Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 25ක් - අග්‍රාමාත්‍ය මෝදි, ජනතාවගෙන් සමාව අයදී

- ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 25ක් - අග්‍රාමාත්‍ය මෝදි, ජනතාවගෙන් සමාව අයදීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,727 Views
ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 25ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, නව ආසාදිතයන් 61 දෙනෙකු ගත වූ පැය 24 තුළ සොයාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 
වෛරසයේ ව්‍යාප්තිය මැඬලීමට ඉන්දියාව මේ වන විට දින 21ක නිරෝධායන කාලයක් ක්‍රියාත්මක කරනු ලබනවා.
 
ඒ පිළිබදව අගමැති නරේන්ද්‍ර මෝදි අද නැවතත් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සමස්ත ඉන්දියාවම වසා දැමීමට පියවර ගත්තේ ජනතාවගේ යහපත උදෙසා බවයි.
 
එම සීමාවන් උල්ලංගණය කිරීම තම ජීවිත අවදානමට ලක් කර ගැනීමක් බවට ඔහු අනතුරු අගවා සිටියා.

කෙසේ නමුත්, පොදුජනතාවට දුෂ්කර දැඩි පියවර ගැනීමට සිදුවීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ජනතාවගෙන් සමාව අයැද සිටියා.
 
එමෙන්ම, ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හයලක්ෂ 80,199ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව ද 31,907 දක්වා වැඩි වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 
එමෙන්ම, ලොව පුරා කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 46,352ක් සුවය ලබා ඇති බව ද එම වාර්තාවල දැක්වෙනවා.
 
ලෝකයේ මේ වන විට කොරෝනා ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව එක්ලක්ෂ 23,781ක්. වෛරසය බිහි වූ චීනය ද අභිබවා ඉතාලියෙන් ආසාදිතයන් 92,472ක් වාර්තා වෙද්දී, චීනයෙන් ආසාදිතයන් 81,439ක් වාර්තා වී තිබෙනවා.
 
ස්පාඤ්ඤයේ ද ආසාදිතයන් 73,235ක් වාර්තා වී ඇති අතර, ජර්මනියෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 58,247ක්.
 
මේ අතර, වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර එම සංඛ්‍යාව දස දහස් 23ක් ලෙස දැක්වෙන්නේ ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ 889ක් වාර්තා වීමත් සමඟයි.
 
ඒ අනුව කොරෝනා මරණ දස දහස ඉක්ම වූ  ලොව පළමු රට බවට ඉතාලිය පත්ව තිබෙනවා.
 
දෙවනුවට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් වන අතර එම සංඛ්‍යාව 5982ක්. ඇමරිකාවේ මරණ සංඛ්‍යාව 2229ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
කොරෝනා වෛරසය චීනය වෛරසයක් බවට අර්ථගැන්වීම සහ වෛරසයේ ව්‍යාප්තියේ පාලනයට අසමත් වීම හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප් විදෙස් මාධ්‍ය රැසකගේ දැඩි දෝෂදර්ශනයට ලක්වුණා.
 
කොරෝනා වෛරසය, විද්‍යාගාර අතපසුවීමකින් හට ගත් වෛරසයක් නොවන බවත් එය වව්ලන්ගෙන් හට ගත් බවට සාධක මගින් සහතික වී ඇති බවත් ඇමරිකානු සෞඛ්‍ය සඟරාවක් පෙන්වා දෙනවා.
 
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව ද 1019 දක්වා ඉහළ ගියේ දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව 260ක් ලෙස සටහන් කරමින්.
 
ඒ අනුව මරණ දහස ඉක්ම වූ 7 වන රාජ්‍යය බවට බ්‍රිතාන්‍යය පත්වුණා
 
එමෙන්ම, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පදිංචිව සිටි වයස අවුරුදු 60 ක පමණ ශ්‍රී ලාංකිකයෙකු සහ තවත් ශ්‍රී ලාංකික විශ්‍රාමික වෛද්‍යවරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මිය ගියා.
 
මැදපෙරදිග කලාපයේ වෛරසය ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති ඉරානයෙන් ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ 139ක් වාර්තා වීමත් සමඟ එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 2517ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top