Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, මෙරට තුළදී මිය ගිය ප්‍රථම පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කරන්නේ මෙහෙමයි - Video & Photos

- කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, මෙරට තුළදී මිය ගිය ප්‍රථම පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කරන්නේ මෙහෙමයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,468 Views
කොවිඩ් 19 ආසාදනය වීමෙන් මෙරට තුළදී ජීවිතක්ෂයට පත් වූ ප්‍රථම පුද්ගලයාගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
 
ඒ් අනුව මරණ පරීක්ෂණය සිදු නොකර සිරුර වළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
 
එම අවස්ථාවට මරණකරුගේ ඥාතීන්ට පමණක් රෝහල් වට්ටුවේදී අදාළ පුද්ගලයාගේ මුහුණ බැලීම අවසර ලැබෙන බව ද සඳහන්.

අවසන් කටයුතු මරණය සිදුවී පැය 24 ක්, සිදු කළ යුතු වනවා.
 
අදාළ පුද්ගලයාගේ දේහය කොළඹ අයි.ඩි.එච් රෝහලෙන් පිටතට ගෙන එන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ද මේ වනවිට ලැබි තිබෙනවා.
 
මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුළදී සිදු වූ පළමු මරණය ඊයේ වාර්තා වුණා.
 
මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ, අයි.ඩ්.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙක්.
 
මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු, මීට වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියව සහ අධික රුධිර පීඩනයෙන් ද පෙළුණු අයෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ.

 

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top