චීනය කෙළින්ම චෝදනා කළේ "ඇමරිකානුවන් මේ වෛරසයේ නිර්මාතෘවරුන්" වන බවයි. අනෙක් අතට මේ චෝදනාව ප්‍රතික්ෂේප කරන ඇමරිකාව චීනය කරන මේ අභූත චෝදනාවලට එරෙහිව නඩු මඟට බහිනවා කියලත් කියනවා.
දැන් දැන්.. චීනය මේ වෛරසය මනාවට පාලනය කරන්න අරන් තියනවා වුණත්, චීනයට එහා ගිය ඇමරිකාවේ ප්‍රාන්ත 50ක්ම කොරෝනා අත්පත් කරගන්නවා. මේ වෙනකොට ලොව වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර එය 122, 666ක්.
මෙවන් තත්ත්වයක් තුළ පසුගිය දිනෙක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මාධ්‍ය සාකච්ඡාවකදී "චීන වෛරසය" ("China virus,") යන යෙදුම භාවිතා කිරීම මාධ්‍යවේදීනියකගේ ප්‍රශ්න කිරීමට ලක් වනවා. මෙම වීඩියෝව ඉපැරණි එකක් වුවත් එය නැවත ඉහළට මතුවන්නේ මොවුන් අතර ගැටුම වඩාත් ත්‍රීව කරමිනුයි.
මාධ්‍යවේදීනිය එහිදී විමසන්නේ, එය "චීන වෛරසයක්" කීමට හේතුව කුමක්ද යන්නයි.
කොහොම වුණත් මේ මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවකදීත් ට්‍රම්ප් නැවතත් කියලා තිබුණේ, "ඔවුන් මා සමඟ එකඟ වේවී ! මොකද මේක ආවේ චීනෙන්.." ලෙසයි.
කෙසේ වෙතත්, "චීන වෛරය" හෝ "වුහාන් වෛරසය" යන යෙදුම භාවිතා නොකරන ලෙස ට්‍රම්ප්ට චීනයෙන් මෙන් ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජීකයින්ගෙන්ද දැඩි බලපෑමක් එල්ලව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් විශ්වාස කරන්නේ මෙම යෙදුම චීනයට අපකීර්තියක් ඇති කරන "ජාතිකවාදී යෙදුමක්" බවයි.
"මම සෑම විටම චීන වෛරසයට ඉතා බැරුරූම් ලෙස සැලකුවා.." ට්‍රම්ප් ට්වීට් පණිවුඩයක් මඟින් එසේ පවසා තිබුණා.
එමෙන්ම ධවල මන්දිර නිලධාරින් "Kung-Flu" යන වචනය චීන ජාතිකයින් හැඳින්වීමට යොදා ගැනීමද බොහෝ පිරිසකගේ දෝෂ දර්ශණයට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් වන ට්විට් පණිවුඩ කිහිපයකින් දක්වා තිබුණේ "ඇමරිකානුවන් "Kung-Flu" ලෙසින් හැඳින්වීම ඉතා පුදුමසහගත දෙයක්" බවයි.
මේ වන විටත් ඇමරිකානු - චීන සීතල යුද්ධය කොරෝනා නිසා තව තවත් වැඩිවෙමින් පවතිනවා. චීනය ලොවක් ඉදිරියේ තමන් විසින් වෛරසය පාලනය කළ ආකාරය ගැන උදම් අනමින්, ඇමරිකාව "මෙය ආදර්ශයට ගත යුතු" බව කීමද මීට එක් හේතුවක් වුණා.
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.) VIDEO