Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
නිරෝධායනය නිසා තම ආදරණීය දියණියගේ මුහුණ බලන්න, අන්තිම මොහොතේ කනත්තට ගියපු තාත්තා - රටම සංවේදී කළ පියෙකුගේ කතාව මෙන්න - Video & Photos

- නිරෝධායනය නිසා තම ආදරණීය දියණියගේ මුහුණ බලන්න, අන්තිම මොහොතේ කනත්තට ගියපු තාත්තා - රටම සංවේදී කළ පියෙකුගේ කතාව මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,896 Views
විදෙස් ගතව සිට මෙරටට පැමිණි පිරිස් සහ සංචාරකයන් ඇසුරු කළ අය නිරෝධායනයට ලක්විය යුතු බවට බලධාරීන් කොතෙකුත් දැනුවත් කළත් අදටත් ඇතැම් පිරිසක් සැඟව සිටිනවා.
 
ඒ රටේත් ජාතියෙත් අනාගතයට ආදරයක් නොමැති මිනිසුන් ලෙසින්. නමුත් ඒ අතරතුර තමන්ගේ යුතුකම අකුරටම කළ ශ්‍රේෂ්ඨ පියෙක් පිළිබඳව සංවේදී කතා පුවතක් වාර්තා වුණේ අවිස්සාවේල්ල ප්‍රදේශයෙනුයි.

අවිස්සාවේල්ල ඇස්වත්ත ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් සංචාරක බස් රථ රියදුරෙකු වන නිරෝෂ් මංජුල මහතා පසුගිය 24 වෙනිදා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා.
 
ඒ සිය නිවස අසළ පිහිටි ඔහුට අයත් තවත් නිවසකදීයි.
 
මේ අතරතුර පෙරේදා දිනයේදී ඔහුගේ වැඩිමහල් දියණිය හදිසියේ ජීවන ගමනෙන් සමුගත්තේ අසනීප තත්ත්වයක් හේතුවෙන්.
 
රටේත් ජාතියේත් අවශ්‍යතාව සලකා තමන්ට කොවිඩ් 19 වෛරසය අසාධනය වී නොතිබුණත් දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින මේ පියා ඊයේ දිනයේ තම දියණියගේ අවමංගල්‍ය උත්සවයටවත් සහභාගී වූයේ නැහැ.
 
නිරෝෂ් ඔහුගේ ආදරණීය දියණියගේ මෘත දේහයට අවසන් ගෞරව දක්වන්නට දේහය තිබූ නිවස වෙතවත් නොගොස් අවසන් මොහොතේ කනත්තට පැමිණි ආකාරය බොහෝ දෙනාට සංවේදනාව ගෙනදෙන පුවතක් වුණා.
 
නිවසේ මෘත ශරීරය තිබෙන අවස්ථාවේ නිවසට නොගොස් තමන්ගෙන් කොරෝනා වෛරසය අනෙක් මිනිසුන්ට පැමිණීමට ඉඩ ඇති නිසා නිරෝධායනය වෙමින් සිටි ඔහු මුළු මහත් රටටම ආදර්ශයක් ලබාදුන්නා.
 
කෙසේ නමුත් කනත්තට පැමිණි මේ පියා පැමිණ සිටි ජනතාව ඈත්කර තම දරුවාට අවසන් ගෞරව දක්වා මුළු මහත් සමාජයට ආදර්ශයක් පෙන්වු සංවේදී අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මේ.....




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top