Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
" 'අද සල්ලි එපා.....නොමිලේ,' doctor කිව්වා, මං ආයෙත් බැලුවා. මෙච්චර ගොඩකට. ජීවිත අවදානමකුත් එක්ක doctor නොමිලෙ බෙහෙත් ලියනවා..!" - කොරෝනා මරන්න සටන් කරන, වෛද්‍යවරයෙකු ගැන, බුකියේ පළ වූ සංවේදී කතාවක් - Photo

- " 'අද සල්ලි එපා.....නොමිලේ,' doctor කිව්වා, මං ආයෙත් බැලුවා. මෙච්චර ගොඩකට. ජීවිත අවදානමකුත් එක්ක doctor නොමිලෙ බෙහෙත් ලියනවා..!" - කොරෝනා මරන්න සටන් කරන, වෛද්‍යවරයෙකු ගැන, බුකියේ පළ වූ සංවේදී කතාවක් - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,934 Views
වෘත්තීය සඳහා දොස්පවරද්දි මොහොතක් හිතන්න..
අර සුපුරුදු සුන්දර හිනාව නම් පේන්නෙ නෑ....marsk දාලනේ....
හැමෝම බනින්නෙ දොස්තරල මස්කඩකාරයො කියල...
 
ලෝකයම බය කරපු 'කොරෝනා' මේ වෙද්දි ලංකාවට 'ආගන්තුකයෙක්' නෙවෙයි. 'කොරෝනා' බිය තදින්ම දැනෙන අපේ රටේ මිනිස්සු දැන් දැන් සෞඛ්‍ය බලධාරින්ට ඇහුම්කන් දෙන්න අරන්.
 
ඒ අතරතුර රටටම ඇඳිරිය වැටුණු මොහොතකත් රාජකාරිය දේවකාරිය කරගත් පිරිස් ඉන්නවා. ත්‍රිවිධ හමුදාව, වෛද්‍යවරු, හෙද හෙදියන් කියන්නේ ඒ අය.

'කොරෝනා' නිසාම කොටු වෙච්ච ඒ සමහරක් ජීවිත බොහෝ දෙනාගෙන් ඈත් වෙලා, කොන්වෙලා ගිහින්. කොහොම වුණත් පහුගිය දවසක බුකියේ පළ වෙලා තිබුණු බොහෝම සංවේදී සටහනකට හැමෝගෙම අවධානය යොමු වුණා.
 
මේ ඒ සටහන....
 
ඇදිරිනීතිය අයින් කරපු ගමන් මිනිස්සු කඩිගුල වගේ...ඉන්ධන හල්..සතොස....ෆුඩ් සිටි...බැංකු...මේ හැමතැනම දිගු පෝලිම්.මටත් දැන් ටික දවසක ඉදන් උගුරෙ අමාරුවක්..අද වෛද්‍යවරුත් අඩුයි.doctor H.A.D. හේරත් ....අපි පුරුදු විදියට කියන්නෙ හේරත් මහත්තය ...ඉන්නවා...දිගු පෝලිමක්....50ක් විතර.අපිත් පෝලිමට එකතුඋනා....
 
මීටරයක් දුරින්.....බෙහෙත් දෙන ලමය නම් නෑ...doctor බෙහෙත් ලියල දෙනව....ෆාමසියෙන් ගන්න...වෙලාවෙ හැටියට ඒකත් මසුරන්....නැත්නම් කොහොමවත් නෑනේ .වෙලාව ආවම අපිත් ගියා...අර සුපුරුදු සුන්දර හිනාව නම් පේන්නෙ නෑ....marsk දාලනේ....බෙහෙත් ලියල දුන්නම මම සල්ලි දුන්නා..."අද සල්ලි එපා.....නොමිලෙ...." doctor කිව්වා...මං ආයෙත් බැලුවා....මෙච්චර ගොඩකට...පැය ගානක් කැප කරගෙන.....ඒ මදිවට ජීවිත අවදානමකුත් එක්ක doctor නොමිලෙ බෙහෙත් ලියනවා....
 
හැමෝම බනින්නෙ දොස්තරල මස්කඩකාරයො කියල ....හුගාක් වෙලාවට එහෙම වෙන්නෙ තමන්ගෙ අත්දැකීම් අනුව...හැබැයි වාසනාවකට වගේ මට මුනගැහුන හුගාක් වෛද්‍යවරු මනුස්සකමින් පිරි දෙවියන් වැනි අය.ඉතින් ඔබ වෘත්තීය සදහා දොස්පවරද්දි මොහොතක් හිතන්න...පොදුවේ ඒ දොස් මෙවැනි උතුම් හදවත් ඇත්තවුන්ට ගෙනෙන වේදනාව ...කලකිරීම කෙතරම් විය හැකිද ....
 
ඇඹිලිපිටිය මුලික රෝහලේ ආදරනීය දොස්තර ....හේරත් මහතාට උපහාරයක් ලෙස මෙම සටහන තබමි.


 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top