ජාත්‍යන්තරය ජය ගත් සංගීත කණ්ඩායමක් වන ‘ජයශ්‍රී’ සිය ස්වයං නිරෝධායන කාලය සාර්ථකව නිම කර තිබෙනවා.
රෝහිත ජයලත්, රොහාන් ජයලත් නිවුන් සොයුරන් පසුගිය දින කිහිපය තුළ, නාත්තන්ඩියේදී ස්වයං නිරෝධායන ක්‍රියාවලියට එක් වුණා.
මේ බව ඔවුන් එහි පිහිටි නිවසේ සිට සජීවී වීඩියෝවක් හරහායි මුළු රටටම තමන් අදාළ නිරෝධායනයකට යොමුව ඇති බවයි කියා සිටියේ.
'' ඊයේ අපේ හිතවත් PHI මහත්තුරු අපේ ස්වයං නිරෝධන කාලය වැඩියෙනුත් කරලා අවසන් නිසා අපේ සුවය බලා, ලියකියවිලි අපිට ලබා දුන්නා. අපි එයාලා එක්ක එකතුව අපේ එදා මුලින්ම දුන්නු FB Live පණිවුඩය වයිරල් ගිහින්, නිවුස් වලත් ගිහින් ගොඩාක් අය දැනුවත්වෙලා නිරෝධායනයට එකතු වීම ගැනත් අපිට ස්තුතිකලා! සෙල්ෆියකුත් ප්‍රවේසමට ගත්තා... දැන් බක බක ගාන්න එපා මාස්ක් නැහැ කියලා " යනුවෙන් ද ඔවුන් සිය ෆේස්බුක් හි සටහනක් ද තබා තිබුණා.