Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
තවත් රෝගීන් දෙදෙනෙකු තහවුරු වෙයි - මෙරට COVID 19 ආසාදිත සංඛ්‍යාව 115 දක්වා ඉහළට

- තවත් රෝගීන් දෙදෙනෙකු තහවුරු වෙයි - මෙරට COVID 19 ආසාදිත සංඛ්‍යාව 115 දක්වා ඉහළටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,019 Views
ඊයේ දිනයේදී පමණක් 9ක් හඳුනාගෙන..
9 දෙනෙකු සුවය ලබා පිටව ගිහින්..
බ්‍රිතාන්‍යයේ ලාංකිකයින් දෙදෙනෙක්ම මිය ගිය බවට තොරතුරු...

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් පස්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 115 දෙනෙකු මෙරටින් වාර්තා වන අතර, ඊයේ දිනයේදී අලුතින් හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9 ක්.

තහවුරු වූ රෝගීන් අතරින්, 9 දෙනෙකු මේ වනවිට සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පදිංචිව සිටි වයස අවුරුදු 60ක පමණ ශ්‍රී ලාංකිකයෙකුද කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු එංගලන්තයේ ලන්ඩන් නුවර ෆෙල්තැම් ප්‍රදේශයේ පදිංචිව සිටි බවයි අනාවරණ වන්නේ.

කෙසේ වෙතත් ලන්ඩන් නුවර හිරු වාර්තාකරු ජනක අලහප්පෙරුම කියා සිටියේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top