Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
චීනයේ කොරෝනා බිය මැද මතු වූ ඩයිනෝසර බිත්තර

- චීනයේ කොරෝනා බිය මැද මතු වූ ඩයිනෝසර බිත්තරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49,117 Views
විස්මයජනක අන්දමින් සුරැකී තිබුණු ඩයනෝසර බිත්තර තුනක් චීනයෙන් හමුවී ඇති අතර ඔවුන්ද වත්මන් පක්ෂීන් මෙන්ම බිත්තර රකින සත්ත්ව කොටසක් බව එයින් අනාවරණය වී තිබේ.

ජර්මන් පර්යේෂක කණ්ඩායමක් පොසිලකරණය වී තිබුණු එම බිත්තරවල ඩයිනෝසර කලල වෙත න්‍යුට්‍රෝන අංශු යෙදීමෙන් ඒවා පිළිබඳ අධ්‍යයනයක යෙදුණහ.

ඩයිනෝසරයන්ගේ පරිණාමික ක්‍රියාවලිය අනුව ඔවුන් එම බිත්තර විවිධ අවස්ථාවලදී දමා ඇති බව මෙන්ම ඒවා රැකීමේදී ඩයනෝසරයන් ක්‍රියාත්මක වී ඇත්තේ වත්මන් පක්ෂීන් හා කිඹුලන් ඔවුන්ගේ බිත්තර රැකීමේදී අනුගමනය කරන පිළිවෙළම බවත් එම අධ්‍යයනයේදී අනාවරණය විය.
 
“ඔවිරැප්ටොරිඩ්ස්” (Oviraptorids) යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ඩයනෝසරයන් වසර මිලියන 88ත් 66ත් අතර කාලයකට පෙර පැවැති, “පූර්ව ක්‍රිටේසියස්” යුගයේදී මධ්‍යම සිටි බවත් එකල ඉතා කුඩාවට සිටි ඔවුන් පසුව කෙමෙන් මිනිසුන්ගේ ශරීර ප්‍රමාණයට වැඩුණු බවත් අධ්‍යයනයෙන් හෙළි විය.

න්‍යුට්‍රෝන අංශු
 
න්‍යුට්‍රෝන, පරමාණුවක අඩංගු එක් කොටසකි. එය උදාසීන ආරෝපණයෙන් (Neutralcharge) යුක්තය.

සියලු භෞතික ද්‍රව්‍ය අධ්‍යයනය සඳහා අත්‍යවශ්‍ය අසාමාන්‍ය ශක්තියක් එහි අඩංගුව තිබේ. න්‍යුටෝනයෙහි විදුලි ආරෝපණය නොවන හෙයින් එය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ආවරණය සමඟ ප්‍රතික්‍රියා නොකරන නමුත් ඒ වෙනුවට එය පරමාණුවේ කේන්ද්‍රීය න්‍යෂ්ටික සමඟ ප්‍රතික්‍රියාකාරී වෙයි.

න්‍යුට්‍රෝන අංශු විනාශකාරී නොවන අතර කවරම ඝන ද්‍රව්‍යයක වුවද අභ්‍යන්තර අධ්‍යයනයට ඉඩ සලසමින් එතුළට කිදා බැසීමේ ශක්තියද ඊට තිබේ.

භූවිද්‍යාත්මක නියැදි, බලශක්ති නිෂ්පාදන ශක්තියෙන් යුත් නවතම ද්‍රව්‍ය, පරිසරයට බලපාන රසායන ද්‍රව්‍ය හා බහු අවයව සහිත ජීවීන්ද පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයන සඳහාද න්‍යුට්‍රෝන යොදා ගත හැකිය.
 
ඩයනෝසරයන්ගේ ජීව විද්‍යානුකූල ප්‍රජනන ක්‍රියාවලිය අනුව ඔවුන්ට හිමි විය යුත්තේ වත්මන් කිබුලන් හා සියොතුන් අතර කිසියම් තැනක් යැයි විද්‍යාඥයෝ අදහස් කරති.

