ය සේවාවේ ප්‍රධානි ජෙරොම් සැලමොන් බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා.
 
නාසය සිරවීම, නාසයෙන් දියර ගැලීම වැනි ලක්ෂණ දක්නට නැතත්, විශේෂයෙන් යොවුන් පරපුර අතර එය ආසාදනය වීමේ ලක්ෂණයක් බව පෙනීගොස් ඇතැයි ඔහු ප්‍රකාශ කරනවා.

රෝගී පුද්ගලයන් ඇසුරෙන් සමීක්ෂණයක යෙදුණු බ්‍රිතාන්‍ය වෛද්‍ය කණ්ඩායමක්ද මෙය තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.
 
යොවුන් පරපුර අතර වඩාත් දුර්ලභ රෝග ලක්ෂණයක් ලෙස, දිවට ආහාරවල රසය නොදැනීයෑමද සඳහන් කරනු ලැබ තිබෙනවා.
 
මේ වනවිට උණ හෝ කැස්ස නිසා ස්වයං නිරෝධායනයට බදුන්ව සිටින පුද්ගලයන් අතර ඉහත ලක්ෂණ පහළවීම කෙරෙහි සැලකිලිමත් විය යුතු බව බ්‍රිතාන්‍යයේ උගුර, කන හා නාසය පිළිබඳ විශේෂඥයකු පෙන්වා දෙනවා.
 
මුල් කාලයේ පැවැති ලක්ෂණ වෙනුවට මෙම නව රෝග ලක්ෂණ පහළ වීම මෑතක සිට වැඩිපුර දක්නට ලැබෙන බවද ඔහු පවසනවා.

මව්බිම පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top