Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
"කොරොනා වෛරසය දියවැඩියා රෝගීන්ට වැළදීමේ අවදානම වැඩියි.." - දියවැඩියා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද පවසයි

- "කොරොනා වෛරසය දියවැඩියා රෝගීන්ට වැළදීමේ අවදානම වැඩියි.." - දියවැඩියා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද පවසයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,233 Views
මේ දිනවල මුළු ලෝකයේම අවධානය යොමුවී ඇත්තේ කොරෝනා වෛරස ආසාදන රෝගය පිළිබඳවය. මෙම රෝගයෙන් මියයන අයගෙන් බහුතරය වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ය. එසේම මෙම ආසාදනයට ලක්ව මියයෑමේ අවදානම ඇති අය වන්නේ සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වූවන්ය. අප සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වීමට බලපාන වර්තමානයේ ඉතා සුලභ රෝගයක් බවට පත්ව ඇත්තේ දිවයැඩියාවය. ඒ ගැන දියවැඩියා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද කියන කතාවයි මේ 

වෛද්‍යතුමනි දියවැඩියාව නිසා සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වන්නේ කෙසේද?
අප සෑම කෙනෙකුගේම ශරීරයේ රෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇත. මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කළ හැකියි. ඉන් පළමුවැන්න අපගේ ශරීරයේ ඇති වෙනස් නොවී පවතින ප්‍රතිශක්තියයි. මෙමගින් රෝගවාහක වලින් අප ශරීරය බේරාගනු ලබනවා. ඒ සඳහා ශරීරය තුළ යාන්ත්‍රණයක් ගොඩනැගී තිබෙනවා. උදාහරණ ලෙස දක්වතොත් සම, කට සහ ස්වසන පද්ධතිය, බඩවැල්, යෝනිමාර්ගය ඇතුළු ඉන්ද්‍රියයන් ඇතුළත ඇති ආස්ථරණය හෙවත් පිට ආවරණයයි. මෙමගින් ශරීරය තුළට ඇතුළුවන බැක්ටීරියා, වෛරස ආදී නොයෙක් විෂබීජ විනාශකර දමනවා.

ඊට අමතරව සිරුර ඇතුළත ඇති විශේෂ සෛල වර්ගයක් මගින් ශරීරයට ඇතුළුවන වෛරස, බැක්ටීරියා, පරපෝෂිතයන් ආදියට පහරදීම, ගිලදැමීම හෝ රසායනික ක්‍රම මගින් පහරදීම ආදී ක්‍රම මගින් ඒවා විනාශ කරනු ලබනවා. මෙය උපතේ සිට පවතින ප්‍රතිශක්තියයි.

දෙවැනි ප්‍රතිශක්තිකරණය වන්නේ කිසියම් රෝගයක් ඇතිවූ විට ඊට මුහුණදීමෙන් පසු ගොඩනැගෙන ප්‍රතිශක්තියයි. එනම් උදාහරණයක් ලෙස පැපොල, සරම්ප වැනි රෝග වැළඳුන පසු එය නැවත මතු නොවීමට ශරීරය තුළින් ඊට එරෙහිව ගොඩනැගෙන ප්‍රතිශක්තියයි. මෙය ඇතිවන්නේ උපතින් පසුය. මෙහිදී ප්‍රතිශක්ති පද්ධතිය තුළ මතක ශක්තිි ෙසෙල ලෙසින් වසා සෛල වර්ගයක් ගොඩනැගෙනවා. එම සෛල විසින් යළිත් මෙවැනි රෝගයක් මතුවුවහොත් එය මතක තබාගෙන සිට පහරදී විනාශ කරනවා.

දියවැඩියාවේදී මෙම ප්‍රතිශක්ති පද්ධතියේ ප්‍රධාන කොටස් දෙකටම හානි සිදුවෙනවා. එනම් ආස්ථරණ පටලවලට හානි සිදුවෙනවා. සුදුරුධිරානුවලට සහ විශබීජවලට එරෙහිව සටන්කරන ෙසෙල වලට හානි සිදුවී ඒවා විනාශ වෙනවා. එවිට ඉතා ඉක්මනින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. මෙවැනි තත්ත්වයන්හිදී ඉතා පහසුවෙන් විශබීජවලට ශරීරයට ඇතුළුවී රෝග ඇතිකිරීමට අවශ්‍ය පරිසරය ගොඩනැගෙනවා.

මෙලෙස ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල වූ විට ඇතිවිය හැකි ලෙඩ රෝග මොනවාද?
විශේෂයෙන්ම වෛරස සහ බැක්ටීරියා මගින් ඇතිවන ආසාදන රෝග, දිළීර මගින් හටගන්නා රෝග ආදිය ඉතා පහසුවෙන් ඇතිවිය හැකියි. මේ දිනවල ලොවපුරා පැතිරයන කොරෝනා වෛරස ආසාදන රෝගයද දියවැඩියා රෝගීන්ට ඉතා පහසුවෙන් වැළඳිය හැකියි.

දියවැඩියා රෝගීන් ලොවපුරා විශාල සංඛ්‍යාවක් සිටිනවා. අපේ රටේත් වැඩිහිටියන්ගෙන් වැඩිප්‍රතිශතයක් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. එනිසා දියවැඩියා රෝගය නිසි ලෙස පාලනය කර නොගතහොත් කොරෝනා වෛරස රෝගයටද ඉතා පහසුවෙන් ගොදුරුවිය හැකියි. එසේම සිරුරේ ප්‍රතිශක්තියද දුර්වලවීම නිසා මරණයටද පත්විය හැකියි.

දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top