ඩයනෝසර පැටවුන්, වත්මන් කිඹුලන්ගේ පැටවුන් මෙන් බිත්තරවලින් එක් වරම බිහි වන්නේද, නැතහොත් වත්මන් කුරලු පැටවුන් මෙන් බිත්තරවලින් වරින්වර බිහිවන්නේද යන්න අවිනිශ්චිතය.

වසර මිලියන 67ක් පැරැණි පොසිලීකෘත බිත්තර කුමන් කටුවල ඇතුළත ඝනත්වයත් එම කටුවල ව්‍යුහයත් පදනම් කොටගෙන ඒ පිළිබඳ අධ්‍යයනයක යෙදුණු විද්‍යාඥයෝ එම බිත්තර වත්මන් කුරුල්ලන්ගේ බිත්තරවලට වඩාත් සමාන යැයි නිගමනය කළහ.

එම බිත්තර, තමන්ට ගල් කුළකින් හමුවී අධ්‍යයනයට භාජන කළ බිත්තරවලට වඩා බෙහෙවින් වෙනස් යැයි එම අධ්‍යයනයේ සම කතුවරයකු වූ ආචාර්ය ත්සූ රුවේයි යැං “ඉන්ටෙගේ‍ර්ටිව් බ්ර්ගනිස්වල බයොලොජි” (Integrotive Organizmal Biology) ප්‍රකාශනයෙහි පළවිය.

චීනයේ ගැන්ෂෝම් නිම්නයෙන් හමු වුණු එක් එක් බිත්තරය දිගින් අඟල් 7ක් (සෙ.මී. 18) වූ අතර ඒ සියල්ලම ඩිනොසර ගැහැනු සතකු විසින් එක්වරම දමන ලද ඒවා යැයි විද්‍යාඥයන් මුලදී අනුමාන කළහ.

එහෙත් ඒ එක් එක් බිත්තරය තුළ වූ කලලයේ වර්ධනය අනුව තහවුරු වන්නේ එම බිත්තර ඩයනෝසර ධේනුන් තුන් දෙනකු විසින් අවස්ථා තුනකදී දමන ලද බව යැයි ආචාර්ය යෑං ප්‍රකාශ කළේය. කලලයේ අස්ථි කොටස් එකිනෙකට සම්බන්ධ වීමෙන් මුළු ඇටසැකිල්ල නිර්මාණය වන අන්දමද කලලයේ අනුක්‍රමික වර්ධනයේදී දැකගත හැකිය.
 
හමුවුණු ඩයිනෝසර බිත්තර තුනෙන් එකක් අනෙක් දෙකට කලින් දමන ලදැයි කලලවල අස්ථි කොටස්වල හා පිහිටීම නිරීක්ෂණය කළ පර්යේෂකයෝ නිගමනය කළහ.

වර්ධනය වන කලලය එහි කෙමෙන් වර්ධනය වන ඇටසැකිල්ල ශක්තිමත් කර ගැනීම සඳහා බිත්තරයේ කටුවෙන් කැල්සියම් අවශෝෂණය කර ගන්නා හෙයින් බිත්තරයේ කටුව තුනී වන තරමට කලලයේ වර්ධනය උසස් වෙයි.

බිත්තර තුනෙන් එකක කලලය අනෙක් දෙකේ කලලවලට වඩා වර්ධනය අතින් පහළ තත්ත්වයක පැවැති බව එම තුනෙන් වඩා පරණ සේ පෙනුණු බිත්තරය අනෙක් දෙක සමඟ සැසඳීමේදී පර්යේෂකයන්ට පෙනිණි.

මෙම බිත්තර එකම අවස්ථාවකදී දමන ලද නමුත් ඒවා රැකීමෙන් මෝරා ඇත්තේ එකිනෙකට වෙනස් අවස්ථාවලදී බවද තහවුරු විය.

