Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
මාරාන්තික කොවිඩ් 19 වෛරසය ඉන්දියාවේ වීදී පුරා හොල්මන් කරන හැටි මෙන්න - Photos

- මාරාන්තික කොවිඩ් 19 වෛරසය ඉන්දියාවේ වීදී පුරා හොල්මන් කරන හැටි මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,874 Views
මාරාන්තික කොවිඩ් 19 හෙවත්, නව කොරෝනා වෛසරය ආසාදනය වීමෙන් මේ වනවිට පුද්ගලයින් 27,677 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
අදාළ වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 607,239 ක් වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන් පුද්ගලයින් 134,288 දෙනෙකු සුවය ලබා ඇති බව ද සදහන්.
 
මෙය ලෝක වසංගත තත්ත්වයක් වන බැවින් ලොව බොහෝ රටවල් ප්‍රමාණයක් Lockdown කිරීමට පියවර ගනු ලැබුවා.
 
පසුගිය සතියේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පියවර ගනු ලැබුවේ, දින 21 ක් රට සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි.
 
කෙසේ වෙතත් මේ වනවිට ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර වාර්තා වන ආසාධිතයින්ගේ සංඛ්‍යාව 944 ක්.
 
මේ අතර ආරක්ෂක අංශවල නියෝග නොතකා මාර්ගයේ ගමන් කළ බොහෝ පිරිස් වෙත ඉන්දිය පොලිසිය විසින් පහර දෙන ආකාරයේ විඩියෝ හා ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංස්සරණය වුණා.
 
එය ඉතා අමානුෂිය ක්‍රියාවක් බවයි, බොහෝ සමාජ ක්‍රියාකාරීන් කියා සිටියේ.
 
කෙසේ වෙතත්, ඉන්දියාවේ තමිල්නාඩු පොලිසිය විසින් ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් භාවිත කර තිබුණා.
 
එමගින් වෛරසය ආසාදනය වීමේ ඇති, ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද ජනතාව දැනුවත් කර තිබු බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කළේ.
 
පොලිස් නිලධාරීන් විසින්, කොරෝනා වෛරසය මෙන් හිස් ආවාරණ පැළද ජනතාව වෙත ගොස් කොවිඩ් 19 රෝගය ව්‍යාප්ත වන ආකාරය දැනුවත් කර තිබුණා.
 
මෙම හිස් ආවාරණය, තමිල්නාඩුවේ චිත්‍රශිල්පියෙකු විසින් ගෞතම් විසින් නිර්මාණය ඇති බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top