Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
කාලයක් තායිලන්තයේ කෝකියකු සහ වේටර්වරයකු ලෙස සේවය කළ ආක්ෂේට කොරෝනා නිසා ලැබුණු නිවාඩුව

- කාලයක් තායිලන්තයේ කෝකියකු සහ වේටර්වරයකු ලෙස සේවය කළ ආක්ෂේට කොරෝනා නිසා ලැබුණු නිවාඩුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,138 Views
ආක්ෂේ කුමාර් සහ ඔහුගේ බිරිය ට්වින්කල් ඛන්නා පෙනී සිටින අපූරු ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගෙන තිබුණා. මෙම ඡායාරූපය පළවී තිබුණේ ට්වින්කල්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙයි. මේ ගැන විශාල අවධානයක් යොමු වුණේ එය මේ දිනවල ප්‍රධානම මාතෘකාව වී ඇති කොරෝනා වෛරසයටද සම්බන්ධ සේයාරුවක් නිසයි.

නව කොරෝනා වෛරසයේ පැතිරීම නිසා මේ වෙද්දී ඉන්දියාවේ බොලිවුඩ් සිනමාවටද ලොකු බලපෑමක් එල්ල වී තිබෙන බව රහසක් නොවෙයි. සිනමාශාලාද වසා දමා ඇති බව වාර්තා වුණා. වසංගතය හේතුවෙන් බොහෝ චිත්‍රපටවල රූපගත කිරීම්ද අවලංගු කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ නිසා බොලිවුඩ් නළු නිළියන් බොහෝ දෙනකුට වැඩ නැති වූ බැවින් ඔවුන් වැඩිපුර කාලය ගත කළේ නිවෙස්වලයි.
 
ඉතා කාර්යබහුල ජීවිත ගත කරන මේ බොහෝ දෙනකුට මෙය සිය පවුල්වල සමීපතමයන් සමඟ කාලය ගත කිරීමට ලැබුණු මහඟු අවස්ථාවක් වූ බවත් පැවැසිය හැකියි. ආක්ෂේ රඟපෑමට නියමිතව සිටි චිත්‍රපට කිහිපයකද රූපගත කිරීම් අවලංගු වී තිබුණා. ඒ නිසා ඔහුටත් නිවෙසට වී ඔහුගේ බිරිය ට්වින්කල්ද, දරු දෙදෙනා වන ආරව් සහ නිතාරාද සමඟ කාලය ගත කිරීමට අවස්ථාවක් උදාවුණා. කලින් සඳහන් කළ ඡායාරූපය ආක්ෂේ සහ ට්වින්කල් මේ ආකාරයෙන් විවේක සුවයෙන් කාලය ගෙවද්දී ගන්නා ලද ඡායාරූපයක්.

ආක්ෂේ සිය පවුලට ඉතා ආදරය කරන කෙනකු හැටියටයි බොහෝ දෙනා සලකන්නේ. සැමියකු හැටියටත්, පියකු හැටියටත් ඔහු ඉතා ආදරණීය කෙනකු හැටියට සැලකෙනවා. විශේෂයෙන් ඔහු සිය බිරිය ගැන මහත් වර්ණනා මුඛයෙන් කතා කරන අන්දම නිතරම වාගේ මාධ්‍ය තුළ පළවෙනවා.
ඔවුන් දෙදෙනා විවාහ වුණේ 2001 වසරේයි. ඒ වනවිට ආක්ෂේ සිනමාවට පිවිස වසර 10ක්. ඔහු මුල් වරට චිත්‍රපටයක රඟපා තිබුණේ 1991 වසරේයි. ආක්ෂේ සිනමාවට පිවිසීමට පෙර කලක් තායිලන්තයේ කෝකියකු සහ වේටර්වරයකු ලෙස සේවය කර තිබූ බවත් සඳහන්.

කෙසේ නමුත් පසු කාලයේ නිරූපණ ශිල්පියකු ලෙස කටයුතු කිරීමෙන් පසු සිනමාවට එක් වූ ආක්ෂේ නවසිය අනූව දශකයේ රඟපෑ චිත්‍රපට හරහා බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වුණා. සුප්‍රකට නළු නිළි යුවළක වූ රාජේශ් ඛන්නා සහ ඩිම්පල් කපාඩියා දෙදෙනාගේ දියණිය වන ට්වින්කල්ද සිනමාවට පිවිසුණේ නවසිය අනූව දශකයේ මැද භාගයේයි.

මේ ආකාරයෙන් ආක්ෂේ සහ ට්වින්කල් දෙදෙනා සිනමාව තුළ කටයුතු කරමින් සිටියදී ඔවුන් අතර ප්‍රේම සම්බන්ධය ආරම්භ වූයේ 'ඉන්ටර්නැෂනල් කිලාඩි' නමැති චිත්‍රපටයේ රඟපාමින් සිටි කාලයේ බව පැවසෙනවා. එය 1999 වසරේ තිරගත වූ චිත්‍රපටයක්. කෙසේ වෙතත් ඒ වෙද්දී ආක්ෂේ ශිල්පා ෂෙට්ටි නමැති නිළිය සමඟද සම්බන්ධයක් පවත්වා ගෙන ගිය බවටත් කතාවක් තිබුණා. පසුව ශිල්පා ආක්ෂේගෙන් ඈත් වී ඇත්තේ ඔහු සහ ට්වින්කල් අතර පැවැති සම්බන්ධය ගැන දැනගැනීමෙන් අනතුරුව බවයි පැවසෙන්නේ. ශිල්පා සමඟ සම්බන්ධය පටන් ගන්නට පෙර ආක්ෂේ තවත් නිළියන් කිහිප දෙනකු සමඟම සබඳතා පවත්වා ඇති බවටත් කතන්දර තිබෙනවා. පූජා බත්‍රා, රවිනා තන්දන් වැනි අය සමඟත් ඔහු ආදර සබඳතා පැවැත් වූ බව කියනවා. රවීනා සමඟ ඔහු විවාහ වී සිටි බවටත් කටකතා පැතිරුණත් ඒවායේ සත්‍යතාව පිළිබඳව නිශ්චිතව තහවුරු වුණේ නැහැ. 1994 වසරේ අතිශයින් ජනප්‍රිය වූ 'මොහ්රා' චිත්‍රපටයේ රඟපෑ කාලයේයි ඔවුන් අතර ප්‍රේම සම්බන්ධය ගැන වැඩියෙන්ම කතාබහට ලක්වුණේ.

මේ පරණ කතන්දර කෙසේ වෙතත්, මේ වනවිට 52 වැනි වියෙහි පසුවන ආක්ෂේ සැමියකු සහ පියකු හැටියට සිය අඹුදරුවන් සමඟ සතුටින් සමාදානයෙන් කල්ගත කරන බව බොහෝ දෙනාගේ අදහසයි. ට්වින්කල් 2001 වසරේ (විවාහයෙන් පසු) සිනමා රංගනයෙන් සමුගත් අතර මේ වනවිට ගෘහ අභ්‍යන්තර අලංකරණ (Interior Design) ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධියක් දිනාගෙන සිටින බව රහසක් නොවෙයි. එමෙන්ම ලේඛිකාවක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසත් ඇය සාර්ථකත්වයක් අත් කරගෙන සිටිනවා. 2001 වසරේ සිනමාවෙන් සමුගනිද්දී ඇය ප්‍රකාශ කළේ රඟපෑමෙන් තමුන් එතරම් තෘප්තියක් නොලබන බවයි.

සනත් වික්‍රමගේ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top