ඩයනෝසරයන්ගේ ප්‍රජනන විද්‍යානුකූල සාධක වත්මන් කිඹුලන්ට අදාළ එම සාධකවලට වඩා වත්මන් පක්ෂීන්ට අදාළ එම සාධකවලට සමාන බව ඒ අනුව විද්‍යාඥයා් නිගමනය කළහ.
 
ජර්මනියේ බොන් විශ්වවිද්‍යාලයේ පාෂාණ ධාතු විද්‍යාඥයෝ, මෙම බිත්තර තුළ අස්ථි කොටස්වල පිහිටීම නිගමනය කරනු පිණිස ආයතනයේම ක්‍ෂුද්‍ර පරිගණක විකිරණ, රේඛන එක්ස්-කිරණ උපයෝගී කර ගත්හ. එම තාක්ෂණය අනුව භෞතික ඉලක්කයක් වෙත විහිදුවනු ලබන එක්ස්-කිරණ මඟින් එම ඉලක්කයේ සවිස්තරාත්මක ත්‍රිමාන නියැදියක් නිර්මාණය වන නමුත් එයින්ම පමණක් විද්‍යාඥයන්ගේ අරමුණු ඉටු නොවීය.

එහෙයින් ඔවුහු ඩයනෝසර බිත්තර ම්‍යුනිම්හි තාක්ෂණ විශ්වවිද්‍යාලයේ න්‍යුට්‍රෝන මූලාශ පර්යේෂණ ආයතනයට රැගෙන ගියහ. එහිදී උපයෝගී කර ගැනුණු තාක්ෂණ ශිල්පීන් ක්‍රමවේදය අනුව බිත්තරවල අභ්‍යන්තර ව්‍යුහයේ විස්තරාත්මක විස්තර දැක ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ.

ඉතා දීර්ඝ කාලයකට පෙර මොංගෝලියාව හා චීනයද ඇතුළු මධ්‍යම ආසියාවෙහි සැරිසරමින් සිට මිහිමතින් අතුරුදන් වූ ඩයනෝසරයන්ගේ ජීවිත වෙත මෙම බිත්තර තුන ඔස්සේ තවත් එක් පියවරකින් සමීප වීමට විද්‍යාඥයනට හැකිවී තිබේ.
 
ඔවීරැප්මොරිඩ්ස්
 
ඔවීරැප්මොරිඩ්ස් යනු සිහින් ගාත්‍රාද එකිනෙකින් ග්‍රහණය වුණු දෑත් සහ මැනවින් කැපී පෙනෙන ලොකු හිසක් සහිත ඩයනෝසරයන් කණ්ඩායමකි. ඔවුන්ගේ සිරුරු දිගින් අඩි 3ත් 6ත් අතර විය. මැනැවින් ආරක්ෂා වී තිබුණු ඉතාම පැරැණි නිදර්ශන මෙතෙක් හමුවී ඇත්තේ ඩයනෝසරයන් සම්බන්ධයෙන් පමණකි.

ඔවීරැප්ටෝරිඩ්ස් ගණයට ඇයත් ඩයනෝසරයන්ගේ ඇටසැකිලි ඔවුන් විසින් තනන ලද කූඩු මතම තිබී හමුවී ඇති අතර ඔවුන් එම කූඩු රැකීමෙහි යෙදී සිටියදී හදිසියේ හටගත් වැලි කුණාටුවකට හසු වීමෙන් මියගොස් ඇති බව එයින් නිගමනය කළ හැකි යැයි විද්‍යාඥයෝ කියති.

ඔවුන් මධ්‍යම ආසියාවෙහි විසූ යුගය “පූර්ව ක්‍රිටේසියස්” යනුවෙන් හැඳින්වෙයි. එය අවුරුදු මිලියන 88ත් මිලියන 66ත් අතර කාලයකට පෙර පැවැති යුගයකි.
 
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top