Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
COVID 19 ස්පාඤ්ඤය හොල්ලයි, පැය 24ක් තුළ මරණ 832යි - ලොව පුරා මරණ 30,848ක් - දින 21ක නිරෝධායනය නිසා ඉන්දියාව අවුල් ජාලයක - ඇමරිකාවෙත් ආසාදිතයින් ඉහළට - Photos

- COVID 19 ස්පාඤ්ඤය හොල්ලයි, පැය 24ක් තුළ මරණ 832යි - ලොව පුරා මරණ 30,848ක් - දින 21ක නිරෝධායනය නිසා ඉන්දියාව අවුල් ජාලයක - ඇමරිකාවෙත් ආසාදිතයින් ඉහළට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,812 Views
ලොව පුරා ආසාදිත සංඛ්‍යාව හයලක්ෂ 65,000 ඉක්මවයි..
බ්‍රිතාන්‍යයේ සෑම නිවසකටම ලිපියක්..
සිංගප්පූරුවේ තුන්වන මරණයද වාර්තා වෙයි..!
 
මේ වනවිට ලොව පුරා කොරා්නා වෛරස් ආසාදිත සංඛ්‍යාව හයලක්ෂ 65,000 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 30,848 ක්. කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ අවසන් පැය 24 තුල මරණ 832ක් සිදුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
එමෙන්ම කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් එනම්, එක්ලක්ෂ විසි හතරදහසක් සහ මරණ 2,190ක් වාර්තාවන ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ප්‍රාන්තය වසා දැමීමට ගෙන තිබූ තීරණය ජනපති ට්‍රම්ප් විසින් අතහැර දමා තිබෙනවා.

ඔහු කියා සිටියේ අත්‍යාවශ්‍ය පියවර ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාවට නංවන්නේ නම් එවැනි පියවරක් අත්‍යාවශ්‍ය නොවන බවයි.
 
ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිතයන් අතරින් බහුතරයක් එනම් 52,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවන්නේ නිව්යෝක් පුරවරයෙන්.
 
නිව්යෝක් ඇතුලු නගර කිහිපයක් නිරෝධායනය කිරීමට අදහස් කරන බව ජනපති ට්‍රම්ප් මීට පෙර කියා සිටියා.
 
කෙසේ නමුත් නිව්යෝක්, නිව්ජර්සි ඇතුලු කොරෝනා වෛරසය පැතිර ඇති ප්‍රාන්තවල ජනතාවට අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා ඉදිරි දින 14ක කාලය තුළ සංචාරණයෙන් වැළකී සිටින ලෙසයි ඇමරිකානු රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ.
 
මේ අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එරට ජනතාවට දැනුම් දුන්නේ තත්ත්වය උත්සන්න වීමට පෙර අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
 
ඒ සඳහා ඔහු බ්‍රිතාන්‍යයේ සෑම නිවෙසක් වෙතම ලිපියක් යොමුකර තිබෙනවා.
 
ඒ සමඟ ලබාදී ඇති පත්‍රිකාවක දැක්වෙන්නේ නිවසින් පිටතට නොයන ලෙස සහ අදාළ සෞඛ්‍ය උපදේශ අවධානයෙන් පිළිපදින ලෙසයි.
 
මෙලෙස මිලියන 30 ක් වූ බ්‍රිතාන්‍ය නිවෙස් වෙත කොරෝනා වෛරස් උපදේශන ලිපිය යොමු කිරීමට ස්ටර්ලින් පවුම් මිලියන 5.8 ක් වැයවන්නට ඇතැයි සැළකෙනවා.
 
බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 17,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාවද දහස ඉක්මවා තිබෙනවා.
 
නව කොරෝනා වෛරසයෙන් සිංගප්පූරුවේ තුන්වන මරණයද අද වාර්තාවූ අතර, එහිදී මියගොස් ඇත්තේ 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
 
සිංගප්පූරුවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 802ක්.
 
නවසීලන්තයේ ප්‍රථම කොවිඞ් 19 මරණයද අද වාර්තාවූ බව එරට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා නිවේදනය කළා.
 
එහිදී මියගොස් ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සමග රෝහල් ගත කෙරුණු 70 හැවිරිදි කාන්තාවක්.
 
එමෙන්ම නවසීලන්තයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාවද දිනක් තුළ 63 කින් ඉහළ ගොස් 514 ක් ලෙස සටහන් වී තිබෙනවා.
 
මේ අතර දින 21 නිරෝධායන කාලයක් ප්‍රකාශයට පත් කර ඇති ඉන්දියානුවන් ඔවුන්ගේ ආහාර ඇතුලු දෛනික අවශ්‍යතා සපුරාගැනීමේ දරුණු අර්බුදයකට මුහුණදී ඇති බව වාර්තාවනවා.
 
මෝදි රජය ප්‍රකාශ කළේ දින 21ක කාලයක් රටම නිරෝධායනයට ලක් කිරීමේදී කිසිවෙකු කුසගින්නේ තැබීමට කටයුතු නොකරන බවයි.
 
එහෙත් විශේෂයෙන් ග්‍රාමීය පෙදෙස්වල ජනතාව තම පවුල්වලට කුසගිනි නිවාගැනීමට ප්‍රමාණවත් ආහාර නොලැබෙන බවට චෝදනා කළා.
 
නිරෝධායන කාලය ආරම්භවීමට පෙර ඉන්දියානුවන් ප්‍රධාන නගරවලට රොක්වූයේ නිවෙස් බලා යාමටයි.
 
ඒ සඳහා බස් රථ නොමැතිවූ විට ඔවුන් පා ගමනින් නිවෙස් බලා නික්මුණා.
 
එලෙස නවදිල්ලියේ සිට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි තම නිවෙස වෙත ගමන් ඇරඹූ 38 හැවිරිදි පුද්ගලයෙකු කිලෝමීටර 200ක පමණ දුරක් ගමන් කිරීමෙන් පසු ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
කෙසේ නමුත් නැවත වරක් ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ රටම වසා දැමීම ජනතාවගේ සුරක්ෂිතතාව උදෙසා ගනු පියවරක් වන අතර, දින 21ක කාලය ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.
 
පොදු ජනතාව දුෂ්කරතාවට පත්වන දැඩි තීරණ ගැනීමට සිදුවීම පිළිබඳව අගමැති මෝදි එහිදි ජනතාවගෙන් සමාව අයැද සිටියා.

Three More Cases of Coronavirus Confirmed in U.S. - WSJCoronavirus live updates: Residents of three US states asked to ...Officers are scared out there': Coronavirus hits US police - 660 NEWSNightly News with Lester Holt: The Latest News Stories Every Night ...Coronavirus latest: US coronavirus death toll surges past 2,000 ...
Coronavirus: India defiant as millions struggle under lockdown ...Coronavirus: India defiant as millions struggle under lockdown ...Coronavirus outbreak: Sporadic cases not enough to say India in ...Flipboard: Coronavirus Cases Rise To 873 In India, Death Toll 19Indian migrant workers flee New Delhi amid coronavirus 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top