Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
කොළඹ, කළුතර, ගම්පහ සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට පැය අටකට ලිහිල් කෙරේ - කොරෝනා නිසා ඇඳිරි නීතිය වෙනස් වෙන්නෙ මෙහෙමයි

- කොළඹ, කළුතර, ගම්පහ සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට පැය අටකට ලිහිල් කෙරේ - කොරෝනා නිසා ඇඳිරි නීතිය වෙනස් වෙන්නෙ මෙහෙමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,951 Views
මහනුවර - අකුරණ සහ පුත්තලම - කඩයන්කුලම ගම්මානයේ කොටසක් වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.
 
ඒ, කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙකු බැගින් වාර්තාවීමත් සමඟයි.

මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
 
ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, ගම්පහ, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දීර්ඝ කිරීමටයි මීට පෙර රජය පියවර ගනු ලැබුවේ.
 
අනෙකුත් දිස්ත්‍රික්කවලට හෙට උදෑසන හයට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන අතර, එය පස්වරු දෙකට යළි පැනවීමට නියමිතයි.
 
මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාවේදී එය උල්ලංඝනය කළ පුද්ගලයින් 6041 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පසුගිය 20 වන දා දහවල් 12 සිට අද පෙරවරු 6 දක්වා ගත වූ කාලසීමාව තුළදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
 
එමෙන්ම, ඇඳිරි නීතිය උල්ලංගණය කළ වාහන 1477ක් ද එම කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top