රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් කොරෝනා වෛසර මර්දන රාජකාරී සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනියුක්ත කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.
දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන ලබන මැයි මාසය තෙක් කල් දමා තිබෙනවා.
කෙසේ වෙතත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ඉල්ලීම මත කොරෝනා වෛරසය පාලනයේ දී ඔවුන්ගේ සහය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබාදීමට හැකි වන ආකාරයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට තාවකාවලික අනියුක්ත කිරීමට තීරණය කළ බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ.
ඇඳිරි නිතීය ක්‍රියාත්මක වීම හේතුවෙන් ඔවුන්ට සේවයට වාර්තා කිරීමට අපහසු බැවින් අද (30) දිනයේ දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වාර්තා කිරීම අත්‍යාවශ්‍ය නොවන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.