Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
"ඉස්සර වගේ නෙවෙයි. එයා දැන් ගොඩක් වෙනස් වෙලා..." - නදීර නෝනිස් ගැන බිරිද කියයි - Photos

- "ඉස්සර වගේ නෙවෙයි. එයා දැන් ගොඩක් වෙනස් වෙලා..." - නදීර නෝනිස් ගැන බිරිද කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,297 Views
අපි එකම ගමේ. ඉතින් පොඩි කාලේ ඉඳන්ම වගේ දන්නවා. එයාගෙ නංගි කෙනෙක් ඉන්නවා. එයා මගෙ යාළුවෙක්. නදීර මාව දන්න නිසා එයාම තමයි මගෙන් යාළුවෙන්න ඇහුවේ. අපි දෙන්නා මුණගැහුනේ එහෙමයි.

මුණගැහෙනකොට ඔහු?
ටිකක් දඩබ්බරයි. සෙල්ලක්කාරයි. ඒ වගේම කේන්තිත් යනවා.

පෙම්වතා කාලෙදී?
පෙම්වතා කාලෙදීත් එහෙමම තමයි. ටිකක් කේන්ති යනවා. කියන දේ අහන්නෙ නැහැ.

සැමියෙක් විධියට ඔහු?
ඉස්සර වගේ නෙවෙයි. දැන් ගොඩක් වෙනස් වෙලා. ඉස්සර යාළුවො ගොඩක් හිටියා. දැන් ලොකුවට යාළුවො ආශ්‍රය කරන්නෙ නැහැ. ළමයි දෙන්නයි මමයි එක්ක තමයි ගොඩක් කාලය ගත කරන්නෙ.

ජනප්‍රිය වීමට පෙර?
හරිම සරලයි. දැනුත් ඒ විධියම තමයි. කෙනෙක්ව හමුවුණත් කතාබහ කරනවා. සාමාන්‍ය විධියටම ඉන්නවා. ඉස්සර දැන් කියලා වෙනසක් නැහැ.

ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාපු විධිය?
හැම තැනකදීම වගේ වාසියක් තියෙනවා. කොහෙ හරි ගියත් එයාව හඳුනාගෙන ඉක්මනින් වැඩක් වුණත් කරලා දෙනවා. එයා නිසා මට රූපවාහිනි වැඩසටහන්වලටත් ආරාධනා කරලා තියෙනවා. බබාලා දෙන්නයි, මමයි අපි කට්ටියම වැඩසටහන්වල ඉඳලත් තියෙනවා. එයා නිසා අපිටත් ජනප්‍රියත්වයක් ලැබිලා තියෙනවා.

ගායන භූමිකාවේ හිරවුණ ඔහුට පවුල සහ ඔබව මඟහැරෙන්නෙම නැද්ද?
ඇත්තටම නැහැ. රාත්‍රියට සංගීත සන්දර්ශනවලට ගිහින් ඇවිත් දවසම ගෙදර තමයි ඉන්නෙ. ගායන පුහුණු වීම්වලට ගියත් එහෙ මෙහෙ යන්නෙ නැතිව ගෙදරම එනවා. කොහෙ ගියත් ඉතින් අපි හතර දෙනාම තමයි එකටම යන්නෙ.

ඔහුට ජීවිතයේ මඟහැරුණු දේවල් තියෙනවාද?
එයාට ලොකුවට අධ්‍යාපන කටයුතු කරගන්න බැරි වුණා. උසස් අධ්‍යාපනය තමයි ඉතින් මඟහැරුණේ.

සාමාන්‍ය ජීවිතයේදී ඔහු?
හරිම සාමාන්‍යයි. ඕනම කෙනකුට උදවු කරනවා. අසාධාරණයක් දැක්කොත් අනිවාර්යයෙන්ම කතා කරනවා.

ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද? සීරියස් හිතන කෙනෙක්ද?
ගොඩාක්ම සීරියස් නැහැ. සාමාන්‍ය විධියට දරුවන්ගේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. ඉස්සර හිටිය විධිය එක්ක බලනකොට දැන් එයාට තැනක් ලැබිලා තියෙනවා. ලොකු බලාපොරොත්තු නැහැ. නමුත් සාමාන්‍ය විධියට ජීවත් වෙනවා.

ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවාද?
පාසල් යන කාලේ හිටපු තත්ත්වෙයි දැන් ඉන්න තත්ත්වෙයි එක්ක බලද්දී අනිවාර්යයෙන්ම ගොඩක් සතුටු වෙනවා.

දුක හිතුණාම ඔහු?
ගොඩාක් දුක හිතුණොත් එයා අඬනවා. ඒත් ඉතින් මාත් එක්ක විතරයි.

සතුටු හිතුණාම?
කෑ ගහලා හිනා වෙනවා. නටනවා. විහිළු කරනවා.

තරහ ගියාම?
ඒ වෙලාවට නම් ටිකක් වෙනස්.

ඔහු වැඩිපුරම යන්න කැමැති තැන්?
අනුරාධපුරේ සහ මුහුදු වෙරළට යන්න කැමැතියි.

ඔහු වැඩිපුරම ආදරේ කාටද?
දරුවො දෙන්නට තමයි.

ඔහුට නැතිවම බැරි අය කවුද?
දරුවො දෙන්නයි මමයි තමයි.

මොන වගේ විලාසිතා කරන්නද කැමැති?
ගොඩක් සැහැල්ලු ඇඳුම්වලට තමයි කැමැති.

ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය?
එයා කරපු ගීත ප්‍රසිද්ධ වෙලා රූපවාහිනියෙ යනකොට සතුටුයි.

ඔහු ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය?
අසාධාරණයකට උදවු කරන්න ගිහින් රණ්ඩු වෙලා පොලිසි එහෙම යන්න වුණා. ඒක තමයි අහන්න ලැබුණු නරක ආරංචිය.

අපි ඔහු ගැන නොදන්න රහස්?
එයාට ඕනම සංගීත භාණ්ඩයක් පොඩ්ඩක් හරි වාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ එයා ඒ දේවල් ඉගෙන ගෙන නෙවෙයි. ඒත් එයාට ඒ දේවල් කරන්න පුළුවනි. එයාට හොඳට දුවන්න, ෆුට්බෝල්, කරාතේ වගේ දේවල් කරන්න පුළුවන්.

ඔහු වැඩිපුරම සතුටු වුණ දවස?
මම හිතන්නෙ පුතා ලැබුණ දවසෙ.

ඔහු ජීවිතයේ ජය ගත්ත දේවල්?
එයාගෙ හැකියාව නිසාම ලංකාවේ ජනප්‍රිය බෑන්ඩ් එකකට යන්න පුළුවන් වුණා.

ජීවිතයේ ප්‍රධාන තැනක් දෙන දේවල්?
පවුලට තමයි. එයාගෙ හැමදේම වැය කරන්නෙ පවුල වෙනුවෙන්.

විනෝදාංශ
ගිටාර් වාදනය කරනවා. ව්‍යායාම කරන්නත් ගොඩක් කැමැතියි. සින්දු අහනවා.

ඔහුගේ ගීත අතරින් ඔබ කැමැතිම ගීතය?
‘පුංචි සමනලී’

එයට කැමැති වෙන්න විශේෂ හේතුවක් තියෙනවාද?
එයා මුලින්ම කරපු ගීතය නිසා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top