Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
"රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා" දෙවන අදියර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක පුරා ක්‍රියාත්මක වූ හැටි, තෙවන අදියර අද - Video & Photos

- "රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා" දෙවන අදියර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක පුරා ක්‍රියාත්මක වූ හැටි, තෙවන අදියර අද - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

805 Views
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද(29) තෙවන දිනටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව, බත්තරමුල්ල, පැලවත්ත, හිරු ලයිෆ් මැදිරි සංකීර්ණය අසලින් ආරම්භ වී කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වෙත රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව ගමන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
 

පන්සලේ, පල්ලියේ, කෝවිලේ වැඩසිටින අතිපූජනීය මහා සංඝරත්නය ප්‍රධාන පූජකවරුන් සඳහා මෙන්ම, සරණක් අවැසිම වූ ළමා නිවාසවල රැදී සිටින දූ දරුවන් සහ වැඩිහිටි නිවාස වල සිටින වැඩිහිටියන් වෙනුවෙන් අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව ඔවුන් රැදී සිටින ස්ථානයටම ලබාදීමේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුවයි.

ඒ අනුව, ඔබේ ජීවිතය සහ ආරක්ෂාව අපේ වගකීමක් කර ගනිමින් හිරු සහන යාත්‍රාව රටවටා ගමන් කරනවා.

මේ දුෂ්කර මොහොතේ ඔබව තනි නොකර ඔබ වෙනුවෙන්ම කැපවීමට අප සූදානම්.

සහනයක් අවැසි ඔබේ ප්‍රදේශයේ ආගමික ස්ථාන, ළමා නිවාස සහ වැඩිහිටි නිවාසවල තොරතුරු අප වෙත ලබාදෙන ලෙසයි හිරු මාධ්‍ය ජාලය ඉල්ලා සිටින්නේ.

0773 035 926, 0773 939 209 දුරකථන අංකවලින් එම තොරතුරු දැනුම් දිය හැකියි.

රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා පළමු අදියර පසුගිය 27 වනදා ක්‍රියාත්මක කෙරුන අතර, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (28) දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරුනේ අපේම ජනතාව වෙනුවෙන්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top