ඉන්දියාවේ පසුගියදා දින 21 කට ක්‍රියාත්මක කල ලොක්ඩවුන් හෙවත් පිටස්තර සබඳතා බිඳහෙලීමේ ක්‍රියාවලිය හේතුවෙන් බොහෝ ඉන්දියානුවන් දැඩි ලෙස අසරණ වී සිටිනවා.
දෛනික අදායමෙන් ජීවත් වන බොහෝ පිරිසක් මේ වනවිට අන්ත අසරණ වී සිටින ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා.
නව දිල්ලි නුවර ආනන්ද් විහාර් බස් නැවතුම්පොළට එරට සංක්‍රමණික ජනතාව බොහෝ සේ සිය දෛනික අදායම සොයා පැමිණි ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුනා.
මේ අතර අදාල ඡායාරූප ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට තුඩු දුන්නේ නරේන්ද්‍ර මෝදී අගමැතිවරයා කිසිඳු සැලැස්මක් නොමැතිව මෙම ලොක්ඩවුන් ක්‍රියාවලිය ආරම්භ කළ නිසායි.
මෙම ජනතාවගෙන් එක් අයෙකුට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්නම් ඉන්දියාවට වෙන්න යන කල දසාව පිලිබඳ ඕනෑම අයෙකුට තේරුම් යනු නොඅනුමානයි.