Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
ලෝකයම කම්පා කළ COVID 19, ඉතාලියේ වෛද්‍යවරු 51 ක් බිලිගෙන - මුහුණු ආවරණවත් ඉවත් නොකරන හෙද හෙදියන්, තවමත් සේවයේ - Photos

- ලෝකයම කම්පා කළ COVID 19, ඉතාලියේ වෛද්‍යවරු 51 ක් බිලිගෙන - මුහුණු ආවරණවත් ඉවත් නොකරන හෙද හෙදියන්, තවමත් සේවයේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,541 Views
සෞඛ්‍ය සේවයේ නියතු 7100කට ආසාදනය වෙලා..
"අපි ජලයවත් පානය කරන්නේ නැහැ..."
"මූලික අවශ්‍යතා සඳහාවත් යන්න විදිහක් නෑ.."
 
ලෝකයම බිය ගැන්වූ COVID 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය ගණන මේ වන විට 33, 968ක්.
 
වැඩිම ආසාදිතයින් පිරිසක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලි රාජ්‍යයෙන්. එය මේ වන විට 10, 000 ද ඉක්මවා තිබෙනවා.

කෙසේ වෙතත්, වෛරසයේ පුපුරා යාම වඩාත් අර්බුදකාරී වූයේ ඉතාලි රාජ්‍ය තුළ කීම රහසක් නොවෙයි.

මේ වන විට වාර්තා වන අන්දමට ඉතාලියේ වෛද්‍යවරුන් 51 දෙනෙකු වෛරසයටම බිලිවී අවසන් ගමන් ගොස් තිබෙනවා.
 
කොරෝනා වෙනුවෙන් සටන් වදින, රෝගීන් වෙනුවෙන් අපමණ කැපකිරීම් කළ මෙම වෛද්‍යවරුන් ගැන ඉතාලිය සිය සංවේගය පළ කරනු දක්නට ලැබුණා.
 
සෞඛ්‍ය සේවයේ නියතු 7100ක පමණ පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
ආරක්ෂිත හිස් වැසුම් සහ වෙස්මුහුණු වලින් වැසුණු ඔවුන්ගේ සැබෑ මුහුණු කිසිවෙකුටත් නොපෙනෙයි. වෙහෙසට පත් වූ ඇස් පමණක් දර්ශනය වෙයි. මෙය මේ වනවිට ලෝකයෙම අවධානය යොමු වූ ව්‍යසනයක්.
 
ඉතාලියේ මෙම අර්බුදය තුරන් කිරීම සඳහා ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොවන බව පසුගිය දිනෙක වාර්තා පළ වුණා.
 
ඉතාලියේ බර්ගමෝහි හියුමනිටාස් ගවජේනි නම් රෝහලේ දැඩි සත්කාරයේ සේවය කළ හෙදියක් මෙසේ පැවසුවා.
 
"අපි දිගටම රාජකාරියේ ඉන්නේ. බොහෝ වෙලාවට වෛද්‍යවරුන් හා හෙදියන් පැය 8 සිට 10 දක්වා මාරුවීම්වලදී පවා ජලයවත් පානය කරන්නෙ නැහැ. අත්‍යවශ්‍ය කටයුත්තකදී වුණත් ඇඳුම ගලවා දැමිය නොහැකි නිසා එක තැන ඉන්නේ. අත්වැසුම් ගැන අනිකුත් ඇඳුම් කට්ටල ගැන අපි සැලකිලිමත් වෙන්නේ, කොයි මොහොතේ හෝ අපිටත් වෛරසයෙන් බලපෑම් එල්ල විය හැකි නිසයි.."
 
ආරම්භයේ සිට ඉතාලියේ මිලියන 60ක ජනතාවක් රට තුළ අඟුළුදමා ඇති අතර එය අප්‍රේල් මස 3 වැනිදා තෙක් දීර්ඝ කර ඇති බව වාර්තා වනවා.
 
කෙසේ වෙතත්, වර්තමාන තත්ත්වය තුළ අඟුළු දැමීම අවසන් කළ නොහැකි සේයක් පෙනේ.
 
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)

Coronavirus: for every 10 cases in Spain and Italy, one is a ...Coronavirus supplies are being provided by volunteer engineers - VoxItalian doctors hope for a sign the coronavirus lockdown is ...Italy doctor coronavirus: Inside the Coronavirus in Italy: Photos of Doctors and Nurses - The AtlanticDoctors, nurses and other health care workers around the globe ...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top