Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
"මගේ ලොකු දුව අසනීපෙන් ඉදලා අන්ත්‍රා වුණා.මම මළ ගෙදරට ගොඩ වුණේවත් නැහැ" - සමස්ථ ජාතියේම අනාගතය වෙනුවෙන් යුතුකම අකුරටම ඉටුකරන ශ්‍රේෂ්ඨ පියෙක් ගැන සංවේදී කතාවක් - Video

- "මගේ ලොකු දුව අසනීපෙන් ඉදලා අන්ත්‍රා වුණා.මම මළ ගෙදරට ගොඩ වුණේවත් නැහැ" - සමස්ථ ජාතියේම අනාගතය වෙනුවෙන් යුතුකම අකුරටම ඉටුකරන ශ්‍රේෂ්ඨ පියෙක් ගැන සංවේදී කතාවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,265 Views
හැමදෙනාම කරන කැප කිරීම අපතේ නොයවා රැක ගැනීමයි මගේත් වගකීම
එයා ටුවරිස්ලා එක්ක වැඩකරන හින්දා දවස් 14 ක් වෙනම ගෙදරක නැවතිලා ඉන්නවා
 
විදෙස් ගතව සිට මෙරටට පැමිණි පිරිස් සහ සංචාරකයන් ඇසුරු කළ අය නිරෝධායනයට ලක්විය යුතු බවට බලධාරීන් කොතෙකුත් දැනුවත් කළත් අදටත් ඇතැම් පිරිසක් සැඟව සිටිනවා.
 
ඒ රටේත් ජාතියෙත් අනාගතයට ආදරයක් නොමැති මිනිසුන් ලෙසින්.
 
නමුත් තමන්ගේ යුතුකම අකුරටම කළ ශ්‍රේෂ්ඨ පියෙක් පිළිබඳවයි මේ කතාව.

අවිස්සාවේල්ල ඇස්වත්ත ප්‍ර දේශයේ පදිංචි වෘත්තියෙන් සංචාරක බස් රථ රියදුරෙකු වන නිරෝෂ් මංජුල මහතා පසුගිය 24 වෙනිදා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා.
 
ඒ සිය නිවස අසළ පිහිටි ඔහුට අයත් තවත් නිවසකදීයි.
 
මේ අතරතුර ඊයේ දිනයේදී  ඔහුගේ වැඩිමහල් දියණිය හදිසියේ ජීවන ගමනෙන් සමුගත්තේ අසනීප තත්ත්වයක් හේතුවෙන්.
 
රටේත් ජාතියේත් අවශ්‍යතාව සලකා තමන්ට කොවිඩ් 19 වෛරසය අසාධනය වී නොතිබුණත් දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින මේ පියා අද තම දියණියගේ අවමංගල්‍ය උත්සවයටවත් සහභාගී වූයේ නැහැ.
 
නිරෝෂ් මංජුල පැවසුවේ මෙවැන්නක්
 
මගේ ලොකු දුව අසනීපෙන් ඉදලා අන්ත්‍රා වුණා.මම මළ ගෙදරට ගොඩ වුණේවත් නැහැ. මගේ දරුවා බලන්න.මගේ දරුවා නැති වුණා.නමුත් සමස්ථ මානුෂීය වර්ගයා වෙනුවෙන් මම ස්වයං නිරෝධායනයට ලක්වෙලා වෙනම ගෙදරක ඉන්නේ.වෛද්‍යවරුත් සෞඛ්‍ය කේෂත්‍රෙය් සියලු දෙනාමත් රණවිරුවනුත් කරන කැප කිරීම අපතේ නොයවා රැක ගැනීමයි මගේත් වගකීම.මම මගේ සමස්ත ජාතියේම වගකීම ඉටුකරන්න මගේ දුවගේ මළ ගෙදරවත් මම ගියේ නැහැ.
 
නිරෝධායනයට බියෙන් තම තොරතුරු වසන් කර කොවිඩ් 19 වෛරසය රට පුරා පතුරුවන ඇතැමුන් තවමත් සැඟව සිටිද්දී මේ පියා තමාගේ  යුතුකම ඉටු කරන්නේ සමස්ථ ජාතියේම අනාගතය වෙනුවෙන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top