සති දෙකකට කලින් ඔහු ලංකාවට ඇවිත් ගිහින්..
වඩාත් හොඳින් ඒ කාර්යය කරන්නේ මොන රටද?
ඔවුන්ගේ ඒ කටයුතු ඉතා හොඳින් සිදු වෙනවා..
කොරෝනා වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යටත් වඩා සැළසුම්සහගතව කටයුතු කරන බව බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා.
ග්‍රිම් ඇබට් නම් මෙම සංචාරකයා බීබීසී සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී බ්‍රිතාන්‍ය වෛරසය මර්දනයට කටයුතු කරනවාට වඩා හොදින් සූදානම් සහගතව සහ සංවිධානාත්මකව එම කටයුතු සිදු කරන බව සඳහන් කරනවා.
ශ්‍රී ලංකාව ගුවන් ගමන් තහනම් කරන්නට පෙර සති දෙකක සංචාරයක් සඳහා ඔහු මෙරටට පැමිණ තිබුණා.
ගුවන් යානය තුළදී ඔවුන්ගේ තොරතුරු ලබා ගැනිමේ සිට, ගුවන් තොටුපොලේදී ඔවුන්ව පරීක්ෂාවට ලක් කිරීම ඇතුලු සියලු කටයුතු ඉතා හොඳින් සිදු වූ බවයි ඔහු එම පුවත් සේවය හා පවසා තිබෙන්නේ.
වඩා හොඳින් එම කාර්‍ය ඉටු කරන්නේ කුමන රටදැයි නිවේදිකාව විමසූ විට ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ඔහු නොපැකිළී පවසා තිබෙනවා.