කොරෝනා (කොවිඩ් _ 19) වයිරසය තරමක් මර්දනය කළ හැකි බවට විශ්වාස කරන ‘ඇවිගන්’ නමැති ඖෂධය මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය ඔසුසල අවධානය යොමු කර තිබෙනවා.
මෙම ඖෂධය ජපානය විසින් නිෂ්පාදනය කරන ලද්දක්.
මේ මඟින් වෛරසයේ කාලසීමාව අඩු කරගත හැකි වන බවයි සඳහන් වන්නේ.
ජපානය විසින් සිදුකළ ඔවුන්ගේ මෙම පරීක්ෂණය සඳහා රෝගීන් 340ක් පමණ සම්බන්ධ වී ඇති අතර එය "ඉහළ ආරක්ෂාවක්" දිය හැකි ඖෂධයක් ලෙසයි ඔවුන් විසින් හඳුන්වා දෙනු ලබන්නේ.